languageIcon
search
search
brightness_1 මුඅද්දින්ට පිළිතුරු දීම.

අදානය අසන සෑම කෙනෙකුම මුඅද්දින් කියන වචනයම නැවත පැවසිය යුතුයි.එනමුත් හයිය අලස් සලාහ් සහ හයිය අලල් ෆලාහ් යැයි ඔහු පවසන විට ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්  යැයි පැවසිය යුතුයි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පවසනු තමා ඇසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් ආස් රලියල්ලාහු අන්හුමා පවසයි. ඔබට මුඅස්සින්ගේ අදානය ඇසුනේ නම් ඔහු පවසන දේම ඔබත් පවසන්න.(ග්‍රන්ථය මුස්ලිම් 384" අදානයට කෙසේ පිළිතුරු දිය යුතු යැයි විස්තරාත්මකව මුස්ලිම්හි අංක 385 සඳහන්ව ඇත-.

ඉබ්නු කය්යිම් රහිමහුල්ලා මෙසේ පවසයිඃඅදානයේ මුඅද්දින් පවසන සෑම චනයක්ම එලෙසින්ම අසන්නාද පැවසයි නමුත් හයිය අලස් සලාහ් සහ හයිය අලල් ෆලාහ් යැයි ඔහු පවසන විට  ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්  යැයි පැවසිය යුතුය යැයි නිර්දේශ කර ඇතෙ. හයිය අලස් සලාහ් සහ හයිය අලල් ෆලාහ් යනු ඇරෙයුමක් හෙයිනි.එය පිළිගැනීමේ භාග්‍යය ප්‍රදානය කළ යුත්තේ අල්ලාහ්ය හා එයට අප ශක්තිය නොලබනු යනු මෙහි අදහසයි (ග්‍රන්තය සාදූල් මආද් 392/2-

ෆජ්ර් අදානයෙහි අස්සලාතු හයිරුම් මිනන් නවුම් යැයි පවසන විටද එයම නැවත අසන්නන්ද කිව යුතුය.

මුහම්මද් ඉබ්නු ඉබ්‍රාහීම් රහිමහුල්ලාහ් මෙසේ පවසයිඃ ඔබට මුඅද්දින්ගේ අදානය ඇසුනේ නම් ඔහු පවසන දේම ඔබත් පවසන්න යන නිර්දේශය අස්සලාතු හයිරුම් මිනන්නවුම් යන්නටත් අදාලය.(ග්‍රන්ථය ඔහුගේ ෆත්වා පොතෙහි 135/2 සඳහන්ය-

ඉබ්නු හජර් රහිමහුල්ලා මෙසේ පවසයිඃ කුර්ආනයට නිහඩව සවන් යොමා සිටින්නන් සේම අදානයට  නිහඩව සවන් යොමා සිටින මෙන්ට දන්වා ඇත.( ග්‍රන්ථය,අල් ෆතාහ් 611-

brightness_1 අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.

මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හුමා මෙසේ දන්වයිඃඔබට මුඅද්දින්ගේ අදානය ඇසුනේ නම් ඔහු පවසන දේම ඔබත් පවසන්න.පසුව මා හට සලවාත් පවසන්න.කවුරුන් මට එක සලවාතයක් පවස්නේද ඔහුට අල්ලාහේ සලවාත් 10 ක් පවසනු ඇත. පසුව මා වෙනුවෙන් වසීලා අයදින්න. එය එක් ගැත්තෙකුට පමණක් ස්වර්ගයේ දෙනු ලබන තනතුරකි.එම ගැත්තා මා වීම මම ප්‍රිය කරමි. කවුරුන් මා වෙනුවෙන් වසීලා ඉල්ලා සිටින්නේද ඔහුට මගේ ෂෆාඅතය අනිවාර් වෙයි. (ග්‍රන්ථය මුස්ලිම් 384-

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හුමා මෙසේ දන්වයිඃඔබට මුඅද්දින්ගේ අදානය ඇසුනේ නම් ඔහු පවසන දේම ඔබත් පවසන්න.පසුව මා හට සලවාත් පවසන්න. කවුරුන් මට එක සලවාතයක් පවස්නේද ඔහුට අල්ලාහේ සලවාත් 10 ක් පවසනු ඇත. පසුව මා වෙනුවෙන් වසීලා අයදින්න. එය එක් ගැත්තෙකුට පමණක් ස්වර්ගයේ දෙනු ලබන තනතුරකි.එම ගැත්තා මා වීම මම ප්‍රිය කරමි. කවුරුන් මා වෙනුවෙන් වසීලා ඉල්ලා සිටින්නේද ඔහුට මගේ ෂෆාඅතය අනිවාර්ය්‍ය වෙයි. (ග්‍රන්ථය මුස්ලිම් 384-

සලවාතයේ ඉතා උසස්ම සලවාතය සලවාතුල් ඉබ්‍රාහීමිය්යා වේ.අල්ලාහුම් සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්‍රාහීම...

brightness_1 හදීසයේ සඳහන් වී ඇති අදානයෙන් පසුව වන දූආව පැවසීම.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඅදානය අසන විට කවුරුන් අල්ලාහුම් රබ්බහාදි ඉද්දඅවතිත්තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදනිල් වසීලත වල් ෆලීලා වබ්අස්හු මකාමන් මහ්මූදා අල්ලදී වඅත්තා යැයි පවසන්නේද ඔහුට මාගේ ෂෆාඅතය අනිවාර්්‍ය වෙයි (ග්‍රන්ථය බුහාරි 614-

වසීලා යනු කුමක්දැයි ඉහත අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හුමාගේ හදීසයේ පැහැදිලි කරනු ඇත. පසුව මා වෙනුවෙන් වසීලා අයදින්න. එය එක් ගැත්තෙකුට පමණක් ස්වර්ගයේ දෙනු ලබන තනතුරකි. එම ගැත්තා මා වීම මම පි්‍රය කරමි. කවුරුන් මා වෙනුවෙන් වසීලා ඉල්ලා සිටින්නේද ඔහුට මගේ ෂෆාඅතය අනිවාර්ය වේ.එය ඉතා උසස් තනතුරකි එයට සමානව කිසිදූ නොමෙත.

ඉබ්නු උසෙයිමීන් රහිමහුල්ලා මෙසේ පවසයිඃ අද්දඅවතුත්තආම්මා යනුවෙන් අදහස් කරන්නේ අදානයයි. එය පරිපූර්ණ දාවතය. තවද එහි අල්ලාහ්ට ප්‍රශංසා කරනු ලැබේ.නබිතුමන්ට සලවාත් කියනු ලැබේ.යහපත කරා ආරාධනා කරනු ලැබේ.මකාමන් මහ්මූදා යනුවෙන් අදහස් කරනු ලබන්නේ කියාමත් දිනයෙහි අන් අය වෙනුවෙන් කන්නලව් කිරීමට ලැබෙන විශාලතම බලයයි.(අෂ්ෂරහුල් මුමතිං 2"87-88-  

brightness_1 අදානයෙන් පසුව ප්‍රාර්ථනා කිරීම.

අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃකෙනෙකු නබිතුමන් වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයානෙනි අදාන් පවසන්නන් අපට වඩා ශ්‍රේෂ්ඨ වන්නෝය යැයි මැසිවිල්ලක් නැගුවේය.එයට මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඔවුන්  පැවසන දේම ඔබත් පවසන්න.එය අවසන් වූ පසු ඔබ ඉල්ලා සිටින සියල්ලම ඔබට දෙනු ලැබේ.(ග්‍රන්ථය අබූදාවුද් 524  ඉමාම් අල්බානි (අල් කලිමුත් තය්යිබ් 74- සහ ඉබ්නු හජර් (නතාඉජුල් අෆ්කාර් 367/1- මෙය හසන් හදීසයක් යැයි පවසති-

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අනස් රලියල්ලාහු අනුහු මෙසේ දන්වයි. අදානය හා ඉකාමත් අතර ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප නොකෙරේ.(ග්‍රන්ථය නසාඊ 9895' ඉබ්නු හුසෙයිමා සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්තය 425"221"1- 

සැයුඃ අදානයෙන් පසු මස්ඡිදයෙන් පිටව යාම නුසුදූසුය.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි අබූ ෂහ්සා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයි.අබූහුරෙයිරා-රලියල්ලාහු අන්හු- සමග අප මස්ඡිදයේ වාඩි වී සිිටයෙමු. එවිට මුආද්දින් අදාන් පැවසුවේය.එම අවස්ථාවෙහි කෙනෙකු මස්ඡිදයෙන් පිට වී ගියේය.ඔහු යන ආකාරය අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු බලා සිට මොහුව අබුල් කාසිම්ට (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- පිටුපෑයෙ යැයි පැවසුවේය.(ග්‍රන්තය මුස්ලිම් 655-"