languageIcon
search
search
beforeFajronColorIcon / පෙරවදන / ( එහි සංඛාව. 3 සුන්නතයන්. )
brightness_1 පෙර විසූ විද්වතුන්ට සුන්නත් විෂයයෙහි තිබුනු කැමැත්ත සඳහා වන උදාහරණ

1. මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් මෙසේ පවසනු තමා ඇසූ බව උම්මු හබීබා (රලියල්ලාහු-  ප්‍රකාශ කරයි අන්බසා ඉබ්නු අබී සුෆ්යාන් මාහට දැන්වූයේය යැයි නුංමාන් ඉබ්නු සාලිම් කී බව අම්ර් ඉබ්නු අව්ස් වාර්තා කරන හදීසය ඉමාම් මුස්ලිම් තුමා ඔහුගේ ග්‍රන්ථයේ සටහන් කර ඇතඃකවුරුන් රාත්‍රියෙහි හෝ දවාලෙහි රකඅත් 12 ක් ඉටු කරන්නේද ඔහුට එය වෙනුවෙන් ස්වර්ගයේ එක් නිවසක් තනනු ලැබේ. -(ග්‍රන්ථය මුස්ලිම් 1727-.මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ගෙන් ඇසූ දිනෙන් පසු මා කිසිවිටෙක අත් නොහැරියෙමි යැයි උම්මු හබීබා පැවසුවාය.උම්මු හබීබාගෙන් මා මෙය ඇසූ දින සිට මා එය අත් නොහැරියෙමි යැයි අන්බසා පවසයි.

අන්බසාගෙන් මා මෙය ඇසු දින සිට මා මෙය කිසිවිටෙක අත්නොහැරියෙමි යැයි අම්ර් ඉබ්නු අව්ස් කියයි.

අම්ර් ඉබ්නු අව්ස්ගෙන් මා මෙය ඇසු දින සිට මා මෙය කිසිවිටෙක අත්නොහැරියෙමි යැයි නුංමාන් ඉබ්නු සාලිම් කියයි.

අලි (රලියල්ලාහු අන්හු- මෙසේ පවසයි ෆාතිමා තුමියට ඇඹරුම් ගලෙන් තම අතට තුවාල ඇති වී ඒ පිළිබදව පැමිණිලි කළාය. (මේ පිළිබදව නබි තුමානන්ට පවසා එක් සේවකයකු ලබා ගැනීම පිනිස ඇය නබි තුමා වෙත පැමිණි අවස්තාවේ දී- එක් සිරකරුවෙකු නබි තුමා වෙත පැමින සිටියේය.එබැවින් ඇය ඔහුව මුන නොගැස හැරී ගියාය.(යන මගෙහි- ඇය ආයිෂා තුමියව මුන ගැසී ඇය පැමිනී කාරනය ඇයට පැවසුවාය.පසුව නබි තුමානන් පැමිනී විට ෆාතිමා තුමිය පැමිනි බව ආයිෂා තුමිය නබි තුමාට දැන්වුවාය.අප අපගේ නිදන ඇතිරිල්ල සූදානම් කර තිබෙන විට නබි තුමානන් අප වෙත පැමිණියේය.අප එවිට නැගිටින්නට යන විට ඔබ ඔබගේ තැනෙහිම සිටින්න යැයි නබි තුමානන් පවසා ඔහු අප අතරෙහිම වාඩි විය.එවිට ඔහුගේ කකුලෙහි සිසිල මට දැනුනි. ඔබ මාගෙන් ඇසූ දෙයට වඩා විශේෂ දෙයක් මා ඔබලාට උගන්වන්නද යැයි ඔහු අපගෙන් අසා මෙසේ පැවසුවේය. ඔබ ඔබගේ යහනයට යන විට අල්ලාහු අක්බර් යැයි 34 වතාවක්ද සුබ්හානල්ලාහ් යැයි 33 වතාවක් හා අල්හම්දූලිල්ලාහ් යැයි 33 වතාවක් පැවසීම ඔබලාට මෙහෙකරුවෙකු ලැබීමට වඩා අගනේය. (ග්‍රන්ථය බුකාරි 3705 සහ මුස්ලිම් 2727-

නබි තුමාගෙන් මෙය මා ඇසූ දා සිට මා මෙය අත්හැරියේම නැත යැයි අලි තුමානන් පවසා ඇත යැයි එක් වාර්තාවක සදහන් වෙයි. එවිට සිෆ්ෆීන්  රාත්‍රීයෙහි පවාද? යැයි අසන ලැබූ විට සිෆ්ෆීන්  රාත්‍රීයෙහි පවා මා අත් හැරියේ නැත යැයි ඔහු පිළිතුරු දූන්නේය.(ග්‍රන්ථය බුකාරි 5362 සහ මුස්ලිම් 2727-.

සිෆ්ෆීන් රාත්‍රිය යනු අලි තුමානන් නායකු ලෙස සිටි විට සටනක් පැවතුනු රාත්‍රියයි ඵම අවස්ඵාවෙහි පවා මෙවන් සුන්නතය නොමග හැරියේය.

3. ඉබ්නු උමර් (රලියල්ලාහු අන්හූ- තුමානන් ජනාසා සලාතය ඉටු කර (ජනාසාව අනුව නොගොස්- හැරී ආවේය. එසේ යාම සුන්නත් චර්යාවක් නොවේ යැයි ඔහු විශ්වාස කිරීම මෙයට හේතුවයි. මේ පිළිබඳ හදීසයේ සඳහන් මහිමය ඔහු නොදැන සිටියේය. එනමුත් එහි මහිමය සඳහන් වී ඇති අබූහුරෙයිරාගේ දැන්වීම ඔහු වෙත පැමිණි විට මෙතෙක් කල් මෙම නබි චර්යාව අත්හැරීම ගැන ඔහු ඉමහත් ලෙසින් පසුතැවිලි විය. මෙම පුවත ඔහුට ලැබීමෙන් ඔහුගේ තත්වය කෙසේ වෙනස් වූයේ දැයි බලන්නඃ

ආමිර් ඉබ්නු සඅද් ඉබ්නු අබි වක්කාස් (රලියල්ලාහු අන්හූ-  මෙසේ දන්වයිඃ ඔහු අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් අසල වාඩි වී සිටියේය. එවිට හබ්බාබ් ඔහු වෙත පැමිණ ඕ අබ්දල්ලාහ් අබූ හුරෙයිරා කුමක් පවසන්නේදැයි ඔබ ඇසුවේද@ කවුරුන් ජනාසාවක් සමග එම නිවසෙන් පිටවී එම ජනාසා සඳහා සලාතයද ඉටු කර එය භ+මිදානය කරන තෙක් එය අනුව ගියහොත් ඔහුට කීරාත් දෙකක කුලිය හිමි වේ. එක් කීරාතයක් උහද් කන්දට සමානය. තවද කවුැරන් එම සලාතය ඉටු කර (ජනාසාව අනුව සොහොන දක්වා නොගොස්- හැරී එන්නේද ඔහුට ඵක් කීරාතයක් -උහද් එකක කුලිය ඇත යැයි මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසූ අබූ හුරෙයිරා (රලි- දන්වා සිටියි. ඉබ්නු උමර් (රලි- හබ්බාබ්ව ආයිෂා (රලි- තුමිය වෙත යැව්වේය.  අබූ හුරෙයිරාගේ (රලි- මෙම දැන්වීම ගැන ඇයගෙන් විමසා පසුව ඇය මෙය ගැන කුමක් පවසන්නේදැයි ඔහුට දන්වන මෙන් කියා සිිටියේය. ඉබ්නු උමර් (රලි- තුමානන් බොරලූ ගල් ටිකක් අතට ගෙන හබ්බාබ් එන තෙක් ඒවා අතේ එහා මෙහා පෙරලමින් සිිටයේය. පසුව පැමිණි හබ්බාබ් අබුහුරෙයිරා (රලි-  සත්‍යය පැවසුවේය යැයි ආයිෂා තුමිය (රලි- පවසන බව දන්වා සිටියේය. එවිට ඉබ්නු උමර් (රලි- තම අත තිබුනු බොරලූ ගස් වේගයෙන් පොළොවට දමා ගසා අප බොහෝ කීරාත් සංඛ්‍යාවක් අපතේ යැව්වෙමි යැයි පසුතැවිල්ලෙන් කීය.  -ග්‍රන්ථය බුහාරි 1324 මුස්ලිම් 945  

මෙය මගින් සහාබාවරුන්ට සුන්නාව කෙරෙහි තිබුනු උනන්දූවද එය අතපසු වූ විට ඔවුන්ට ඇති වුනු සංවේගයද පැහැදිලි වන බව ඉමාම් නවවී පෙන්වා දෙයි -( ග්‍රන්ථය අල් මින්හාජ්-

4. සඊද් ඉබ්නු ජුබෙයිර් දන්වයිඃ අබ්දූල්ලාහ් ඉබ්නු මුගෆ්ෆල්ගේ ඥාතියෙකු කසෆ් නම් ක්‍රීඩාවක යෙදී සිටියේය. අබ්දූල්ලාහ් ඉබ්නු මුගෆ්ෆල් ඔහුව එයින් වළක්වා" නිශ්චය වශයෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙය වළක්වා ඇත යැයි පවසා මෙයින් සතුන් දඩයම් කිරීමට හෝ සතුරන්ට පහර දීමට හෝ නොහැක යැයි පැවසීය.එනමුත් එම ඥාතියා නොනවත්වා එම ක්‍රීඩාවේ යෙදී සිටියේය.එය දූටු මුගෆ්ෆල් අල්ලාහ්ගේ රසූල්වරයා තහනම් කළ දෙයක් ගැන මා ඔබට කියන විට ඔබ එයම කරන්නේය. එමනිසා මින්මතු ඔබ සමග කිසි දිනෙක කථා කරන්නේ නැත යැයි පැවසුවේය. -(ග්‍රන්ථය බුහාරි 5479 මුස්ලිම් 1954-

කසෆ් යනු කුඩා ගල් ඇඟිලි අතර තබා විසි කරමින් සිදූකරන ක්‍රීඩාවකි. 

සහාබාවරුන් සුන්නතය ආරක්ෂා කිරීම හා එයට ගරු කිරීම සඳහා වන නිදසුන් බොහෝ ඇත.එහි කිසිදූ ආහ්චර්්‍යයක් නැත.මන්දයත් මිනිසුන් අතරින් කුසල් සඳහා ඔවුන් තරම් අධික උනන්දූවෙන් සිටි කොටසක් ලොවෙහි බිහි වුයේ නැත.ඔවුන්ගෙන් සියවස් ගණනාවකට පසුව පැමිණි අයට පවා එය ප්‍රබල බලපෑමක් ඇති කරමින් තිබුනේ මේ නිසාය.ඉතිහාසය. සුන්නතය කෙරෙහි උන්නදූව හා එය පිලිපැදීමට ඇති තද ආශාව සිත් තුල ඇති කරනා ආදර්ශයන් එම උතුමානන්ගෙන් අපට ඉතිහාසය මගින් ලැබී ඇත.     

ඉමාම් අහමද් තුමානන් මුස්නද් නම් තම ග්‍රන්ථයෙහි හදීස් 40"000 ක් ඇතුලත් කල අතර ඒ සියල්ල අනුව සිය ජීවිතය හැඩ ගසා ගත්තේය.එහි සඳහන් කිසිදූ හදීස් දැන්වීමක් ක්‍රියාවේ නොයොදවා තමා නොසිටි බව ඉමාම්වරයා පවසයි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් තමාට හිජාමත් නම් ප්‍රතිකාරය කළ පුද්ගලයාට  දීනාරයක් දූන් බව සඳහන් දැන්වීම ඉමාම්වරයා කියවූ විට මාද මෙම ප්‍රතිකාරය කර එය කළ පුද්ගලයාට  දීනාරයක් දූන්නෙමි යැයි පවසයි.දීනාර් යනු රත්‍රන් ග්‍රෑම් 4.5 කට සමාන වටිනාකමක් ඇති මුදලකි. එසේ වුවද ඉමාම්වරයා මෙම හදීසය ක්‍රියාවේ යෙදවීමට මෙතරම් විශාල මුදලක් පවා වැය කරන්නට පසුබට නොවීය.නබි චර්යාවට ගරු කළ උතුමන්ගේ නිදසුන් තව බොහෝ ඇත

අල්ලාහ්ගේ සමීපය සහ ආශීර්වාදය අප ලබා ගැනීම පිණිස මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ සුන්නතය අප හදවත් තුල ජීවමාන කරන මෙන් මම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි.මිනිසා සුන්නතය පිළිපැදීම මගින්"එසේ කිරීමේ ගෞරවයද හදවතට ආලෝකය හා ජීවය ලබා ගන්නේය. 

ඉබ්නු අතා පැවසූ බව ඉබ්නුල් කය්යිම් පවසයිඃ කවුරුන් සුන්නතයේ ආචාර ධර්ම ග්‍රහණය කර ගන්නේද ඥාණයේ ආලෝකය මගින් අල්ලාහ් ඔහුගේ හදවත කාන්තිමත් කරන්නේය.අප සෙනෙහවන්තයා වන නබිතුමන්ගේ මග පෙන්වීම් ඔහුගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ ගුණාංග පිලිපැදීමට වඩා උසස් තනතුරක් නොමැත. -(ග්‍රන්ථය මදාරිජුස් සාලිකීන්   644/2- 

ඔහු තවදූරටත් මෙසේ පවසයිඃසුන්නාහ්ව පිලිපදින්නන් තුල එක් ජීවමානයක්ද ආලෝකයක් සහ වන්දනාවන්හි එක් රස  වින්ඳනයක් අපට දැකිය හැකිය.හසන් තුමානන් මෙසේ පවසයි නියත වශයෙන්ම මූංමින්වරයා වන්දනාවන්හි රස   වින්ඳනය විඳීම හා ගෘරවය දෙනු ලැබූ අයයි. (ග්‍රන්ථය -ඉජ්තිමාඋල් ජුයූශිල් ඉස්ලාමිය්යා 8/1-

brightness_1 සුන්නතය පිළිපැදීමේ ප්‍රයෝජනයන්

මාගේ හිතාදර සහෝදරවරුනි සුන්නතය පිළිපැදීම නිසා බොහෝ ඵල ප්‍රයෝජන ඇති අතර එයින් ඇතැමක් පහත සඳහන් කර ඇතඃ

1. අල්ලාහ්ගේ සෙනෙහයට පාත්‍ර වීම.නෆීල් ඉබාදත් මගින් අල්ලාහ් වෙත සමීප වීම හරහා අල්ලාහ්ගේ සෙනෙහස ගැත්තාට ලබා ගත හැකිය.  

ඉබ්නුල් කය්යිම් (රහිමහුල්ලාහ්- මෙසේ පවසයිඃ ඔබ අල්ලාහ්ගේ සෙනෙහවන්තයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ව බාහිරව සහ අභ්‍යන්තරව පිළිපැද ඔහුගේ සියලූ පුවත් සත්‍ය කර ඔහුගේ මගපෙන්වීම් පිළිපැද ඔහුගේ ඇරයුමට ප්‍රතිචාර දක්වා අන් සැමට වඩා ඔහු අගය කර අන් සියල්ලන්ගේම නීතියට ඉහලින් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ නීතියට යටත්වද අන් සැමගේ ආදරයට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ ආදරයට මුල් තැන දී අන් අයට අවනත වනවාට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට අවනත වන තෙක් ඔබව අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.(ග්‍රන්ථය මදාරිජුස් සාලිකීන් 37/3-.  

2. අල්ලාහ් අප සමග සමීප වීම ගැත්තාට ලැබේ. මෙසේ වුවහොත් අල්ලාහ් ඔහුට යහක්‍රියාවල යෙදීම පහසු කරන්නේය.එබැවින් ඔහුගේ සිරුරෙන් අල්ලාහ් ප්‍රිය කරන දේ මිස අන් කිසිවක් සිදූ නොවේ.

3. ප්‍රාර්ථනා පිලිගනු ලැබීම කවුරුන් නෆ්ල් මගින් අල්ලාහ්ට සමීප වන්නේද ඔහුට අල්ලාහ්ගේ සෙනෙහස ලැබෙන්නේය. කවුරුන්ට අල්ලාහ්ගේ සෙනෙහස ලැබෙන්නේද ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිගනු ලැබීමේ වරම ලැබේ.

මෙම ප්‍රයෝජන තුන පහත හදීසය සනාථ කරයි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූහුරෙයිරා (රලියල්ලාහු අන්හු- දන්වා සිටියිඃනිශ්චය වශයෙන්ම මෙසේ පවස්නනේයඃකවුරුන් මාගේ සෙනෙහෙව න්තයාට (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට සතුරු වන්නේද ඔහුට එරෙහිව මා සටන් ප්‍රකාශ කර ඇත්තෙමි.මාගේ ගැත්තාට මට සමීප විය හැකි ඉතාම ප්‍රියජනක දෙය මා ඔහුට අනිවාර්්‍ය කළ දෙය හැර අන් කිසිවක් නැත.නෆිල් ඉබාදතය මගින් මාගේ ගැත්තා මට සමීප වෙමින් සිටින්නේය. අවසානයෙහි මා ඔහුය පි්‍රය කරන්නෙමි. මා ඔහුව ප්‍රිය කළේ නම් ඔහු ශ්‍රවනය කරන සෙවන බවට මම පත් වෙමි. ඔහු බලන  දෑස බවට මා පත් වෙමි.තවද ඔහු ස්පර්ශ කරන හස්තය බවට මා පත් වෙමි. ඔහු ඇවිදින පය බවට මා පත් වෙමි. ඔහු මගෙන් යමක් ඇසුවේ නම් මම එය ඔහුට දෙන්නෙමි. ඔහු මාගෙන් ආරක්ෂාව පැතුවේ නම් මම ඔහුට ආරක්ෂාව දෙමි. -(ග්‍රන්ථය බුහාරි 6502- 

4. ෆර්ල් ඉබාදත්වල අඩුව පිරිමැසීමඃ යම් කෙනෙකුගේ අනිවාර්්‍ය ඉබාදත්වල අඩුපාඩු තිබුනේ නම් ඔහුගේ නෆිල් ඉබාදත් මගින් එය සපුරනු ලැබේ. 

පහත හදීසය සනාථ කරයි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පවසනු තමා ඇසූ බව අබූහුරෙයිරා දන්වයිඃකියාමත් දිනයෙහි ගැත්තාගේ ක්‍රියාවලින් පළමුවෙන් විමසනු ලබන්නේ ඔහුගේ සලාතය පිළිබඳවය.එය නිසි ලෙස තිබුනේ නම් ඔහු ජය ගනු ඇත. එය නිසි ලෙස නොතිබුනේ නම් ඔහු අලාභ ලබන්නෙක් වන්නේය පසු තැවෙන්නේය. ඔහුගේ ෆර්ල් ඉබාදත්වල යම් අඩුපාඩු තිබුනේ නම් මාගේ ගැත්තාට නෆිල් ඉබාදත් කිසිවක් තිබේදැයි බලන මෙන් අල්ලාහ් අණ කරනු ඇති අතර එසේ තිබුනේ නම් ෆර්ලවල අඩුපාඩුව එමගින් සපුරනු ලැබේ. පසුව සෑම යහක්‍රියාවක් විෂයයෙහිම මෙසේ සිදූ වේ. -(ග්‍රන්ථය මුස්නද් අහ්මද් 9494" අබූදාවුද් 864" තිර්මිදී 413.   ඉමාම් අල්බානී මෙය සනාථ දැන්වීමක් යැයි ප්‍රකාශ කර ඇත -ග්‍රන්ථය සහීහුල් ජාමි 405 / 1-

5. හදවතට ජීවය ලැබේ යම් ගැත්තෙකු සුන්නතය ආරක්‍ෂා කරන්නෙකුව සිටින්නේ නම් එයටත් වඩා වැදගත් දෙයද ආරක්ෂා කරන්නෙකු වන්නේය. එබැවින් අනිවාර්ය කරුණු අතපසු කිරීමට හෝ එහි අඩුවක් කිරීමට ඔහුට හැකි වන්නේ නැත.තවද මෙමගින් ඔහුට තවත් දායාදයක් ලැබේ.එනම් අල්ලාහ්ගේ සලකුණුවලට ගරු කිරීමේ භාග්‍යය එහුට ලැබේ.තම හිමිට අවනත වීම මගින් මොහුගේ හදචත ප්‍රාණවත් වේ. මෙයට පටහැනිව කවුරුන් සුන්නත් චර්යා ගැන නොසැලකිල්ලෙන් සිටින්නේද ඔහු ෆර්ල් ක්‍රියාද අත් හරින්නෙකු කිරීම මගින් දඩුවම් කරනු ලබන්නේය.    

6. බිද්හත්වලට-නූතන ක්‍රියාවන්- ගොදූරු වීමෙන් ආරක්ෂාව  ගැත්තා සුන්නතය පිලිපදින්නෙකුව සිටින විට සුන්නතයක් නොවන ක්‍රියාවක් මගින් කුසල් නොකිරීමට සැලකිලිමත් වන්නේය. මෙලෙසින් ඔහු බිද්හත්වලින් රැකවරනය ලබන්නේය.   

මේවා හැර සුන්නතයන් පිළිපැදීමේ මහිමයන් තව බොහෝ ඇත. කවුරුන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානනගේ සුන්නතය පිළිපදින්නේද අල්ලාහ් ඔහුට ප්‍රමාණවත්ය.තවද අල්ලාහ් ඔහුගේ මග පෙන්වන්වා සහ උදව් කරන්නා මෙන්ම ආරක්‍ෂා කරන්නාද වන්නේය යැයි ඉබ්නු තයිමය්යා (රහ්මතුල්ලා- පවසයි -(ග්‍රන්ථය අල් කාඉදතුල් ජලීලා 160 /1- ඉබ්නු තය්මිය්යාගේ ශිෂ්‍යයා ඉබ්නු කය්යිම් මෙසේ පවසයිඃ කවුරුන් ශුද්ධ කුර්ආනය සහ සුන්නාව පිලිපැද තම හදවතින් අල්ලාහ් වෙතට සංක්‍රමණය කරන්නේද සත්‍යවන්තයා ජය ලැබුවා ඔහුය.-(ග්‍රන්ථය මජාරිලූස් සාලකීන් 467/2-