ඉෂා සලාතයෙන් පසු කථා කිරීම සහ එක් රැස්වීම මක්රූහ් වේ.(පිළිකුලට අයත් ක්‍රියාවකි -.
අබූ බර්සා අල් අස්ලමි රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃනබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඉෂා සලාතය ප්‍රමාද කිරීමට කැමැත්ත දක්වා ඇත.තවද එයට පෙර නිදා ගැනීම සහ එයට පසු කථා කිරීම පිළිකුල් කර ඇත. (ග්‍රන්ථයඃ බුහාරි 599 මුස්ලිම් 647-
තහනම් කරනු ලැබූ කථාව ප්‍රයෝජනයක් නොමැති කථාවයි.යමක් දැන ගන්නා විෂය සම්බන්ද මෙන්ම මුස්ලිම්වරුන්ගේ සුබසාධනය උදෙසා වන කතා මෙන් අමුත්තන් සමග මෙන්ම පවුලේ අය සමග කථා කිරීමෙහි වරදක් නැත.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
අ- උමර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් අබූ බක්ර් රලියල්ලාහු අන්හු සමග මුස්ලිම්වරුන්ගේ කරුණු පිළිබඳ රාත්‍රියෙහි කථා කරමින් සිටින අවස්ථාවල මාද ඔවුන්ව සිටින්නෙමි.(අහ්මද් 178 තිරිමිදී 169 ඉමාම් අල්බානි ඉබ්නු බාස් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය අස්සහීහා 2781-
ආ- ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃනබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- රාත්‍රි සලාතය කෙසේ තිබේදැයි බැලීම සඳහා නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- මයිමුනා රලියල්ලාහු අන්හා සමග සිටිය දී මා ඇයගේ නිවසෙහි නැවතුනෙමි.
නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සිය බිරිය සමග මඳ වේලාවක් කථා කරමින් සිට පසුව නිදා ගත්තෝය (ග්‍රන්ථයඃ බුහාරි 7452 මුස්ලිම් 763-
මෙය මක්රූහ් වීමට හේතුව එමගින් නිදා ගැනීම ප්‍රමාද විය හැකිය.එමනිසා ඔහුට ෆජ්ර් සලාතය ඉටු කිරීම හෝ එය නියම වේලාවට ඉටු කිරීම අතපසු විය හැකිය.ඔහු රාත්‍රි සලාතය ඉටු කරන්නෙක් නම් එයද වරදින්නට පුඑවන්ය.එක් දැන්වීමක ෆජ්ර් වන තුරු නිදා ගෙන රාත්‍රි සලාතය සඳහා නොනැගිට පුද්ගලයා පිළිබඳ අප්‍රසන්නව කථා කළහ.නබිතුමානන්ට ෆජ්ර් වන තෙක් නිදා ගත් පුද්ගලයෙකු ගැන කී විට ෂයිතාන් විසින් කනෙහි මූත්‍රා කරනු ලැබූ පුද්ගලයා මොහුය යැයි පැවසූහ.(ග්‍රන්ථයඃ බුහාරි 1144 මුස්ලිම් 744-
කථා කිරීම තහනම් කරන ලද්දේ එය අනවශ්‍ය නම් පමණි. එමනිසා ඔහුට ෆජ්ර් සලාතය ඉටු කිරීම හෝ එය නියම වේලාවට ඉටු කිරීම අතපසු විය හැකිය.ඔහු රාත්‍රි සලාතය ඉටු කරන්නෙක් නම් එයද වරදින්නට හැකිය.මෙම නිසා උමර් බින් කත්තාබි රලියල්ලාහු අන්හු රාත්‍රියේ අවදිව රාත්‍රිය ගතකිරීම වළක්වූහ.අද මිනිසුන් අතර මෙයද පැතිරී ඇත.යමෙකු රාත්‍රියේ පළමු කොටසේ අවදිව සිටින්නේද අවසානයේ ඔහුට නිදා ගැනීමට සිඳූවෙවි.යනුවෙන්.(අබිඳූර්රස්සාක් මුසන්නෆයේ සදහන් කරයි. 1/561-