ඉතා උචිත වේලාව කුමක්ද
විත්ර් සලාතයේ හෝරාව ඉෂා සලාතය ඉටු කිරීමේ සිට ෆජ්ර් දක්වා වන වේලාවයි. ?
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්තුමානන් ඉෂා සලාතය ඉටු කර අවසන් වූ වේලාව පටන් ෆජ්ර් වන තෙක් වන හෝරාවෙහි රකඅත් 11 ක් ඉටු කරති. සෑම දෙකකින් අවාසනයේ සලාම් දී අවසාන රකඅත එකක් ඉටු කළහ. (ග්‍රන්ථය බුහාරි 2031 මුස්ලිම් 736-
ආයිෂා තුමිය මෙසේ දන්වයිඃ රාත්‍රියේ ඕනෑම කොටසක මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් විත්ර් සලාතය ඉටු කර ඇත.එනම් රාත්‍රියේ ආරම්භ කොටස මධ්‍යම කොටස මෙන්ම අවසාන කොටස ආÈයෙහි විත්ර් ඉටු කර ඇත. එතුමන්ගේ විත්ර් සලාතයේ අවසාන වේලාව සහර් වේලාවයි.(ග්‍රන්ථය බුහාරි 996 මුස්ලිම් 745-
ඉබ්නුල් මුන්දිර් රහ්මතුල්ලා මෙසේ පවසයිඃ ඉෂා සලාතය සහ ෆජ්ර් සලාතය අතර තිබෙන ඕනෑම වේලාවක විත්ර් ඉටු කළ හැකිය යන මතයෙහි විද්වතුන් ඒකමතික වෙති (ග්‍රන්ථය අල් ඉජ්මා 45-
එහෙත් විත්ර් සලාතය සඳහා වන වඩාත්ම උචිත වේලාව නම් රාත්‍රිය තුනට බෙදා එහි සිව්වන හෝ පස් වන කොටසයි.
නමුත් විත්ර් සලාතය සඳහා වන වඩාත්ම උචිත වේලාව නම් රාත්‍රිය තුනට බෙදා එහි සිව්වන හෝ පස් වන කොටසයි.පසුව අවසාන කොටසෙහි මඳක් සැතපිය යුතුය.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ අල්ලාහ්ට ඉතා ප්‍රියතම උපවාසය වක්තෘ දාවුද්ගේ උපවාසය. අල්ලාහ්ට ඉතා ප්‍රියතම සලාතය වක්තෘ දාවුද්ගේ සලාතයයි. නබි දාවුද් රාත්‍රියෙහි අඩක් නිදා ගත්හ.තුනෙන් කොටසක් සලාතයේ යෙදෙති. පසුව හයෙන් කොටසක් නැවත නිදා ගනිති. ඔහු එක් දිනක් උපවාසය රකින අතර තවත් දිනක උපවාස නොකළේය. (ග්‍රන්ථය බුහාරි 3420 මුස්ලිම් 1159-
ආයිෂා තුමිය මෙසේ දන්වයිඃ රාත්‍රියේ ඕනෑම කොටසක මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් විත්ර් සලාතය ඉටු කර ඇත.එනම් රාත්‍රියේ ආරම්භ කොටස මධ්‍යම කොටස මෙන්ම අවසාන කොටස ආÈයෙහි විත්ර් ඉටු කර ඇත. එතුමන්ගේ විත්ර් සලාතයේ අවසාන වේලාව සහර් වේලාවයි.(ග්‍රන්ථය බුහාරි 996 මුස්ලිම් 745-
යමෙතකු මෙම හදීසය අනුව ක්‍රියා කිරීම ප්‍රිය කරන්නේ නම් කෙසේ රාත්‍රිය බෙදා ගත යුතුද?
සූර්්‍යයා බැස ගිය වේලාව සිට ෆජ්ර් උදාවන තෙක් වන කාලය 6 කට බෙදා එහි පළමු කොටස් තුනෙහි නිදාගෙන 4 හා 5 වෙනි කොටස්වල සලාතය ඉටු කළ යුතුය.නැවත්ත 6 වෙනි කොටසේ නිදා ගත යුතුය. ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ පවසයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන්ගේ සහර් වේලාව එළඹෙන්නේ එතුමන් නිදා සිටින විටමය.(ග්‍රන්ථය බුහාරි 1133 මුස්ලිම් 742-.
මෙසේ කිරීම මගින් මුස්ලිම්වරයෙකුට රාත්‍රි කාල සලාතයේ යෝග්‍යතම වේලාව ලබා ගත හැකිය.අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හු හදීසයේ සදහන් පරිදිය.
මෙම වේලාවෙහි ඉබාදත් කළ විට අල්ලාහ් පහළ අහසට පැමිණි අවස්ථාව කෙනෙකු ලබා ගත්තේ යැයි ගත හැකිද?
පිළිතුරඃ ඔව්" රාත්‍රිය හයට බෙදා ගන්නා කෙනෙකු එහි පස්වෙනි කොටසේ එම අවස්ථාව අත් කර ගනු ඇත. එනම් යම් කෙනෙකු රාත්‍රිය 6 කට බෙදූ වේ නම් එහි පළමු හා දෙවෙනි කොටස් අයත් වන්නේ එම රාත්‍රිය තුනට බෙදූවොත් එහි පළමු කොටසටය.හයට බෙදීමෙන් එන 4 හා 5 වන් කොටස අයත් වන්නේ එම රාත්‍රිය තුනට බෙදූවොත් එහි දෙවෙනි කොටසටය.හයට බෙදූවොත් ලැබෙන 5 හා 6 කොටස අයත් වන්නේ එම රාත්‍රිය තුනට බෙදූවොත් එහි ඇති තුන්වන කොටසටය.අල්ලාහ් පහළ අහසට එන හෝරාව මෙයයි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඉහත වක්තෘ දාවුද් සම්බන්ධ අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හුගේ හදීස් දැන්වීමෙහි පැහැදිලි කළේ මෙම වේලාවයි.එහි අල්ලාහ්ට ඉතා ප්‍රියතම සලාතය වක්තෘ දාවුද්ගේ සලාතයයි. නබි දාවුද් රාත්‍රියෙහි අඩක් නිදා ගත්හ.තුනෙන් කොටසක් සලාතයේ යෙදෙති. පසුව හයෙන් කොටසක් නැවත නිදා ගනිති.(ග්‍රන්ථය බුහාරි 3420 මුස්ලිම් 1159-රාත්‍රියේ අවසාන කොටස තමා ඉතා උචිත වේලාව මෙහි අල්ලාහ් ඔහුට ගැළපෙන ආකාරව පහළ අහසට එන හෝරාව මෙයයි.තවද ඉහත සදහන් හදීසයන් සියල්ල පිළිපදින පරිදි යමෙකුට මෙය කිzයාත්මක කිරීමට අසීරුතාවයක දෙවනි උචිත වේලාවෙහි ක්‍රියා කරයි.එය රාතිzයේ අවසාන කොටසය.
කෙසේ වෙතත් විත්ර් සඳහා උචිත වේලාවන් තුනක් ඇත.
පළමු වේලාව පළමු භාගය නිදා ගෙන පසුව රාත්‍රියෙන් තුනෙන් කොටසක් ඉබාදත් කර හයෙන් කොටසක් නැවත නිදා ගැනීම.
ඉහත සඳහන් වූ අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හුගේ හදීසයෙහි මෙය පැහැදිලි කර ඇත.
දෙවෙනි වේලාව රාත්‍රියෙහි තුනට බෙදා එහි අවසාන කොටසෙහි සලාතය ඉටු කිරීම.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූහුරෙයිරා රලියල්ලාහු අන්හු දන්වයිඃ සෑම රාත්‍රියකම තුනෙන් බෙදා එහි අවසාන කොටසෙහි පහළ අහසට අල්ලාහ් පැමිණ මාගෙන් ප්‍රාර්ථනා කරන්නේකු සිටියි නම් මා ඔහුට පිලිතුරු දෙමි. මාගෙන් යමක් අසන්නෙකු සිටියේ නම් මා ඔහුට එය දෙන්නෙමි. මාගෙන් සමාව අයÈන්නෙකු සිටියේ නම් මම ඔහුට සමාව දෙමි. (ග්‍රන්ථය බුහාරි 1145 මුස්ලිම් 758-එසේම ඡාබ්ර් රලියල්ලාහු අන්හු තුමාගේ හදිසයද පසුව සදහන් වේ.
කෙනෙකු රාත්‍රියෙහි අවසානයේ තමා අවදි වන්නේ නැත යැයි සිතයි නම් දැන් විස්තර කරන්නට යන වේලාව සුදූසු ඔහුටය.
තුන්වන වේලාව රාත්‍රියේ පළමු කොටසේ හෝ ඔහුට හැකි වෙනත් කොටසක සලාතය ඉටු කිරීමයි.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃකවුරුන් රාත්‍රියේ අවසාන කොටසෙහි අවදි වීමට නොහැකි යැයි සිතන්නේද ඔහු රාත්‍රියේ පළමු කොටසේම විත්ර්ය ඉටු කරත්වා. කවුරුන් රාත්‍රියෙහි අවසාන කොටසෙහි අවÈ වීම ප්‍රිය කරන්නේද ඔහු රාත්‍රියේ අවසාන කොටසේම විත්ර්ය ඉටු කරත්වා.නිශ්චය වශයෙන්ම රාත්‍රියේ අවසාන කොටසේ ඉටු කරන සලාතය සාක්ෂි කරණු ලැබුවකි. තවද එය ඉතා ශ්‍රේෂ්ඨය. (ග්‍රන්ථය මුස්ලිම් 755-
අබූදර් රලියල්ලාහු අන්හුට මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් කළ උපදෙස් තුනෙන් එකක් නම් නිදා ගැනීමට පෙර විත්ර් සලාතය ඉටු කරන්න යන්නයි. (ග්‍රන්ථය නසාඊ අස්සුනනුල් කුබ්රා 2712"මෙය අල්බානි තුමා මෙය නිවරදි හදීසයක් යනුවෙන් සදහන් කරයි.(අස්සහීහ් 2166-"අබූ දර්දා.අහ්මද් තුමා සදහන් කරයි(27481-"අබූ දාවුද්(1433-"මෙය අල්බානි තුමා මෙය නිවරදි හදීසයක් යනුවෙන් සදහන් කරයි.(අස්සහීහ් අබූදාවුද් (1775-"අබූ හුරයිරා රලියල්ලාහු අන්හු"(ග්‍රන්ථය මුස්ලිම් 737-"සියල්ලන්ම පවසන්නේ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මට උපදෙස් තුනක් කළාය තුනෙන් එකක් නම් නිදා ගැනීමට පෙර විත්ර් සලාතය ඉටු කරන්න යන්නයි.
ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රමළාන් කාලවල හෝ අනෙක් කාලවල රකඅත් 11 ට වඩා විත්ර්ය වැඩි කළේ නැත. (ග්‍රන්ථය බුහාරි 1147 මුස්ලිම් 738-
තවත් දැන්වීම්වල මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රකඅත් 13 ක් ඉටු කළ බවද සඳහන් වී ඇත. ආයිෂා රලියල්ලාහු අන්හා තුමියගෙන් මුස්ලිමෙහි සදහන් පරිදි.
ආයිෂා තුමිය මෙසේ දන්වයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියෙහි රකඅත් 13 ක් ඉටු කරන අතර එයින් රකඅත් 5 ක් විත්ර්ය හැටියට ඉටු කරති.එහි අවසාන රකඅතයෙහි පමණක් එතුමන් කෂහ්හුද් සඳහා වාඩු වූයේ.(ග්‍රන්ථය මුස්ලිම් 737-
ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් එම රාත්‍රියෙහි ඉටු කිරීමෙන් පසු නිදා ගත්තේය.(ග්‍රන්ථය බුහාරි 698 මුස්ලිම් 763-
මෙයින් පැහැදිලි වන්නේ-අල්ලාහුම සියඵ දේ දනිති-. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් විත්ර්ය ඉටු කර ඇති බවයි. එසේ වුවද එතුමන් වැඩියෙන්ම ඉටු කර ඇත්තේ රකඅත් 11 ක් වන අතර ඇතැම් අවස්ථාවල පමණක් 13 ක් ඉටු කර ඇත. අපද මෙසේ කිරීම මගින් සෑම හදීසයක් අනුවම ඉබාදත් කළවුන් විය හැකිය.
ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රි සලාතය ආරම්භ කරන විට මෙම දූආව පාරායණය කරතිඃ අල්ලාහුම්ම රබ්බ ඡිබ්රීල වමීකාඊල වඉස්රාෆීල ෆාතිරස්සමාවාති වල් අර්ලි ආලිමල් ගයිබි වෂ්ෂහාදති අන්ත තහුකුමු බයින ඉබාදික ෆී මා කානූ ෆීහි යහ්තලිෆූන් ඉහ්දිනි ලිමහ්තුලිෆ ෆීහි මිනල් හක්කි බිඉද්නික ඉන්නක තහ්දී මන්තෂාඋ ඉලා සිරාතිම්මුස් තකීම් (ග්‍රන්ථය මුස්ලිම් 770-
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් තහජ්ජද් සලාතයෙහි පහත සඳහන් දූආව පාරායණය කරයි යැයි ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු දන්වයිඃ අල්ලාහුම්ම ලකල් හම්දූ අන්ත නූරුස්සමාවාති වල් අර්ලි වලකල් හම්දූ අන්ත කය්යිමුස්සමාවාති වල් අර්ලි වලකල් හම්දූ අන්ත රබ්බුස්සමාවාති වල් අර්ලි වමන් ෆීහින්න අන්තල් හක්කු වවහ්දූකල් හක්කු වකව්ලූකල් හක්කු වලිකාඋකල් හක්කු වල්ජන්නතු හක්කුන් වන්නාරු හක්කුන් වන්නබිය්යූන හක්කුන් වස්සාඅතු හක්කුන් අල්ලාහුම්ම ලක අස්ලම්තු වබික ආමන්තු වඅලෙයික තවක්කල්තු වඉලයික අනබ්තු වබික හාසම්තු වඉලෙයික හාකම්තු ෆග්ෆිර්ලී මා කද්දම්තු වමා අහ්හර්තු වමා අස්රර්තු වමා අඅලන්තු අන්ත ඉලාහි ලාඉලාහ ඉල්ලා අන්ත (ග්‍රන්ථය බුහාරි 7499 මුස්ලිම් 768-
සන්සුන් ලෙසින් පාරායණය කළ යුතුය
වැකියන් නවත නවතා පාරායණය කළ යුතුය
තස්බීහ්-අල්ලාහ්ව ප්‍රශංසා කරන- සහිත වැකි පාරායණය කරන විට අල්ලාහ්ව තස්බීහ් කළ යුතුය.යමක් ඉල්ලා සිටින වැකි පාරායණය කරන විට එම කරුණ අයැද සිටිය යුතුය.යමකින් ආරක්ෂාව පතන වැකි පැමිණි විට එයින් ආරක්ෂාව ඉල්ලා සිටිය යුතුය.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
හුදයිෆා රලියල්ලාහු අන්හු තුමන් නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමා සමග රාත්‍රි සලාතය කර ඒ ගැන විස්තර කරන විට ඔහු මෙසේ පැවසුවේය.නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියක සලාතය ආරම්භ කර එහි සූරතුල් බකරාව පාරායනය කර ආයතයන් සියයක් හමාරවූ විට මා මෙහි එතුමා රුකු කරයි කියා සිතුමි.නමුත් එතුමා දෙසියත් හමාර විමෙන් පසුවත් එතුමා රුකු කරයි කියා සිතුමි නමුත් එතුමා සූරතුල් බකරාව මුඵමනින්ම පාරායනය කර හමාර විමෙන් පසුව තමා රුකු කළේය.තවද එතුමානන් තස්බීහ් සහිත වැකි පාරායණය කර විට අල්ලාහ්ව තස්බීහ් කළහ.යමක් ඉල්ලා සිටින වැකි පාරායණය කරන විට එම කරුණ අයැදිති. යමකින් ආරක්ෂාව පතන වැකි පැමිණි විට එයින් ආරක්ෂාව ඉල්ලා සිටී.පසුව ඔහු රුකූහ් කළේය. රුකූව කියාමයට සමාන විය.එහි සුබ්හාන රබ්බියල් අලීම් යනුවෙන් පැවසූහ.එයින් නැගිට අවස්ඵාවෙ-සම්අල්ලාහු ලිමන් හමිදා- යනුවෙන් පැවසූහ"කියාමයද රුකූවට සමාන විය.එහි සිට සුඡූදය කර එහි සුබ්හාන රබ්බියල් අංලා යනුව පාරයනය කළේය.තවද සුඡූදය කියාමයට සමානව තිබුනි.(ග්‍රන්ථය මුස්ලිම් 772-
උම්මු සලමා රලියල්ලාහු අන්හුගෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ පාරායණය කෙසේ වීදැයි අසන ලදී.එතුමන් සෑම වැකියක් අතරම බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම් අල්හම්දූ ලිල්ලාහි රබ්බිල් ආලමීන් අර්රහ්මානිර් රහීම්.ආදී වශයෙන්ය. (ග්‍රන්ථය අහ්මද් 26583"දාර කුත්නි 118 ඉමාම්"නවවී මෙය සහීහ් හදීසයක් යැයි පවසයි ග්‍රන්ථය අල් මජ්මූ 333"3-
ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ කෙනෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් හමුවට පැමිණ රාත්‍රි සලාතය කෙසේදැයි ඇසුවේය. එයට මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රි සලාතය රකඅත් දෙක දෙක බැගින්ය.ෆජ්ර් වේලාව එළඹි ඇත යැයි ඔබ සිතුවා නම් එක් රකඅතයක් විත්ර් ඉටු කරන්න (ග්‍රන්ථය බුහාරි 990 මුස්ලිම් 749-
රකඅත් දෙක දෙක බැගින්ය.දෙකෙන් පසුව සලාම් දීම"තවද රකඅත් 4 ක් එකට එකතු කළ නොයුතුය.
ආයිෂා රලියල්ලාහු තුමිය මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඉෂා සලාතය ඉටු කර අවසන් වූ වේලාව පටන් ෆජ්ර් වන තෙක් වන හෝරාවෙහි රකඅත් 11 ක් ඉටු කරති. සෑම රකඅත් දෙකක් අවාසනයේ සලාම් දී අවසාන රකඅත එකක් ලෙස ඉටු කළහ.(ග්‍රන්ථය බුහාරි 6310 මුස්ලිම් 736-
පළමු රකඅතයේ සබ්බිහිඉස්මද දෙවෙනි රකඅතයේ කුල්‍යා අය්යුහල් කාෆිරූන්ද තෙවන රකඅතයෙහි කුල්හුවල්ලාහු අහද් සූරාවද පාරායණය කළ යුතුය.
පහත සඳහන් හදස් මෙය සනාථ කරයි
උබෙයි ඉබ්නු කඅබ් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් විත්ර් සලාතයෙහි පළමු රකඅතයේ සබ්බිහ්සිමද දෙවෙනි රකඅතයේ කුල්‍යා අය්යුහල් කාෆිරූන්ද තෙවන රකඅතයෙහි කුල්හුවල්ලාහු අහද් සූරාවද පාරායණය කරති.(ග්‍රන්ථය අබූදාවුද් 1423 නසාඊ 1733 ඉබ්නු මාජා 1171 ඉමාම් නවවී සහ අල්බානි මෙය සහීහ් හÈසයක් යැයි පවසති-.
කුනූත් යනු දූආ ප්‍රාර්ථනාවයි. සුරතුල් ඉක්ලාසය පාරායණය කරන අවසාන රකඅතය මෙය විය යුතුයි.
විත්ර් සලාතයෙහි කුනූත් පාරායණය කිරීම ඇතැම් වේලාවක මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් කර තිබෙන අතර තවත් වේලාවනවල අත් හැරද ඇත. ෂේහුල් ඉස්ලාම් ඉබ්නු තය්මියා රහ්මතුල්ලාගේ මතයද මෙයයි.නමුත් බොහෝ විට කුනූත් පාරායණය කරනවාට වඩා නොකර සිටීම වැඩි විය යුතුයි.
මෙයට හේතුව නම් මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන්ගේ විත්ර් සලාතය පැහැදිලි කරන දැන්වීම් ආයිෂා තුමිය උම්මු සලමා ඉබ්නු අබ්බාස් හුදෙයිෆා ඉබ්නු මසූද් රලියල්ලාහු අන්හුම් අය විසින් ලබා දී ඇත.එම කිසිම දැන්වීමක මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් විත්ර් සලාතයේ කුනූත් පාරායණය කළ බවක් සඳහන් වී නොමැත.තවද ආයිෂා තුමිය රලියල්ලාහු අන්හා තුමිය මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් සමග ඡීවත් වූ අතර එතුමිය මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් විත්ර් සලාතයේ කුනූත් පාරායණය කළ බවක් සඳහන් කර නොමැත.
එනමුත් විත්ර්හි කුනූත් පාරායණය කිරීම සනාථ වී ඇත්තේ සාහාබවරුන්ගේ ක්‍රියාව මගිනි.අතාගෙන් කුනූත් ගැන අසනු ලැබූ විට සහාබාවරුන් එය කළෝය යැයි ඔහු කීය.තවද උමර් ඉබ්නු හත්තාබ් රලියල්ලාහු අන්හුමා කුනූත් පාරායණය කළ බවද අහ්මද් අබූ දාවුද් සහ තිර්මිදී ආදි ග්‍රන්ථවල සඳහන් වී ඇත. ඉබ්නු උමර් කුනූත් පාරායණය කළේ යැයි ඉබ්නු අබී ෂයිබා ග්‍රන්ථයේ සඳහන්ය.
මෙයින් පැහැදිලි වන්නේ-අල්ලාහ් සියඵ දේ දනිති - කුනූත් යනු පුඵුල් විෂයයක් බවයි. එය රුකූවට පෙර මෙන්ම පසුව පසුවත් පාරායණය කළ හැකිය. ඉමාම් බුහාරි සිය හදීස් ග්‍රන්ථයේ රුකූවට පෙර හා පසුව කුනූත් පාරායණය කිරීමේ පාඩම යැයි මාතෘකාවක්ම ඇතුල් කර ඇත. නමුත් බහුතරයක් හදීස්වල සඳහන් වන්නේ රුකූවෙන් පසුව ඇති කුනූත් ගැනයි. ඉමාම් අහ්මද් මෙසේ පවසයිඃ රුකූවලින් පසු කුනූත් කීම මට ඉතා ප්‍රියජනකය. (ග්‍රන්ථය මසාඉලූ අහ්මද් 100/1-.මෙම නිසා කුනූතය සතු සුන්තය වන්නෙ එය මාරුවෙන් මාරුවට පිළිපැදීමයි.
විත්ර් සලාතයේ ඇති කුනූත් සමයෙහි අත් දෙකම එසවිය යුතුදය
නිවැරදි පිළිතුර නම් අත් දෙක එසවිය යුතුය යන්නයි.බහුතරයක් වියතුන්ගේ මතය මෙයයි.උමර් රලියල්ලාහු අන්හු මෙසේ කර ඇත යැයි බයිහකී ග්‍රන්ථයේ සඳහන් වී ඇත.
ඉමාම් බයිහකී රහිමහුල්ලා මෙසේ පවසයිඃ සහාබාවරුන්ගේ බොහෝ දෙනෙකු ඔවුන්ගේ අත් ඔසවා ඇත.(ග්‍රන්ථය සුනනුල් කුබ්රා 211/2-
කුනූතයෙහි කුමක් පාරායණය කළ යුතුද
නිවැරදි පිළිතුර නම් අල්ලාහ්ව ප්‍රශංසා කර මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට සලවාත් පවසා පසුව දූආ ප්‍රාර්ථනා කළ යුතුය. දූආව පිලිගනු ගැනීමේ හොඳම මග මෙයයි.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
ෆුලාලා ඉබ්නු උබෙයිද් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට සලවාතය නොපවසා කෙනෙකු දූආ ප්‍රාර්ථනා කරනු නබි තුමාට ඇසුන.එවිට මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් මොහු හදිසි විය යැයි පවසා ඔහුව අමතා ඔහුටද අන් අයටද මෙසේ කීහඃ ඔබගෙන් කෙනෙකු ප්‍රාර්ථනා කරන විට අල්ලාහ්ට ප්‍රශංසා කිරීම මගින් ආරම්භ කරන්න.පසුව ඔහු නබිතුමන් කෙරෙහි සලවාත් පවසා පසුව ඔහු පතන දෙය ඉල්ලා සිටිය හැකිය.(ග්‍රන්ථය තිර්මිදී 3477 මෙය හසන් සහීහ් හදීසයක් ඉමාම් තිර්මිදී පවසයි-.
ඉබ්නුල් කය්යුම් රහිමහුල්ලා මෙසේ පවසයිඃ ප්‍රාර්ථනා කරන්නෙකු අල්ලාහ්ට ප්‍රශංසා කර පසුව ඔහුගේ අවශ්‍යතාවයන් ඉල්ලා සිටිය යුතුය.(ග්‍රන්ථය අල්වාබිලූස් සය්යිබු 110-
කුනූත් පාරායණය කිරීමේ පසු දෙඅතින් මුහුණ පිරිමැදිය යුතුද?
නිවැරදි පිළිතුර නම් දෙඅතින් මුහුණ පිරිමැදීම සුන්නත් නොවේ.මන්දයත් මෙයට සහය දක්වන සහීහ් හදස් දැන්වීමක් නොමැත.
ඉමාම් මාලික්රහිමහුල්ලාහට ප්‍රාර්ථනා කිරීමෙන් පසු මුහුණ පිරිමදින කෙනෙකු ගැන කියන ලද විට ඉමාම්වරයා එය ප්‍රතික්ෂේප කර මෙය ගැන මා නොදනිමි යැයි කීය.(ග්‍රන්ථය කිතාබුල් විත්ර් මර්වසී 236-
මරූසි රහිමහුල්ලා අහ්මද් ගැන අබූ දාවුද් මෙසේ පවසයිඃයනුවෙන් පවසයා එයද මෙයයි ප්‍රාර්ථනා කිරීමෙන් පසු මුහුණ පිරිමදින කෙනෙකු ගැන කියන ලද විට ඉමාම්වරයා එය මෙය ගැන මා නොදනිමි යැයි කීය. අහ්මද් මෙසේ නොකරනු මා දැක ඇත.මෙය සම්පන්ධ කිසිදූ හදීසයක් මට හමු නොවුනි.
ඉමාම් බයිහකී රහිමහුල්ලා මෙසේ පවසයිඃ දූආ අවසන් වීමෙන් පසු දෙඅත් මගින් මුහුණ පිරිමැදීම සම්බන්ධ කිසිදූ හදීස් දැන්වීමක් පෙර විද්වතුන්ගෙන් මා මතකයේ රඳවා ගෙන නොමැත. කුනූත් නොවද දූආවෙහි මෙසේ කිරීම සම්බන්ධ දූර්වල හදීස් දැන්වීම් ඇති අතර ඇතැම් විද්වතුන් මෙය අනුව මෙම ක්‍රියාව සලාතය හැර වෙනත් ක්‍රියාවෙහි කරති.සලාතයේ එසේ කිරීම නුසුදූසුය.එබැවින් පෙර ව්ද්වතුන් කළ දේ පමණක් කිරීම ඉතා උචිතය. (ග්‍රන්ථය අස්සුනන් 212"2-
ෂේහුල් ඉස්ලාම් රහිමහුල්ලා පවසයිඃ දෙඅත් මගින් මුහුණ පිරිමැදීම සම්බන්ධව එක් දැන්වීමක් හෝ දැන්වීම් දෙකක් පමණ ඇත.නමුත් මෙය එම ක්‍රියාව සුන්නාහ් යැයි ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොවේ. (ග්‍රන්ථය අල් ෆතාවා 519"22-
ප්‍රාර්ථනා කිරීම කුනූත් සමයෙහි කිරීම සෑහේ.මන්ද යත් මෙම වේලාව දූආ පිලිගනු ලබන හා අල්ලාහ් පහළ අහසට පැමිණෙන වේලාවයි. මෙම වේලාව දූආ කළේ නැතිනම් මෙම වේලාව දූආ ප්‍රාර්ථනා කරයි.මන්ද අල්ලාහ් සෑම රාත්‍රියකම තුනෙන් බෙදා එහි අවසාන කොටසෙහි පහළ අහසට අල්ලාහ් පැමිණ මාගෙන් ප්‍රාර්ථනා කරන්නේකු සිටියි නම් මා ඔහුට පිලිතුරු දෙමි.මගෙන් යමක් අසන්නෙකු සිටියි නම් මා ඔහුට එය දෙන්නෙමි. මාගෙන් සමාව අයදින්නෙකු සිටියි නම් මම ඔහුට සමව දෙමි.(ග්‍රන්ථය බුහාරි 1145 මුස්ලිම් 758-
පහත සඳහන් හදිස් මෙය සනාථ කරයි
උබෙයි ඉබ්නු කඅබ් රලියල්ලාහු අන්හු දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් විත්ර් සලාතයේ සබ්බිහිස්ම"කුල් යා අය්යුහල් කාෆිරූන් සහ කුල්හුවල්ලාහ් යන සූරා තුන පාරායණය කළේය’ එතුමන් සලාම් දීමෙන් පසු සුබහානල් මලිකිල් කුද්දූස් යැයි තුන් වරක් පවසති. (ග්‍රන්ථය නසාඊ 1702- ඉමාම් අල්බානී රහිමහුල්ලා මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. අබ්දූර්රහ්මාන් ඉබ්නු අබ්සා මෙසේ පවසයිඃමුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් සුබහානල් මලිකිල් කුද්දූස් තුන්වන වතාවට පවසන විට ශබ්දය වැඩි කරයි. (ග්‍රන්ථය අහ්මද් 15354 නසාඊ 1734-(ඉමාම් අල්බානී මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය තහ්කීකුල් මිෂ්කාත් 398"1-
පුරුෂයා නිවැසියන්ව අවදි කළ යුතුය.ස්ත්‍රිය පළමුවෙන් අවදි වුවහොත් ඇය අන් අයව අවදි කළ යුතුය.යහපත සඳහා එකිනෙකාට උදව් කිරීම යනු මෙයයි.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
ආයිෂා රලියල්ලාහු තුමිය දන්වයි නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රිය පුරාම සලාත් ඉටු කරති. මා ඔහු සහ කිබ්ලාව අතර හරස් කර නිදාගෙන සිටිමි. ඔහු විත්ර් ඉටු කිරීමට ආරම්භ කරන විට ඔහු මාව ඇහැර වනු ඇත.(ග්‍රන්ථය බුහාරි 512 මුස්ලිම් 512-
උම්මු සලමා රලියල්ලාහු අන්හා තුමිය පවසයි දිනක් නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් (සලාතය සඳහා- අවදි වී මෙසේ පැවසුවේය අල්ලාහ් සුවිශුද්ධයි (අල්ලාහ්ගේ ගබඩාවෙන්- කුමක් පහල කරනු ලැබී තිබේද. වියසයන්ගෙන් කුමක් පහල වී තිබේද. නිවැසියන් සලාතය ඉටු කිරීම සඳහා ඔවුන්ව අවදි කරන්නේ කවුරුන්ද? ලොවෙහි වස්ත්‍ර ඇති බොහෝ ස්ත්‍රීන් ආකිරවේ නිර්වත් වෙති.(ග්‍රන්ථය බුහාරි 6218-
රමලාන් මාසෙහි අවසාන දහයෙහි මෙය තවත් උචිත වනු ඇත.
සිට ගැන සලාතය කිරීම මගින් තමාට යම් අපහසු තාවයක් ඇති වන්නේ නම් ඔහු ඉඳගෙන් සලාතය ඉටු කළ යුතුයි
අනස් රලියල්ලාහු අන්හු දන්වයි වරක් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මස්ඡිදයට ඇතුලූ වූ විට එහි කනු දෙකක අතර එක් කඹයක් ගැට ගසනු නබි තුමානන් දූටුවේය. මෙය සයිනබ් රලියල්ලාහු අන්හා තුමිය වෙනුවෙන්ය. එය සලාතය ඉටු කරන විට ඇයට මහන්සි බව හෝ කම්මැලි බව දැනුනේ නම් එය අල්ලා ගනි. එයට මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් එය ගලවා දමන්න.ඇයට මහන්සි බව හෝ කම්මැලි බව දැනුනේ නම් ඔහු ඉඳගෙන් සලාතය ඉටු කළ යුතුයි.යැයි පැවසුවේය. (ග්‍රන්ථය බුහාරි 1150 මුස්ලිම් 784-
නිදිමතක් දැනුනේ නම් මදක් නිදාගත ගැන පසුව සලාතය ඉටු කළ යුතුයි
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය දන්වයි යමෙකු සලාතය ඉටු කරන විට ඔහුට නිදිමත දැනුනේ නම් නිදිමත යනතෙක් ඔහු මදක් නිදාගත යුතුයි. ඇදයත් ඔබගෙන් කෙනෙකු නිදිමතින් සලාතය ඉටු කරන විට ඔහු තමාට ඉස්තිග්ෆාර් කරනා යැයි සිතයින් තමාටම බැනිය හැකිය. (ග්‍රන්ථය බුහාරි 212 මුස්ලිම් 786-
එමෙන්ම නිදිමතක් සමගම කුර්ආන් පාරායනයද කළ නොයුතුයි. මෙවැනි අවස්තාවලදී මදක් නිදා ගැනීම සුන්නත් වේ.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරයිරා දන්වයි ග්‍රන්ථය ඔබගෙන් කෙනෙකු රාත්‍රියෙහි අවදි වී සලාතය ඉටු කරන විට (නිදිමත කාරනාවෙන්- ඔහුට කුර්ආනය පැහැදිලිව පාරායනය කිරීමට නොහැකි වී තමා කියවන්නේ කුමක් දැයි ඔහු නොදන්නේ නම් ඔහු හාන්සි විය යුතුයි. (ග්‍රන්ථය මුස්ලිම් 787-
යමෙකුට රකආත් තුනත් විත්ර් ඉටු කරන පුරුද්දක් තිබී යම් කාරනාවකින් ඔහුට එය අතපසු වුයේ නම් ඔහු එය පසුවදා දහවලේ රකආත් හතරක් හැටියට කලා කළ යුතුයි.යමෙකුට රකආත් පහක් විත්ර් ඉටු කරන පුරුද්දක් තිබී යම් කාරනාවකින් ඔහුට එය අතපසු වුයේ නම් ඔහු එය පසුවදා දහවලේ රකආත් හයක් හැටියට කලා කළ යුතුයි.ඇයිදයත් නබි තුමානන්ගේ විත්ර් රකආත් එකොලහ ඔහුට අතපසු වූවේ නම් ඔහු එය කලා කරන විට රකආත් දොලහක් ලෙස කලා කරති යැයි ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය දන්වා ඇත. (ග්‍රන්ථය මුස්ලිම් 746-