මේ ඝනයේ ඇති ඉතා ශේෂ්ටම සික්රය නම් අල් කුර්ආන් පාරායනය කිරීමයි.කුර්ආන් පාරායනය කිරීම මගින් ඉස්ලාමයේ ආරම්භ අයගේ ඇස අහරවනු ලබා ඔවුන්ගේ රාත්‍රී නින්දද අඩු වනු ලැබීය.මේ බව අල්ලාහ් කුර්ආනිහි මෙසේ පවසයිඃ ඔවුන් රාත්‍රියෙහි නදා ගන්නේ ඉතා ස්වල්පයයි. ඔවුන්ගේ සහර් (සුබහ් සලාතයට පෙර-වේලාවෙහි සමාව අයදින්නෝය. (අස්සාරියාත් 18 ඔවුන් රාත්‍රියෙහි කුර්ආන් පාරායනය කිරීමෙහි මෙන්ම නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් විසින් අල්ලාහ්ව මෙනෙහි කිරීම පිනිස අපට පවසනු ලැබුනු දික්රයන් මගින් අල්ලාහ්ව මෙනෙහි කරන්නෝය.
සහාබාවරුන් කුර්ආනය දූන් වැදත් කම කෙසේද ?
නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- එකම රක්ආතයෙහි සූරහ් අල් බකරහ් සූරහ් අන්නිසා සහ සූරහ් අලූ ඉම්රාන් යනාදීන පාරායනය කළ බව හුදයිෆා රලියල්ලාහු අන්හු එතුමානන්ගේ දැන්වීමෙහි සහන් වී ඇත.අබූ වාඉල් මෙසේ පවසයිඃ එක් රාත්‍රීයක් මා නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් සමග සලාත් කළෙමි.එවිට මා ඔවු සමගම කියාම්හිි සිට ගෙන සිටියෙමි.අවසානයෙහි මා නපුරක් කිරීමට සිතුවෙමි.එනම් මා වාඩි වී නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ව (ඔහු සමග සලාත් කිරීම- අත් හරින්නට සිතුවෙමි.(ග්‍රන්ථයඃ බුහාරි 1135 මුස්ලිම් 773).
අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් වරක් මාහට සෑම මසකම කුර්ආනය වරක් පරිපූර්නයෙන් පාරායණය කරන්න යැයි පැවසුවේය.මට මෙයටත් වඩා අඩු කාළයක් ඇතුලත කීමට මට හැකි යැයි මා පැවසුවෙමි. එවිට නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- එසේ නම් රාත්‍රි විස්සකදී පාරායණය කරන්න යැයි පැවසුවේය.මට මෙයටත් වඩා අඩු කාළයක් ඇතුලත කීමට මට හැකි යැයි මා නැවතත් පැවසුවෙමි. එවිට නබි තුමානන් එසේ නම් දින හතකදී පාරායණය කරන්න.මෙයට වඩා අධික නොකරන්න.(යැයි පැවසුවේය. ග්රන්ථයඃබුහාරි 5054 මුස්ලිම් 1159).
සහාබාවරුන්ට රාත්‍රියෙහි ඔවුන් පාරායණය කරන කොටස් අතපසු වූ විට ඔවුන් පසුතැවිලි වනු දූටු නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- එයිට පිලියමක් කියා දූන්හ.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව උමර් මෙසේ දන්වයිඃකවුරුන් හෝ ඔහුගේ පාරායණය කරන කොටස පාරායණය නොකර නිදා ගෙන පසුව ඔහු එය ෆජ්ර් හා ලූහර් අතර පාරායණය කළේ නම් ඔහු එය රාත්‍රියෙහි පාරායණය කළේය යැයින්ම ලියනු ලැබේ. (ග්‍රන්ථයඃ මුස්ලිම් 747).
අවුස් ඉබ්නු හුදෙයිෆා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃසාහාබාවරන් කුර්ආනය කෙසේ බෙදන්නේදැයි මා ඔවුන්ගෙන් ඇමුවෙමි.එයට ඔවුන් 3,5,7, 9,11,13 සහ මුෆස්සල් හැටියට යැයි ඔවුන් පැවසුවෝය.(ග්‍රන්ථය අහ්මද් 16166 අබූදාවුද් 1393).
එනම් පළමු දිනයෙහි සුරා 3 පසුව 5 පසුව 7 පසුව 9 පසුව 11 පසුව 13 සහ පසුව මුෆස්සල් හෙවත් ඉතුරු සූරා පාරායණය කිරීමයි.මෙය අනුව සතියකින් කුර්ආනය පාරායණය කර අවසන් කරනු ලැබේ.කුර්ආනය පාරායණය කිරීමේ විෂයයෙහි සහාබවරුන් කටයුතු කළේ මෙසේය. ඔවුන්ව අනුගමනය කළවුන්ගේ ක්රමයද මෙයයි. ඔවුන්ගේ ජීවිත කථාව කියවන විට අපට මෙය අපට දැක ගත හැකිය.ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දින 7 කදී කුර්ආනය පරායණය කර අවසන් කළෝය.
අබ්දූර් රහ්මාන් පැවසූ බව හම්මාද් බින් ජෙයිද් මෙසේ දන්වයිඃඅපි කුර්ආනය කෙබන්දන්නේ ලබා ගත්තේද යත් ඔවුන් ආයත් දහයක් ඉගෙන ගත් විට එය ක්‍රියාවට නංවන තෙක් ඊළඟ වැකි දහයට නොයති.එබැවින් කුර්ආනය හා එය අනුව ක්‍රියා කිරීම යන දෙකම එකවර ඉගෙන ගත්තෙමු. එනමුත් අපෙන් පසුව සමහරයක් පැමිණ කුර්ආනය ජලය පානය කරන්නා සේ එය පාරායනය කරති.එය ඔවුන්ගේ උගුරට පහ යන්නේ නැත.(ග්රන්ථයඃසියරු අඃලාමින් නුබලා 269/4).
අද දින අපගේ හදවත් අනවධානයෙන් තිබේ. එනමුත් හදවත් ප්‍රාණවත් වන්නේ දික්ර් මගිනි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ මුසා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃතම රබ්ව සිහි කරන්නා සහ සිහිනොකරන්නාට උදාහරණය පණ ඇති තැනැත්තා සහ පණ නැති තැනැත්තාය. අල්ලාහ්ව සිහි කරන නිවස හා සිහිනොකරන නිවසට උදාහරණය නම් පණ ඇති තැනැත්තා සහ පණ නැති තැනැත්තාය.(ග්‍රන්ථයඃ බුහාරි 6407 මුස්ලිම් 779-
ඉමාම් ඉබ්නුල් කය්යීම් රහිමහුල්ලා මෙසේ පවසයිඃදික්රය කවුරුන්ගේ හදවතේ තිබෙන්නේද ඔහු එමගින්ම ජීවන ගමනට අවශ්‍ය දේ ලබා ගන්නෝය. ඔවුන් එයින්ම වෙළෙඳාම කරන්නෝය.එයහිම සැරිසරන්නෝය. දික්රය ලබන්නා රබ් සමග සම්බන්ධ වන්නේය.එය නොලබන්නා රබ්ගෙන් ඈත් වන්නේය.සිතෙහි ආහාරය මෙයයි.එබැවින් දික්රය කවදා සිතෙන් ඈත් වන්නේද එවිට සිත සොහොනක් වන්නේය. හදවතේ ආලෝකයද මෙයයි.සිත ඔත්පල වූ විට බෙහෙතද මෙයයි.එය දික්ර් කරන්නා දික්රෙහි ගිලෙන තරමට අල්ලාහ්ව හමු වන ආශාව වැඩි වේ.අල්ලාහ්ගේ මෙම විශිෂ්ඨ දොරටුව ගැත්තන් අනවධානයෙන් එය වසන තෙක් එය සෑම කෙනෙකුටම විවෘතව ඇත.(ග්‍රන්ථයඃ මදාරිජුස් සාලිහීන් 423/2).
ඉමාම් ඉබ්නු කයියිම් රහිමහුල්ලා අල් වාබිලූස් සයියිබ් නම් ග්‍රන්ථයේ දිකිර්හි මහිමයන් හා එහි ප්‍රයෝජන බොහෝමයක් සඳහන් කර ඇත.එවෙනි අංශයන් කියවීම මගින් දික්ර කිරීමේ ආශාව ඇති වනු ඇත.
1.අල්ලාහ් අධික වශයෙන් දික්ර් කළ යුතුය යැයි දිරි ගන්වන විට මෙසේ පවසයිඃවිශ්වාසිකයනි අල්ලාහ්ව අධිකව සිහිපත් කිරීමක් ලෙසින් සිහිපත් කරන්න. උදයෙහි හා සැන්දෑවෙහි ඔහුව සුවිශුද්ධ කරන්න. (අහ්සාබ් 41 42).
2.දික්ර් කරන ස්ත්‍රී පුරුෂයන්ට සමාව හා ඉමහත් කුලිය ඇත යැයි අල්ලාහ් පොරොන්දූ වෙයිඃඅල්ලාහ්ව වැඩියෙන් මෙනෙහි කරන පිරිමින්ද (එසේ- මෙනෙහි කරන ස්ත්‍රීන්ද යන මොවුන්ට අල්ලාහ් සමාව හා විශිෂ්ඨ කුලියක් සූදානම් කර ඇත්තේය -(අහ්සාබ් 35).
3.අඩුවෙන් දික්ර් කරන මුනාෆික් මෙන් නොවන්න යැයි අල්ලාහ් අපට අවවාද කරයිඃ (මුනාෆික්වරුන් වන ඔවුන්- ඉතා මඳ වශයෙන් මිස ඔවුන් අල්ලාහ් මෙනෙහිද නොකරති. ඔවුන් සලාතෙය් යෙදෙනු විට කම්මෙලි කමින් ද හැසිරෙන්නේය (අන්නිසා 142).
4.වස්තු හා දරුවන් නිසා දික්ර් කිරීමෙන් ඈත් නොවන මෙන් අල්ලාහ් අවවාද කරයිඃවිශ්වාස කළවුනි ඔබලාගේ ධනයද ඔබලාගේ දූදරුවන්ද අල්ලාහ්ගේ මතකයෙන් ඔබව අනවධාන නොකරත්වා.කවුරුන් මෙසේ කරන්නේද නිශ්චය වශයෙන්ම ඔහු අලාභ ලැබුවන්ය.(අල් මුනාෆිකූන් 9).
5.මෙවන් ඉමහත් කුලි සමග අල්ලාහ් මෙසේ පවසයිඃමාව මෙනෙහි කරන්න.තවද හදීස් කුද්සියෙහි මාගේ ගැත්තා මා ගැන සිතීමෙහි මා සිටින්නෙම්. ඔහු මා සිහි කරන විට මා ඔහු සමගය. ඔහු තනියෙන් මාව සිහි කරන විට මමද ඔහුව තනියෙන් සිහි කරන්නෙමි. ඔහු පිරිසක සිට මාව සිහි කරන විට මාද ඔහුව එයටත් වඩා උසස් පිරිසක් අතර මා ඔහුව සිහි කරන්නෙමි (ග්‍රන්ථයඃ බුහාරි 7405 මුස්ලිම් 2675).
6.මුඃමින්වරුන්ගෙන් නැවණ ඇත්තා සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරති යැයි පවසා ඔවුන්ව ප්‍රශංසා කරයිඃනිශ්චය වශයෙන්ම අහස හා පොලොව මැවීමෙහි හා රාත්‍රිය හා දවාල මාරු වීමෙහි නුවණැතියන්ට සාධක ඇත.ඔවුන් කෙබන්දන්ද යත්" අල්ලාහ්ව සිටිවනමද හිඳගත් සැටියෙන්ද" සිය ඉල මත (හාන්සි වී සිටිමින්-ද අල්ලාහ් මෙනෙහි කරති. තවද අහස හා පොළොව මැවීම් පිළිබඳද සිතති. ඕ අපගේ රබ් ඔබ මෙය නිකරුණේ නොමැවුවෙහිය.ඔබ සුවිශුද්ධය. තවද අපව ගින්නෙන් ආරක්ෂා කරනු මැන -(ආලූ ඉම්රාන් 190 191-.නබිතුමානන්ගේ සුන්නතයද මෙයයි.සෑම අවස්ථාවකම නබිතුමන් (සල්ලල් ලාහු අලෙහි වසල්ලම්- දික්රය සමගම සිටිති.බව ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයි. නබිතුමානන් සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරති.(ග්‍රන්ථයඃ මුස්ලිම් 373).
මාගේ මුස්ලිම් සොහොයුරනි මෙය ගැන මඳක් සිතා බලන්න.මෙම විෂයයෙහි අප නබිතුමානන්ට සමාන වීම අවශ්‍ය නොවේ.එනමුත් එයට මඳක් හෝ ළඟා වීමට අපට හැකි වන්නේ නම් එය කෙරතම් හොඳද?
අපි ඇතැම් අවස්ථාවලදී හො දික්ර් කරන්නන්ව සිටින්නෙමුද?
ආශ්චර්යමත් කරුණ කුමක්ද යැති නබිතුමන් එතරම් කාර්්‍ය බහුලව සිටින විටම එතුමන්ගේ දික්රය කෙසේ තිබුනේද යන්නයි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අල් අගර්රුල් මුද්නී රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනිශ්චය වශයෙන්ම මා දිනකට සිය වතාවක් අල්ලාහ්ගෙන් සමාව අයදිමි (ග්‍රන්ථයඃ මුස්ලිම් 2702).
කාළී මෙසේ පවසයිඃනබිතුමන් මේ තරම් ඉස්තිග්ෆාර් කිරීමට හේතුව නම් එතුමන් නිතරම දික්රයේ යෙදී සිටින අතර යම් විටෙක දික්ර්ය කිරීමට නොහැකි වුවහොත් එසේ දික්ර්ය නොකිරීම පාපයක් ලෙස සලකා එය වෙනුවෙන් සමාව අයදිති.තවත් විද්වතුන්ගේ මතය අනුව මෙය නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සිය උම්මතය ගැන දන්නා හෙයින් ඔවුන් වෙනුවෙන් කළ ඉස්තිග්ෆාරයයි.තවත් මතය අනුව නබිතුමන් තම ජනයාගේ යහපතට අදාල සේවයේ කාර්්‍ය බහුලව සිටි නිසා හා සටන් කිරීම වැනි කරුණුවල යෙදී සිටින විට දික්ර්ය කිරීම අතපසු වුනු නිසා මෙසේ සමාව ඉල්ලූවේය යන්නයි.ඉමාම් මහාෂී මෙසේ පවසයිඃ මලාඉකාවරුන් හා නබිවරුන්ගේ බිය වීමේ ස්වරූපය අල්ලාහ්ව ගරු කිරීමේ අරමුණින් කළ දේය. මන්ද යත් ඔවුන් අල්ලාහ්ගේ දඩුවමින් ඈත් කරනු ලැබුවන්ය.(ග්‍රන්ථයඃ ෂරහුන් නවී ලිමුස්ලිම් 2702).
නබිතුමානන්ගේ සුන්නාහ්වෙහි සඳහන් වී ඇති දික්රයන්
1.මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃකවුරුන් උදෑසන දස වරක් කරන්නට ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ශරීක ලහූ. ලහුල් මුල්කු වලහුල් හම්දූ වහුව අලා කුල්ලි ශයිඉන් ක§ර් යැයි Èනකට සිය වතාවක් පවසන්නේද ඔහුට තවද වහලූන් දස දෙනෙකු නිදහස් කළ කුසලද සටහන් වෙයි. පාපයන් සියයක් සමා කරනු ලැබේ.තවද එදින ඔහුට ෂයිතාන්ගේ උවදූරුවලින් ආරක්වද ලැබෙයි. එදින මෙම දික්රය මොහුට වඩා කළ කෙනෙකු හැර අන් කිසිවෙකු මොහුව කුසලින් අභිබවා යන්නෙ නැත.කවුරුන් එක් දිනෙක සුබහානල්ලාහි වබිහම්දිහී යැයි සිය වතාවක් පවසන්නේද ඔහුගේ මුහුදේ පෙණ ප්‍රමාණයට පාපයන් තිබුනද එය සමා කරනු ලැබේ.(ග්‍රන්ථයඃ බුහාරි 3293 මුස්ලිම් 2691).
2. මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ අය්යුබ් මෙසේ දන්වයිඃකවුරුන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ශරීක ලහූ"ලහුල් මුල්කු වලහුල් හම්දූ වහුව අලා කුල්ලි ශයිඉන් කදීර් යැයි දස වතාවක් පවසන්නේද ඔහු ඉස්මායිල්ගේ පරම්පරාවේ වහලූන් සිව් දෙනෙකු නිදහස කළාට සමාන කුලිය ලබන්නේය.(ග්‍රන්ථයඃ බුහාරි 6404 මුස්ලිම් 2693).
නබිතුමානන්ගේ සුන්නාහ්වෙහි සඳහන් වී ඇති දික්රයන්
3. අබු සයීද් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃ වරක් අපි නබිතුමානන් සමග සිටින විට එතුමන් මෙසේ ඇසූහ ඔබගෙන් කෙනෙකුට සෑම දිනම කුසල් දහසක් උපයා ගැනීමට නොහැකිද? එයට එතුමන් අසල සිටි අය අප කෙසේ කුසල් දහසක් උපයා ග්නනදරෑ යැයි ඇසූහ.එයට නබිතුමන් සිය වරක් තස්බීහ් කීම මගින් ඔහුට කුසල් දහසක් දෙනු ලැබේ.නැත්නම් එය වෙනුවට පානයන් දහසක් සමා කරනු ලැබේ යැයි කීහ.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2698).
4. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃකවුරුන් එක් දිනෙක සුබහානල්ලාහි වබිහම්දිහී යැයි සිය වතාවක් පවසන්නේද ඔහුගේ පාපයන් මුහුදේ පෙණ ප්‍රමාණයට තිබුනද එය සමා කරනු ලැබේ.(ග්රන්ථයඃබුහාරි 6405 මුස්ලිම් 2692- තවත් දැන්වීමක කවුරුන් උදේ හා සවස සුබහානල්ලාහි වබිහම්දිහී යැයි සිය වතාවක් පවසන්නේද කියාමත් දිනයෙහි මෙම දික්ර්යම හෝ එයට වඩා කළ කෙනෙකුට වඩා අන් කිසිවෙක් මොහුට වඩා උසස් වන්නේ නැත (ග්‍රන්ථයඃ මුස්ලිම් 2692).
දික්රවල මහිමයන් හා ප්‍රයෝජන බොහෝ ඇත.මෙහි සඳහන් කර ඇත්තේ ඉතා ප්‍රකට හා සනාථ දැන්වීම්වලින් ගත් ඒවාය.මෙය නොවන තවත්දික්රයන්ද ඇත.අබූ මුසා රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃවරක් නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- මා අමතා ස්වර්ගයේ නිධන්වලින් ඇතැමක් මා ඔබට දන්වන්නද? යැයි ඇසූහ.එයට මා පවසන මෙන් ඉල්ලා සිටියෙමි. එවිට නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ලාහවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යැයි පවසන්න යැයි කීහ.(ග්‍රන්ථයඃ බුහාරි 4202 මුස්ලිම් 2704).
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃසුබහානල්ලාහ් වල්හම්දූ ලිල්ලාහ් වලා ඉලාහා ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් යැයි පැවසීම සූර්්‍යයා කුමන දේ මත උදා වන්නේද ඒ සියල්ලට මට ප්රිජනකය (ග්‍රන්ථයඃ මුස්ලිම් 2695).
ඉස්තිග්ෆාරයද දි ක්ර්හි වර්ගයකි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අල් අගර්රුල් මුද්නී රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනිශ්චය වශයෙන්ම මා දිනකට සිය වතාවක් අල්ලාහ්ගෙන් සමාව අයදිමි. (ග්‍රන්ථයඃ මුස්ලිම් 2702).
මෙය නබිතුමානන්ගේ ක්‍රියාවයි.තවත් හදිසයක නබිතුමානන් මෙසේ පවසතිඃජනයිනි අල්ලාහ් වෙත තව්බා කරන්න.නිහ්චය වශයෙන්ම මා දිනකට සිය වතාවක් තව්බාහ් කරන්නෙමි. (ග්‍රන්ථයඃ මුස්ලිම් 2702).
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පවසනු තමා ඇසු අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ අල්ලාහ් මත දිවුරා මා දිනකට හැත්තෑ වරකටත් වඩා වැඩියෙන් මා තව්බාහ් සහ ඉස්තිග්ෆාර් කරන්නෙමි. (ග්‍රන්ථයඃ බුහාරි 6307- එබැවින් ගැත්තෙකු ඉස්තිග්ෆාර් කිරීමෙන් අවධානය යොමු කළ යුතුය.
දික්ර්හි සුන්නත් හා දෛනික සුන්නත් පිළිබඳ විස්තර කිරීම දැවැන්ත දික්රයක් පැවසීම මගින් මා අවසන් කරමි.ඉබ්නු හජර් රහිමහුල්ලා තම බුලුගුග් මරාම්් නම් ග්රන්ථයද ඉමාම් බුහාරි රහිමහුල්ලා තම සහීහ් ග්රන්ථයද නිම කර ඇත්තේ මෙම දික්රය සමගයි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ වචන දෙකක් ඇත.එය දිවට ඉතා සැහැල්ලූය.තරාදියෙහි ඉතා බරය. රහ්මාන් වෙත ඉතා ප්‍රියජනකය.ඒවා නම් සුබහානල්ලාහි වබිහම්දිහි සුබහානල්ලාහිල් අළීම් (ග්‍රන්ථයඃ බුහාරි 6406 මුස්ලිම් 2694).
කවුරුන්ගේ දායාදයෙන් යහපත් දෙය පරිපූර්ණ වන්නේද එම අල්ලාහ්ටමය සියලූම පැසසුම්