මුඅද්දින්ට පිළිතුරු දීම.
අදානය අසන සෑම කෙනෙකුම මුඅද්දින් කියන වචනයම නැවත පැවසිය යුතුයි.එනමුත් හයිය අලස් සලාහ් සහ හයිය අලල් ෆලාහ් යැයි ඔහු පවසන විට ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යැයි පැවසිය යුතුයි.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පවසනු තමා ඇසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් ආස් රලියල්ලාහු අන්හුමා පවසයි. ඔබට මුඅස්සින්ගේ අදානය ඇසුනේ නම් ඔහු පවසන දේම ඔබත් පවසන්න.(ග්‍රන්ථය මුස්ලිම් 384" අදානයට කෙසේ පිළිතුරු දිය යුතු යැයි විස්තරාත්මකව මුස්ලිම්හි අංක 385 සඳහන්ව ඇත-.
ඉබ්නු කය්යිම් රහිමහුල්ලා මෙසේ පවසයිඃඅදානයේ මුඅද්දින් පවසන සෑම චනයක්ම එලෙසින්ම අසන්නාද පැවසයි නමුත් හයිය අලස් සලාහ් සහ හයිය අලල් ෆලාහ් යැයි ඔහු පවසන විට ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යැයි පැවසිය යුතුය යැයි නිර්දේශ කර ඇතෙ. හයිය අලස් සලාහ් සහ හයිය අලල් ෆලාහ් යනු ඇරෙයුමක් හෙයිනි.එය පිළිගැනීමේ භාග්‍යය ප්රදානය කළ යුත්තේ අල්ලාහ්ය හා එයට අප ශක්තිය නොලබනු යනු මෙහි අදහසයි (ග්‍රන්තය සාදූල් මආද් 392/2-
ෆජ්ර් අදානයෙහි අස්සලාතු හයිරුම් මිනන් නවුම් යැයි පවසන විටද එයම නැවත අසන්නන්ද කිව යුතුය.
මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් රහිමහුල්ලාහ් මෙසේ පවසයිඃ ඔබට මුඅද්දින්ගේ අදානය ඇසුනේ නම් ඔහු පවසන දේම ඔබත් පවසන්න යන නිර්දේශය අස්සලාතු හයිරුම් මිනන්නවුම් යන්නටත් අදාලය.(ග්‍රන්ථය ඔහුගේ ෆත්වා පොතෙහි 135/2 සඳහන්ය-
ඉබ්නු හජර් රහිමහුල්ලා මෙසේ පවසයිඃ කුර්ආනයට නිහඩව සවන් යොමා සිටින්නන් සේම අදානයට නිහඩව සවන් යොමා සිටින මෙන්ට දන්වා ඇත.( ග්‍රන්ථය,අල් ෆතාහ් 611-