languageIcon
search
search
brightness_1 ඉෂා සලාතයෙන් පසු කථා කිරීම සහ එක් රැස්වීම මක්රූහ් වේ.(පිළිකුලට අයත් ක්‍රියාවකි -.

අබූ බර්සා අල් අස්ලමි  රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃනබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  ඉෂා සලාතය ප්‍රමාද කිරීමට කැමැත්ත දක්වා ඇත.තවද එයට පෙර නිදා ගැනීම සහ එයට පසු කථා කිරීම පිළිකුල් කර ඇත. (ග්‍රන්ථයඃ බුහාරි 599 මුස්ලිම් 647-

තහනම් කරනු ලැබූ කථාව ප්‍රයෝජනයක් නොමැති කථාවයි.යමක් දැන ගන්නා විෂය සම්බන්ද මෙන්ම මුස්ලිම්වරුන්ගේ සුබසාධනය උදෙසා වන කතා මෙන් අමුත්තන් සමග මෙන්ම පවුලේ අය සමග කථා කිරීමෙහි වරදක් නැත.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

අ- උමර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් අබූ බක්ර් රලියල්ලාහු අන්හු සමග මුස්ලිම්වරුන්ගේ කරුණු පිළිබඳ රාත්‍රියෙහි කථා කරමින් සිටින අවස්ථාවල මාද ඔවුන්ව සිටින්නෙමි.(අහ්මද් 178 තිරිමිදී 169 ඉමාම් අල්බානි ඉබ්නු බාස් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය අස්සහීහා 2781-

ආ- ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃනබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- රාත්‍රි සලාතය කෙසේ තිබේදැයි බැලීම සඳහා නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- මයිමුනා රලියල්ලාහු අන්හා සමග සිටිය දී මා ඇයගේ නිවසෙහි නැවතුනෙමි.

නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සිය බිරිය සමග මඳ වේලාවක් කථා කරමින් සිට පසුව නිදා ගත්තෝය (ග්‍රන්ථයඃ බුහාරි 7452 මුස්ලිම් 763-

මෙය මක්රූහ් වීමට හේතුව එමගින් නිදා ගැනීම ප්‍රමාද විය හැකිය.එමනිසා ඔහුට ෆජ්ර් සලාතය ඉටු කිරීම හෝ එය නියම වේලාවට ඉටු කිරීම අතපසු විය හැකිය.ඔහු රාත්‍රි සලාතය ඉටු කරන්නෙක් නම් එයද වරදින්නට පුඑවන්ය.එක් දැන්වීමක ෆජ්ර් වන තුරු නිදා ගෙන රාත්‍රි සලාතය සඳහා නොනැගිට පුද්ගලයා පිළිබඳ අප්‍රසන්නව කථා කළහ.නබිතුමානන්ට ෆජ්ර් වන තෙක් නිදා ගත් පුද්ගලයෙකු ගැන කී විට ෂයිතාන් විසින් කනෙහි මූත්‍රා කරනු ලැබූ පුද්ගලයා මොහුය යැයි පැවසූහ.(ග්‍රන්ථයඃ බුහාරි 1144 මුස්ලිම් 744-

කථා කිරීම තහනම් කරන ලද්දේ එය අනවශ්‍ය නම් පමණි. එමනිසා ඔහුට ෆජ්ර් සලාතය ඉටු කිරීම හෝ එය නියම වේලාවට ඉටු කිරීම අතපසු විය හැකිය.ඔහු රාත්‍රි සලාතය ඉටු කරන්නෙක් නම් එයද වරදින්නට හැකිය.මෙම නිසා උමර් බින් කත්තාබි රලියල්ලාහු අන්හු රාත්‍රියේ අවදිව  රාත්‍රිය ගතකිරීම වළක්වූහ.අද මිනිසුන් අතර මෙයද පැතිරී ඇත.යමෙකු රාත්‍රියේ පළමු කොටසේ අවදිව සිටින්නේද අවසානයේ ඔහුට නිදා ගැනීමට සිඳූවෙවි.යනුවෙන්.(අබිඳූර්රස්සාක් මුසන්නෆයේ සදහන් කරයි. 1/561-

brightness_1 මිනිසුන්ට (මංමූන්ට- අපහසුතාවයක් නැති නම් ඉෂා සලාතය පමා කිරීම හොඳය

දෙවෙනි කරුණ මිනිසුන්ට (මංමූන්ට- අපහසුතාවයක් නැති නම් ඉෂා සලාතය පමා කිරීම හොඳය

එබැවින් ඉෂා සලාතය එහි අවසාන මොහොත දක්වා පමා කිරීම උචිතය. මෙහි  දී අන් අයගේ පහසුවද සැලකිල්ලට ගත යුතුයි.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

අ- ආයිෂා තුමිය මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් එක් රාත්‍රියක එහි බොහෝ වේලාවන් ගතවී මස්ඡිදයේ සිටින්නන් නිදා ගන්නා තෙක් ඉෂා සලාතය පමා කළෝය.පසුව සලාතය ඉටු කර මාගේ උම්මතයට (සමූහයින්ට- අපහසුතාවයක් නැති නම් එහි වේලාව මෙයයි යැයි පැවසූහ. (ග්‍රන්ථයඃ මුස්ලිම් 638-

ආ-ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඇතැම් අවස්ථාවල එය ප්‍රමාධ කරන අතර තවත් අවස්ථාවල එය කලින්ම ඉටු කරති.සහාබාවරුන් සියඵ දෙනාම එක් වී සිටියහොත් එවිට එතුමන් කලින්ම ඉටු කරන අතර එසේ එක් වී නොතුබනහොත් පමා කරන්නෝය. (ග්‍රන්ථයඃ බුහාරි 565 මුස්ලිම් 646-

ඇ- මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ මාගේ උම්මතයට-සමූහයාය- අපහසු නොවන්නේ නම් ඉෂා සලාතය රාත්‍රියේ තුනෙන් එකක් හෝ අඩක් ගත වන තුරු එය ප්‍රමාධ කරන මෙන් මම ඔවුන්ට අණ කරනු ඇත (ග්‍රන්ථය තිර්මිදී 167 ඉබ්නු මාජා 691 මෙම දැන්වීම හසන් යැයි ඉමාම් තිර්මිදී පවසන අතර අල්බානි පවස්නේ මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය සහීහුල් ජාමිආ 939/2-

එබැවින් ජමාත් වශයෙන් සලාත් ඉටු නොකරන ස්ත්‍රීන්ට මෙය අපහසුතාවයක් නැතිනම් සුන්නතයක් වේ.එමෙන්ම ගමනේ යෙදී සිට්න්නන්ටද මෙය අපහසුතාවයක් නැතිනම් සුන්නතයක් වේ.