brightness_1
මග්රිබ් සලාතයට පෙර රකඅත් දෙකක් ඉටු කිරීම
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු මගෆ්ෆල් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ මග්රිබයට පෙර සලාත් ඉටු කරන්න.මෙය සුන්නාහ්වක් යැයි ගනු යන බියෙන් තුන්වන වතාවෙහි කැමති අය සලාතය ඉටු කරන්න යැයි අවසර දූන්හ.(ග්‍රන්ථයඃ බුහාරි 1183-
අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃවැඩිහිටි සහාබාවරුන් මග්රිබ් අවස්ථාවෙහි (සුන්නාහ් ඉටු කිරීම සඳහා- ඔවුන්ගේ සුත්‍ර වෙත ඉක්මනින් යනු මා දූටුවෙමි (ග්‍රන්ථයඃ බුහාරි 503-
අනස් රලියල්ලාහු අන්හ් මෙසේ පවසයිඃඅපිි මදීනාවේ සිටියෙමු. මග්රිබ් සඳහා මුඅද්දීන් අදාන් පැවසූ විට ඔවුන් සුත්‍රා වෙත ඉක්මනින් යති.පසුව රකඅත් දෙක බැගින් ඔවුන් ඉටු කරති.කෙතරම් දූරටද යත් එවිට අමුත්තෙක් පැමිණෙයි නම් සලාතය ඉටු කරන සංඛ්‍යාවේ අධික බව දැක මග්රිබ් සලාතටය ඉටු කර අවසන් යැයි සිතනු ඇත.(ග්‍රන්ථයඃ මුස්ලිම් 837-
මෙම දැන්වීමෙන් පැහැදීලි වන තවත් කරුණක් නම් සුන්නත් සලාතයටත් ඔවුන් සුත්‍රාව වැදගත්කමක් දූන් බවයි.
ඉබ්නු කය්යිම් රහිමහුල්ලා මෙසේ පවසයිඃනබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- පැවසූ බව අබ්දල්ලා බ්න් මුසනී රලියල්ලාහු අන්හු පවසයි.
මග්රිබයට පෙර සලාතය ඉටු කරන්න යැයි දෙවතාවක් පවසා තුන්වෙනි වතාවෙහි කැමති අය සලාතය ඉටු කරන්න යැයි අවසර දූන්හ. සුන්නත් යැයි මෙම දැන්වීමෙහි අරුත එය රාතිබයක් ලෙස ගනු ඇත යන බියයි මිස එය සුන්නාහ්වක් නොවේය යනු අදහස නොවේ (ග්‍රන්ථය සාදූල් මආද් 312/1-
අදාන් හා ඉකාමත් අතර රකඅත් දෙකක් ඉටු කිරීම සුන්නත්ය.
එම රකඅත් දෙක ෆජ්ර් හා ලුහර් සලාත් රාතිබයක් වුවද නම් නැත.එසේම යම් කෙනෙකු මස්ඡිදයේ වාඩි වී සිටින විට අසර් හෝ ඉෂා සඳහා අදාන් කියනු ලබන්නේ නම් ඔහු නැගිට රකඅත් දෙකක් ඉටු කිරීම සුන්නත්ය.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු මුගෆ්ෆල් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඅදාන් දෙකක් අතර සලාතයක් ඇත.යැයි පවසා පසුව තුන්වන වතාවට කැමති අය ඉටු කරන්න (ග්‍රන්ථයඃ බුහාරි 624 මුස්ලිම් 838-
ඉබ්නු බාස් රහිමහුල්ලා මෙසේ පවසයිඃඅදාන් හා ඉකාමත් අතර රකඅත් දෙකක් ඉටු කිරීම සියලූම මුස්ලිම්වරුන්ට සුන්නත්ය.මන්දයත් අදාන් හා ඉකාමත් අතර රකඅත් දෙකක් ඉටු කිරීම සුන්නත්ය යැයි නබිතුමානන් පවසා අත.මෙය සියලූම සලාත්වලට අදාලය.ඉටු කරනු ලබන සලාතය රාතිබ් හො රාතිබ් නොවන සලාතයක් වූවද නම් නැත.(ග්‍රන්ථයඃ මජ්මූ අල් ෆතාවා 383/11-
කෙසේ වෙතත් මග්රිබයට පෙර රකඅත් දෙක සුන්නත් මුඅක්කදා වනු ඝනය ට අයත් නොවේ.එසේනම් එය සමහර වේලාවලට අත් හැරියද යුතුය.තවත් සමහර අවස්ථාවන් වල ක්‍රියා කළද යුතුය මන්දයන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් තුන්වන වතාවට කැමති අය ඉටු කරන්න යනුවෙන් පවසා ඇත.