languageIcon
search
search
උදේ හා සවස දික්රයන්. උදේ හා සවස දික්රයන්. ( එහි සංඛාව. 4 විෂයන් )

1 වතාවන්

brightness_1

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

මෙමගින් උදෑසන දක්වා ෂයිතාන්ගෙන් ආරක්ෂාව දෙනු ලැබේ. 

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි කෙනෙකු සකාතයේ වස්තුවෙන් සොකරම් කරනු අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු දූටුවේය.ඔහු අසු වුනු සැම විටම තමාගේ දූගී බව ගැන කියා මැසිවිලි නැගුවේය.තුන්වන වතාවටත් මෙසේ සිදූ වුනු විට මෙය ගැන මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට සැල කළ යුතු යැයි අබූ හුරයිරා රලියල්ලාහු අන්හු සිතා ගත්තේය. එවිට සොරකම් කළ තැනැත්තා තමාව අත් හරින මෙන්ද එසේ කළහොත් අල්ලාහ්ගෙන් ප්‍රයෝජන ලබා ගත හැකි දෙයක් කියා දෙන බවද ඔහු කීවේය. එවිට එය කුමක්දැයි අබූ හුරයිරා රලියල්ලාහු අන්හු ඇසුවේය.එයට ඔහු ඔබ නින්දට යන්නට පෙර ආයතුල් කුර්සී පාරායණය කරන්න.ඔබ එසේ කළේ නම් ඔබට අල්ලාහ් වෙතින් ආරක්ෂකයෙකු ලැබී ෂයිතාන් ඔබට සමීප නොවනු ඇත යැයි කීවේය.පසුව අබුහුරෙයිරා රලියල්ලාහු අන්හු ඔහුව අත් හැර දැම්මේය. පසුදින උදෑසන පෙර දින රාත්‍රියයෙහි සිදූවුයේ කුමක්දැයි නබි තුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- අබුහුරෙයිරා රලියල්ලාහු අන්හුගෙන් ඇසුවේය.සිදූ වුනු දෙය අබූහුරෙයිරා පැවසුවේය.එයට නබිතුමන් ඔහු මුසාවාදියෙකු වුවද ඔහු ඔබට සත්‍යය කීවේය.එසේ පවසා ඔබ වෙත රාත්‍රි තුනක් ඔබ වෙත පැමිණියේ කවුදැයි ඔබ දන්නවාද යැයි අබුහුරෙයිරාගෙන් නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- විමසූහ.එයට අබු හුරෙයිරා නැත යැයි කීවේය. එවිට ඒ ෂයිතාන් යැයි නබිතුන් පිළිතුරු දූන්හ. (ග්‍රන්ථයඃ බුහාරි 2311 මුස්ලිම් 10795-

.......

3 වතාවන්

brightness_1

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වියඃනබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සෑම රාත්‍රියකම සයනයට පැමිණි විට එතුමන්ගේ අත් දෙක එක් කර කුල් සුරා තුන පාරායණය කර අත්ලේ පිඹ හැකි පමණ සිරුරේ ගා ගනිති.මෙවිට එතුමන් හිස මුහුණ හා සිරුරේ ඉදිරි කොටස්වලින් අරම්භ කරති.මෙසේ එතුමන් තුන් වතාවක් කරති.(බුහාරි 5017-

ඉහත හදිසයෙන් ලැබෙන ප්‍රයෝජනයක් නම් නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  මෙම සුන්නාහ්ව සෑම රාත්‍රියකම කරන බව ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පවසා ඇත.මෙම සුන්නාහ්ව අනුගමනය කරන්නට සිතන්නන් තම අත්ල එක් කර කුල් සූරා තුන පාරායණය කර අත්ලේ පිඹ හැකි පමණ සිරුරේ ගා ගත යුතු අතර මෙවිට හිස හා මුහුණ අරම්භ කළ යුතුය. මෙසේ තුන් වතාවක් කළ යුතුයි.

පිඹීම යනු කෙළ පිටවන තරමට නොතිබිය යුතුය. 

.......

1 වතාවන්

brightness_1

උර්වත් ඉබ්නු නව්ෆල් රලියලලාහු අන්හු තම පියාගෙන් දැන ගත් හදීසය මෙසේ දන්වා සිටියිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් නව්ෆල්ට මෙසේ පැවසුවේයඃ ඔබ සුරතුල් කාෆිරූන් පාරායණය කර එය සමගම නිදා ගන්න.නිශ්චය වශයෙන්ම මෙය ෂිර්ක් වෙතින් නිදහස් වීමකි.(ග්‍රන්ථය අහ්මද් 21934 අබූදාවුද් 5055 තිර්මිදී 3403. ඉමාම් අල්බානි ඉබ්නු බාස් මෙය හසන් හදීසයක් යැයි පවසයි-.

ඉමාම් ඉබ්නු හජර් රහිමහුල්ලා මෙසේ පවසයි.නිදා ගන්නා විට පාරායණය කළ යුතු දේවල් සඳහන් වුනු එය සනාථ හදීස් බොහෝ ඇත.එකක් නම් ආයතුල් කුර්ෂී ගැන සඳහන්ව තිබෙන අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හුගෙ දැන්වීමකි.තවත් එකක් නම් බකරාව ගැන සඳහන් වන ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි.තවත් එකක් නම් සුරතුල් කාෆිරූන් ගැන සඳහන්ව ඇති උර්වත් ඉබ්නු නව්ෆල් රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි.(ග්‍රන්ථය අල් ෆත්හ් 6319-

.......

1 වතාවන්

brightness_1

اللَّهُمَّ رَبَّ السَّمَاوَاتِ وَرَبَّ الأَرْضِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ، رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ، فَالِقَ الْحَبِّ وَالنَّوَى، وَمُنْزِلَ التَّوْرَاةِ وَالإِنْجِيلِ وَالْفُرْقَانِ، أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ، اللَّهُمَّ أَنْتَ الأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٌ ، وَأَنْتَ الآخِرُ فَلَيْسَ بَعْدَكَ شَيْءٌ، وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ، وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ، اقْضِعَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ

අල්ලාහුම්ම රබ්බස්සමාවාති වරබ්බල් අර්ලි වරබ්බල් අර්ෂිල් අළීමි රබ්බනා වරබ්බ කුල්ලි ෂයි.ෆාලිකල් හබ්බි වන් නවා.වමුන්සිලත් තව්රාති වල් ඉන්ජීලි වල් ෆුර්කාන් අඌදූබික මින්ෂර්රි කුල්ලි ෂයිඉන් අන්ත ආහිදූන් බිනාසියතිහා අල්ලාහුම්ම අන්තල් අව්වලූ ෆලයිස කබ්ලක ෂයිඋන් වඅන්තල් ආහිරු  ෆලයිස බංදක ෂයිඋන් වඅන්තල්ලාහිරු ෆලයිස ෆව්කක ෂයිඋන් වඅන්තල් බාතිලූ ෆලයිස දූනක ෂයිඋන් ඉක්ලී අන්නද්දයින වඅග්නිනා මිනල් ෆක්රි.(ග්‍රන්ථය මුස්ලිම් 2713 මෙය අබූහුරෙයිරා රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි-

.......

100 වතාවන්

brightness_1

سبحان الله (33)، الحمد لله (33)، الله أكبر (34) م

රාත්‍රියෙහි නිදා ගන්නාවිට මෙම සුන්නාහ්වන් අනුව කටයුතු කිරීමට අගනා මහිමයන් ඇත.එදින ඔහු වුනු මහන්සිය සඳහා වන ශක්තිය ප්‍රතිස්ථානපය කරනු ලැබේ.

පහත සඳහන් හදිස් මෙය සනාථ කරයි අලි (රලියල්ලාහු අන්හු- මෙසේ පවසයි ෆාතිමා තුමියට ඇඹරුම් ගලෙන් තම අතට තුවාල ඇති වී ඒ පිළිබදව පැමිණිලි කළාය.(මේ පිළිබදව නබි තුමානන්ට පවසා එක් සේවකයකු ලබා ගැනීම පිනිස ඇය නබි තුමා වෙත පැමිණි අවස්තාවේදී- එක් සිරකරුවෙකු නබි තුමා වෙත පැමින සිටියේය.එබැවින් ඇය ඔහුව මුන නොගැස හැරී ගියාය.(යන මගෙහි- ඇය ආයිෂා තුමියව මුන ගැසී ඇය පැමිනී කාරනය ඇයට පැවසුවාය.පසුව නබි තුමානන් පැමිනී විට ෆාතිමා තුමිය පැමිනි බව ආයිෂා තුමිය නබි තුමාට දැන්වුවාය.අප අපගේ නිදන ඇතිරිල්ල සූදානම් කර තිබෙන විට නබි තුමානන් අප වෙත පැමිණියේය.අප එවිට නැගිටින්නට යන විට ඔබ ඔබගේ තැනෙහිම සිටින්න යැයි නබි තුමානන් පවසා ඔහු අප අතරෙහිම වාඩි විය. එවිට ඔහුගේ කකුලෙහි සිසිල මට දැනුනි.ඔබ මාගෙන් ඇසූ දෙයට වඩා විශේෂ දෙයක් මා ඔබලාට උගන්වන්නද යැයි ඔහු අපගෙන් අසා මෙසේ පැවසුවේය.ඔබ ඔබගේ යහනයට යන විට අල්ලාහු අක්බර් යැයි 34 වතාවක්ද සුබ්හානල්ලාහ් යැයි 33 වතාවක් හා අල්හම්දූලිල්ලාහ් යැයි 33 වතාවක් පැවසීම ඔබලාට මෙහෙයුකරුවෙකු ලැබීමට වඩා අගනේය.(ග්‍රන්ථය බුහාරි 3705 සහ මුස්ලිම් 2727-

නබි  (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමාගෙන් මෙය මා ඇසූ දා සිට මා මෙය අත්හැරියේම නැත යැයි අලි රලියල්ලාහු අන්හු තුමානන් පවසා ඇත යැයි එක් වාර්තාවක සදහන් වෙයි.එවිට සිෆ්ෆීන් රාත්‍රියෙහි පවාද.යැයි අසන ලැබූ විට සිෆ්ෆීන් රාත්‍රියෙහි පවා මා අත් හැරියේ නැත යැයි ඔහු පිළිතුරු දූන්නේය.(ග්‍රන්ථයඃ බුහාරි 5362  මුස්ලිම් 2727-

මෙයින් සහාබාවරුන් සුන්නාහ්වලට කෙතරම් තන්හාවෙන් හා ප්‍රිය කරමින් සිටියා දැයි පැහැදිලි වෙයි.අලි රලියල්ලාහු අන්හු නායකත්ව ලබා දූන් සටනක යෙ දී සිටි රාත්‍රියක පවා ඔහු මෙම සුන්නාහ්ව ඔහු අත්හැරියේ නැත.සුඵ සුඵ හේතූන් දක්වා අද කාලයේ මිනිසුන් සුන්නාහ්වන් අත් හරිනු දකින්නෙමු. මෙයටත් වඩා කණගාටුදායක දෙයක් නම් කිසිදූ හේතුයවක් නොමැති අය පවා සුන්නාහ්වන් අනුගමනය නොකිරීමයි.මෙයට දෙවියන් විෂයයෙහි අනවාධ නයෙන් සිටින ඔහුගේ සිතයි.මෙමගින් බොහෝ කුසල් මිනිසුන්ට අහිමි වෙමින් පවතියි.සුන්නාහ්වලට වැදත්කමක් දෙමින් ඒවා අනුගමනය කිරීමේ භාග්‍යය අල්ලාහ් අපට ලබා දෙත්වා. 

.......

1 වතාවන්

brightness_1

اللَّهُمَّ إِنِّي أَسْلَمْتُ وَجْهِي إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ. لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ

අල්ලාහුම්ම ඉන්නී අස්ලම්තු වජ්හී ඉලෙයික් වෆව්වල්තු අම්රී ඉලෙයික වඅල්ජතු ලහ්රී ඉලෙයික රග්බතන් වරහ්බතන් ඉලෙයික ලා මල්ජඅ වලා මන්ජා මින්ක ඉල්ලා ඉලෙයික ආමන්තු බිකිතාබිකල්ල දී අන්සල්ත වබිනබිය්යි කල්ලදී අර්සල්ත. (ග්‍රන්ථයඃ බුහාරි 247 මුස්ලිම් 2710 මෙය බරාගේ දැන්වීමකි.නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- මෙසේ පැවසු බව බරා ඉබ්නු ආසිබ් රලියල්ලාහු අන්හු දෙන්වයි-ඃඔබගේ සයනයට ඔබ පැමිණෙන විට සලාතයට වුලූ කරන්නා සේ වුලූ කර ගන්න. පසුව දකුණු ඉලය මත හාන්සි වී මෙම දූආව පවන්න.තවද මේවා ඔබගේ අවසාන වැකි බවට තබා ගන්න.එම රාත්‍රියෙහි ඔබ මරණයට පත් වුයේ නම් ඔබ මරණයට පත් වන්නේ ඉස්ලාමය මතමය. ඔබ උදෑසන ලැබුවහොත් යහපත සමගම එය ලබන්නේය. 

මෙම හදීසයෙන් තවත් සුන්නාහ්වක් පැහැදිලි වෙයි.එය නම් මෙම දූආව දිනයේ අවසාන දූආව බවට පත් කර එයින් පසු කිසිත් කථා නොකර නිදා ගත යුතුය.මෙසේ කර ඔහුගේ දෛවයේ ඔහු එදින මරණයට පත් වනු ඇත යැයි තීරණය වී තිබුනොත් ඔහු ඉස්ලාමය සමගම මරණයට පත් වනු ඇත.එසේ නොවේ නම් ඔහු යහපත සමග අවදි වනු ඇත. මෙය සියලූ යහපතක්ම අඩංගු කළ දූආවකි. 

.......

1 වතාවන්

brightness_1

اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

සැලකිය යුතු ශ්‍රේෂ්ඨ දික්රයක් ඇත.එය විශාල කුසලකට හේතු වේ.ගැත්තන්ට අල්ලාහ් තෑග්ගක් වශයෙන් මෙය ලබා දි ඇත. එම දූආව නම් සෙය්යිදූල් ඉස්තිග්ෆාර් වේ.සය්යිදූල් ඉස්තිග්ෆාර් මෙයයිඃ අල්ලාහුම් අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත.කලක්තනී. වඅන අබ්දූක වඅන අලා වවංදික මස් තතහ්තු. අඌදූ බික මින් ශර්රි මා සනහ්තු අබූඋ ලක බිනිහං මතික අලය්ය.වඅබූඋ ලක බිදන්බී.ෆග්ෆිර් ලී ෆඉන්හූ ලා යග්ෆිරුද් දූනූබ ඉල්ලා අන්ත. කවුරුන් මෙය විශ්වාසයෙන් යුතුව දහවලෙහි පවසා එදින සවසට පෙර ඔහු මරණයට පත් වන්නේ නම් ඔහු ස්වර්ගයේ වැසියෙක් වන්නේය.එසේම කවුරුන් මෙය විශ්වාසයෙන් යුතුව රාත්‍රියෙහි පවසා පසුදින උදෑසනට පෙර ඔහු මරණයට පත් වන්නේ නම් ඔහු ස්වර්ගයේ වැසියෙක් වන්නේය.(ග්‍රන්ථය බුහාරි 6306 ෂද්දාද් ඉබ්නු අව්ස්ගේ දැන්වීමකි-.

එබැවින් සියලූ ගැත්තන් මෙම දූආව  දිනපතා පාරායණය කර මෙම මහිමයන් ලබා ගැනීමට උත්සාහ කල යුතුයි.මෙහි කොන්දේසිය නම් පවසන දෙයෙහි අචල විශ්වාසය තිබිය යුතුය. මෙය ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන දූආවකි.මෙම වාසනාව අපට ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් අයදි  සිටිමි. 

.......