මෙම සුන්නතය ගැන සඳහන් කරන හදීස් බොහෝ ඇත.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඑක් මුස්ලිම්ව රයෙකු මත අන් මුස්ලිමවරයෙකු මත වන වගකීම් 6 කි යැයි කී විට ඒවා කුමක්දැයි සහාබාවරුන් විමසූහ.එයට නබිතුමානන් මෙසේ පිළිතුරු දූන්හඃඔහුව මුණගැසුනු විට සලාම් කියන්න.ඔහු ඔබට ආරාධනාවක් කළේ නම් එය පිළිගන්න.ඔහු ඔබගෙන් යම් උපදෙසයක් ඉල්ලා සිටියේ නම් එය ලබා දෙන්න.ඔහු කිඹිහුමක් ඇර අල්හම්දූලිල්ලාහ් යැයි කීවේ නම් යර්හමකල්ලාහ් යැයි පවසන්න.ඔහු අසනීප වූයේ නම් සුවදූක් විමසන්නට යන්න.ඔහු මරණයට පත් වූයේ නම් ඔහුගේ දේහය පසුපස යන්න (ග්‍රන්ථයඃ මුස්ලිම් 2162-
පැහැදිලි කිරීමක්:ඉහත දැන්වීමෙහි මුස්ලිම් සොහොයුරෙකු මුණගැසුනු විට ඔහුට සලාම් කිව යුතු යැයි පවසා ඇත.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් සහ එතුමන්ගේ සහාබාවරුන් මෙම සුන්නතය නොවරදවා කළහ
එයට පිළිතුරු දී ම වාඡිබ්ය,අල්ලාහ් පවසන විට-ඔබට යමෙකු සුබ පැතුවහොත් එයටත් වඩා අලංකාර දෙයින් ඔහුට ඔබ(පෙරලා-සුබ පතන්න. නැතිනම් (අඩු වශයෙන්-එයම පෙරලා පවසන්න.නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ පිළිබඳ ගණන් බලන්නාව සිටින්නේය.(අන් නිසා,86)
පොදූවේ අල්ලාහ් යම් දෙයක් අණ කළේ නම් එය අනිවාර්ය කරුණකි.තවද ඉබ්නු හස්ම් ඉබ්නු අබ්දිල් බර් අෂ් ෂයික් තකිය්යුද්දීන් රහිමහුමුල්ලා වැනි බොහෝ විද්වතුන් පවා සලාතයට පිළිතුරු දීම වාඡිබ් යැයි පවසා ඇත.(ග්‍රන්ථය අල් ආදාබුෂ් ෂර්ඉය්යාහ් (356/1-
සලාම් කීම සඳහා වූ පරිපූර්ණ හා ඉතා උචිතම ක්‍රමය වන්නේ අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු යැයි කීම වේ.
ඉබ්නුල් කය්යිම් රහිමහුල්ලා මෙසේ පවසයිඃනබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්ගේ මග පෙන්වීම වබරකාතුහු දක්වා සලාම් කීමය.(ග්‍රන්ථය සාදූල් මආද් 417/2
- ඉබ්නු අබ්දිල් බර් රහිමහුල්ලා මෙසේ දන්වයිඃ ඉබ්නු අබ්බාස් සහ ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු සලාමය වබරකාතුහු දක්වා පවසා ඇත.අල්ලාහුත ආලා කුර්ආනයේද වරහ්මතුල්ලාහි වබරකාතුහු අලෙකුම් යැයි පවසා ඇත.ඔවුන් දෙදෙනා මෙයට වඩා අදික කිරීමට අප්‍රසන්නතාවය පළ කළෝය.එසේම සලාතය් වමග්ෆිරතුහු යනු වචනය කීම සදහන් වූ නිවරදි දෙයක් නොවන්නේය.
සලාමය පැතිරීම ඉමහත් මහිමයන් මගින් දිරි ගන්වනු ලැබු සුන්නාහ්වකි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමාගේ ප්‍රාණය කවුරුන් අතේ තිබේද ඔහු මත දිවුරා ඔබ විහ්වාස කරන තෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත.ඔබ එකිනෙකා ප්‍රිය කරන තෙක් ඔබ විශ්වාස කරන්නේ නැත.ඔබ කුමක් කළහොත් ඔබලා එකිනෙකා ප්‍රිය කරන්නේද එවන් දෙයක් මා ඔබට දන්වන්නද? ඔබ අතර සලාමය පතුරන්න.(ග්‍රන්ථය,මුස්ලිම් 54)
එම අවස්ථාවන් නම් සලාම් කියනු ලැබූ අයට එය ඇසුනේද යන සැකයක් ඇති වූ විට.නැවත වතාවක් කිව යුතුය"එසේම තුන් වතාවක් කිව යුතුය.තවද විශාල පිරිසකට සලාම් කියන විට ඔවුන්ට ඇසුනේ නැත්නම් ඔවුන් අසනසේ එසේම තුන් වතාවක් කිව යුතුය.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් කථා කරන විට එතුමන් කියන දෙය හොදින් වටහා ගනු පිණිස එය තුන් වතාවක් නැවත නැවත පවසනු ඇත.තවද එතුමන් යම් සමූහයන් වෙත පැමිණෙන විට තුන් වතාවක් සලාම් පවසනු ඇත.(ග්‍රන්ථයඃ බුහාරි 95-
ඉබ්නු හජර් රහිවහුල්ලා මෙසේ පවයිඃ පිරිසකට සලාම් කියන විට එය තුන් වතාවක් කීමේ අරමුණ එම පිරිසේ සිටින සියලූ දේනාටම එය ඇසෙනු පිණිසය.තවද අවශ්‍යතාවය අනුව සලාමය දෙවරක් හෝ තෙවරක් දක්වා වැඩි කළ හැකිය නමුත් එයට වඩා සලාමය වැඩි නොකළ යුතුය.(අල් ෆත්හ් හදීස් අංකය 6244)
ඉහත අනස් රලියල්ලාහු අන්හ්ගේ දැන්වීමෙන් පැහැදිලි වන කරුණක් නම් අප කියන දෙයක් අසන්නා වටහා නොගතහොත් එය තුන් වරක් දක්වා වැඩි කිරීම සුන්නත්ය.
ඉබ්නු හුසෙය්මීන් රහිමහ්ල්ලා මෙසේ දන්වයිඃඑනමුත් නබිතුමානන් මෙසේ පවසන්නේය එතුමන් කියන දෙය අසන්නන්ට වැටහුනේ නැති වට පමණී. කියන දෙය පැහැදිලි වූයේ නම් එතුමන් එය නැවත කියන්නෙ නැත.(ග්‍රන්ථය ෂරහුරියාලූස් සාලිහීන් 1146/2-
අබ්දූල්ලාහ් ඉබ්නු අමර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃකෙනෙකු නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- වෙත පැමිණ ඉස්ලාමයේ ඉතා උසස් වන්නේ කුමක්දැයි ඇසුවේය.එයට නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ආහාර දීම හඳූනන හා නාඳූනන සියල්ලන්ටම සලාම් පැවසීම යැයි කීහ.(ග්‍රන්ථයඃ බුහාරි 12 මුස්ලිම් 39)
හඳූනන අයට පමණක් සලාම්ය පැවසීම සුන්නාහ්වට පටහැනි වන අතර එය කියාමත් දිනය ළං වූ බවට සලකුණකි.මෙය ගැන නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- මෙසේ පවසතිඃනිශ්චය වශයෙන්ම අවසාන හෝරාවෙහි සලකුණක් නම් හඳූනන අයට පමණක් සලාම් කීමය (ග්‍රන්ථය අහ්මද් 3664 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි-.තව දැන්වීමක නිශ්චය වශයෙන්ම අවසාන හෝරාවෙහි සලකුණක් නම් කෙනෙකු තවත් කෙනෙකුට ඔහුව හඳූනන නිසා පමණක් සලාම් කීමය (ග්‍රන්ථයඃ අහ්මද් 3848 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.ග්‍රන්ථය තවත් දැන්වීමක කියාමක් දිනය සමීප වන විට සලාම් පුද්ගලික වනු ඇත.(ග්රන්ථයඃඅහ්මද් 3870 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.ග්‍රන්ථය සහීහුල් අදබිල් මුෆ්රත් 402/1-
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃවාහනයක ගමන් කරමින් සිටින තැනැත්තා පයින් යමින් සිටින්නාට සලාම් කිව යුතුයි.පයින් යන්නා වාඩි වී සිටින්නාට සලාම් කිව යුතුයි.කුඩා පිරිස ලොකු පිරිසට සලාම් කිව යුතුයි.(ග්‍රන්ථයඃ බුහාරි 6233 මුස්ලිම් 2160-"තවත් දැන්වීමක කුඩා ළමුන් වැඩිහිටියන්ටද පයින් යන්නා වාඩි වී සිටින්නාටද කුඩා පිරිස ලොකු පිරිසටද සලාම් කිව යුතුයි.(ග්‍රන්ථයඃ බුහාරි 6234-.
මෙම සුන්නාහ්වට පටහැනි වීම මක්රූහ් නොවුවද නුසුදූසු ක්‍රියාවකි.නමුත් එය පටහැනි නොවීම ඉතා හොදය.වාඩි වී සිටින්නා පයින් යමින් සිටින්නාට සලාම් කිම.වැඩිහිටියන් කුඩා ළමුන්ට සලාම් කිම.
අනස් රලියල්ලාහු අන්හුගේ දැන්වීමක මෙසේ සඳහන් වී ඇතඃඔහු වරක් නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සමග පයින් යමින් සිටි විට කුඩා ළමුන් පසුකර ගියෝය.එවිට නබිතුන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- එම ළමුන්ට සලාම් පැවසූහ. (ග්‍රන්ථයඃ බුහාරි 6247 මුස්ලිම් 2168-
කුඩා ළමුන්ට සලාම් කීම නිසා නිරහංකාර බවක් ඇති වෙයි.තවද කුඩා ළමුන්ට මෙම සුන්නය හුරු වනු ඇත.
නිවසට ඇතුල් වන විට මිස්වාක් කර පසුව සලාම් කිව යුතුය.මිස්වාක් කිරීම වැදගත් සුන්නතයක් වන සිව්වැනි අවස්ථාව මෙයයි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃනබි තුමන් නිවසට පැමිණෙන විට මිස්වාකය මගින් ආරම්භ කරනු ඇත.ඇතැම් විද්වතුන් කවුරුන්හෝ පාලූ නිවසකට ඇතුල් වන විටත් සලාම් කිව යුතුය යැයි පවසති.මන්දයත් අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසා ඇතඃ එහෙයින් ඔබ නිවෙස්හි ඇතුල් වන විට අල්ලාහ්ගෙන් වූ පරිශුද්ධ භාග්‍යවත් පඩුරක් ලෙස ඔබ ඔබ මතම සලාම් පවසන්න. ඔබ වටහා ගනු පිණිස අල්ලාහ් (සිය- වැකි මෙසේ පැහැදිලි කරයි. -(අන් නූර් 61-
ඉබ්නු හජර් රහිමහුල්ලා මෙසේ පවසයිඃපාලූ නිවසකට ඇතුලූ වන විටද මන්ද යත් අල්ලාහ් මෙසේ කුර්ආනයේ පවසයිඃඑහෙයින් ඔබ නිවෙස්හි ඇතුල් වන විට අල්ලාහ්ගෙන් වූ පරිශුද්ධ භාග්‍යවත් පඩුරක් ලෙස ඔබ ඔබ මතම සලාම් පවසන්න "( ග්‍රන්ථය ෆත්හුල් බාරි 6235-
ඇතුල් වන ඕනෑම නිවසක දී සලාම් කීම සුන්නත්ය.මන්දයත් අල්ලාහ් මෙසේ කුර්ආනයේ විශ්වාසවන්තයිනි”නුඹලාගේ නිවස හැර අන් නිවෙස්වලට ඔවුන්ගේ අවසරය නුඹලාට ලැඛෙන තුරුද එහි වැසියන්ට නුඹලා සලාම්ඃ සාමය- පතන තුරුද ඇතුළු නොවනු.මෙය නුඹලාට ඉතා හොඳය. නුඹලාඃමෙය- මෙනෙහි කළ යුතුය -(අන්නූර් 27).
ඉහත සඳහන් වී ඇති පැහැදිලි කිරීම්වලින් නිවසට ඇතුල් වීමට අදාල සුන්නත් තුනක් ඇති බව දැන ගත හැකිය.
පළමුවැන්න අල්ලාහ්ගේ නාමය පැවසීම.රාත්‍රියෙහි නම් විශේෂයෙන් කළ යුතුය.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසනු තමා ඇසු බව ජාබිර් මෙසේ දන්වයිඃකෙනෙකු සිය නිවසට ඇතුල් වන විට අල්ලාහ්ව සිහිකර තම ආහාරයෙහිද අල්ලාහ්ව සිහි කළ විට ‘අද දින ඔබලාට නැවතීමට නිවසක් හෝ අනුභවයට ආහාර නැත යැයි ෂයිතාත් තම සගයන්ට පවන්නේය. එසේ නිවසට ඇතුලූවන විට අල්ලාහ්ව සිහි කරන්නට කෙනෙකුට අමතක වුවහොත් ‘අද දින ඔබලාට නැවතීමට නිවසක් සහ අනුභවයට ආහාර ලැබී ඇත යැයි ෂයිතාත් තම සගයන්ට පවන්නේය.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2018-
දෙවැන්නඃමිස්වාක් කිරීම මෙය පිළිබඳ ආයිෂා තුමියගේ දැන්වීමක පෙර සඳහන් විය.
තුන්වැන්නඃනිවැසියන්ට සලාම් කීම.
නබිතුමානන් මෙසේ කළෝය.මික්දාද් ඉබ්නුල් අස්වද් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රි වේලාවෙහි නිවසට පැමිණෙන විට නිදා සිටින්නන් අවදි නොවන ලෙසින්ද අවදිව සිටින්නන්ට ඇසෙන පරිදි සලාම් කියනු ඇත.(මුස්ලිම් 2055)
යම් පුද්ගලයකු සදහා සලාමය සැල කිරීමද සුන්නත්ය "එනම් සලාතය මගේ සලාමය දන්වන්න යැයි කීමයි.එමගින් සලාමය සැල කිරීමද සුන්නත්ය වන්නේය.
පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් තමාට පැවසූ බව ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃනිශ්චය වශයෙන්ම ඡිබ්රීල් ඔබට සලාම් පවසන්නේය.එයට ඇය අලෙහිස්සලාම් වබරාකුතුහූ යැයි පැවසුවාය.(ග්‍රන්ථයඃ බුහාරි 3217 මුස්ලිම් 2447).
ඉහත හදීසයේ නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඡිබ්රීල්ගේ (අලෙහිස්සලාම්- සලාමය සැල කර ඇත.එබැවින් එසේ කිරීම සුන්නතයක් යැයි පැහැදිලි වේ.
එක් සභාවකට පැමිණ විට එයට සලාම් පවසනවා මෙන්ම එය අවසන් වී නික්ම යන විට හෝ අතරමැද නැගිට යන විට සලාම් කීම සුන්නත්ය.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ ඔබගෙන් කෙනෙකු එක් සභාවකට පැමිණෙන විට හා එයින් නික්ම යන විට සලාම් පවසන්න.එයින් නැගට යන විටද සලාම් පවසන්න.ප්‍රථම සලාමය අවසාන සලාමයට වඩා උසස් එකක් නොවේ.(ග්‍රන්ථය අහ්මද් 9664 අබූදාවුද් 5208 තිර්මිදී 2706 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.(ග්‍රන්ථය සහීහුල් ජාමි පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි 132/1).
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්) තුමානන් තමාට පැවසූ බව අබූදර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃකිසිඳූ යහ ක්‍රියාවක් හෝ ඔබ අවතක්සේරු නොකරන්න.එය ඔබගේ සොහො යුරාව සිනහමුසු මුහුණින් හමුවීම වැනි දෙයක් වුවද කම් නැත( ග්‍රන්ථයඃ මුස්ලිම් 2626-"තවත් දැන්වීමක මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූහඃඔබගේ සොහොයු රාගේ මුහුණ සිනහමුසුව බැලීම ඔබට සදකාවකි.(ග්රන්ථයඃතිර්මිදී 1956 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.(ග්‍රන්ථය අස්සහීහා.572).
කෙනෙකුව හමු වන විට සභාවකදී හෝ අන් ඕනෑම අවස්ථාවක අලංකාර වදන් පැවසීම සුන්නත් හා එය සදකාද වේ.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඅලංකාර වදන් පැවසීමද සදකා වේ. (ග්‍රන්ථයඃ බුහාරි 2989 මුස්ලිම් 1009)
අදීය් ඉබ්නු හාතිබ් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනබිතුමානන් වරක් නිරය ගැන දැඩි ලෙසින් පැවසූහ.පසුව නිරයෙන් ආරක්ෂාව ලබා ගන්න යැයි පැවසූහ. එතුමන් කෙතරම් දූරට දැඩි ලෙස කීවේද යත් එතුමන් නිරය බලාගෙනම එසේ පවසන්නේදෝ යැයි අප සිතුවෙමු.පසුව රටඉදි කීතුවකින් හෝ නිරයෙන් ආරක්ෂාව ලබා ගන්න. කවුරුන් මෙයද නොලබන්නේද අලංකාර වදන් මගින් හෝ නිරයෙන් ආරක්ෂාව ලබා ගන්න යැයි කීහ.(ග්‍රන්ථයඃ බුහාරි 6023 මුස්ලිම් 1016).
මිනිසුන් අතර බොහෝ අවස්ථාවන්හි ඉතා අලංකාර වදන් භාවිතා කළ හැකිය. එම වදන් සියල්ල ගණන් කළ විට ඔවුන්ට විශාල ප්‍රමාණයක් සදකා දූන් කුසල් ද ලබා ගත හැකිය.
ඉබ්නු හුසෙයිමින් මෙසේ පවසයිඃයහපත් වදන් යනු ඔබගේ සුව දූක් කෙසේද? ඔබගේ සොහොයුරන් සනීපෙන්ද?
ඔබගේ නිවැසියන් සනීපෙන් සිටිනවාද?වැනි වදන්.මන්ද යත් මෙවැනි වදන්ද අසනු ලබන්නාට සතුට ගෙන දිය හැකිය.එබැවින් මෙවැනි වදන් අල්ලාහ් අබියස ඔබට සදකාවට සමාන වන්නේය.(ග්රන්ථයඃෂරහු රියාලූස්සාලිහීන් 996/2).
සභාවක දී දික්ර් කිරීමේ මහිමයන් සම්බන්ධ හදීස් මෙන්ම එය දිරිගන්වන හදීස් බොහෝ ඇතග මුහම්මද්ඃසල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනිශ්චව වශයෙන්ම අල්ලාහ්ට ඇතැම් මලාඉකාවරුන් සිටිතිගඔවුන් වීදීයේ දික්ර් කරන වැසියන්ව සොයමින් සැරිසරතිගඅල්ලාහ්ව සිහි කරන පිරිසක් ඔවුන් දූටු විට‘ඔබගේ අවශ්යිතාවය කරා සීඝ්රවව පැමිණෙන්න යැයි ඔවුන් එකිනෙකා අදුනා ගහතිගතවද තම පිහාටු මගින් පහළ අහස දක්වා මොවුන්ව සිසාරා සිටිතිගඃපසුව ඔවුන් අල්ලාහ් වෙත ගිය විට- එම පිරිස ගැන මලාඉකිවරුන්ටත් වඩා හොදින් දන්නා ‘මාගේ ගැත්තන් කුමක් පවසන්නෝදරෑ’ යැයි අසනු ඇතගඑවිට මලාඉකාවරුන් ‘ඔවුන් ඔබව තහ්බීහ් තක්බීර් කර ඔබව ප්රයශංසා කරන්නෝයග තවද ඔබව ආනිසංශනය කරන්නෝයග පසුව ‘ඔවුන් මාව දැක ඇත්තේදරෑ’ යැයි අල්ලාහ් අසනු ඇතග එයට ‘නැතග අල්ලාහ් මත දිවුරා ඔවුන් ඔබව දැක නැත’ යැයි මලාඉකාවරු පවසතිග ‘ඔවුන් මාව දැක තිබුනේ නම් ඔවුන්ගේ තත්වය කෙසේ වනු ඇතිදරෑ’ යැයි අල්ලාහ් අසනු ඇතග ‘ඔවුන් ඔබව දූටුවේ නම් ඔබට මෙයටත් වඩා තීව්රබ ලෙසින් ප්රාශංසාද ආනිසංශනයද කරනු අතග මෙයට වඩා අධිකව තස්බීහ්ද කරනු ඇත’ යැයි මලාඉකාවරු පවසනු ඇතග ඔවුන් මාගෙන් කුමක් ඉල්ලන්නෝදරෑ යැයි අල්ලාහ් නැවතත් අසනු ඇතග ඔවුන් ඔබගෙන් ස්වර්ගය ඉල්ලති යැයි මලාඉකාවරු පවසනු ඇතග ‘ඔවුන් ස්වර්ගය දැක ඇත්තේදරෑ’ යැයි අල්ලාහ් අසනු ඇතග එයට ‘නැතග අල්ලාහ් මත දිවුරා ඔවුන් ස්වර්ගය දැක නැත’ යැයි මලාඉකාවරු පවසතිග ‘ඔවුන් එය දැක තිබුනේ නම් ඔවුන්ගේ තත්වය කෙසේ වනු ඇතිදරෑ’ යැයි අල්ලාහ් අසනු ඇතග ‘ඔවුන් එය දැක තිබුනේ නම් එයට තවත් ආශා කර එය සඳහා දැඩි ලෙස වෑයම් කර එයට ආශා කරනු ඇත’ යැයි මලාඉකාවරු පවසනු ඇතග පසුව ‘ඔවුන් කුමකින් ආරක්ෂා පතන්නෝදරෑ’ යැයි අල්ලාහ් අසනු ඇතග එයට නිරයෙන් ආරක්ෂාව පතති’ යැයි මලාඉකාවරු පවසනු ඇතගඔවුන් නිරය දැක ඇත්තේදරෑ’ යැයි අල්ලාහ් අසනු ඇතග එයට ‘නැතග අල්ලාහ් මත දිවුරා ඔවුන් නිරය දැක නැත’ යැයි මලාඉකාවරු පවසතිග ‘ඔවුන් එය දැක තිබුනේ නම් ඔවුන්ගේ තත්වය කෙසේ වනු ඇතිදරෑ’ යැයි අල්ලාහ් අසනු ඇතග ‘ඔවුන් එය දැක තිබුනේ නම් එය ගැන දැඩි ලෙස බියවී එයින් පළා යනු ඇත’ යැයි මලාඉකාවරු පවසනු ඇතග එවිට ‘මා ඔවුන්ට සමාව දූන්නෙමි යන්නට ඔබලා සාක්ෂි දරන්න යැයි අල්ලාහ් පවසනු ඇතගඑවිට ඵක් මලාඉකාවරයෙකු‘තමඃවෙනත්- අවශ්තාවයක් සඳහා එහි පැමිණි පුද්ගලයෙකුද සිටියේය’ යැයි කියනු ඇතග එවිට අල්ලාහ් ‘මෙම සභාවේ සිටින්නන් කෙබන්දන්ද යත් එහි පැමිණෙන කිසිවෙකු අභාග්යබ සම්පන්න වන්නේ නැත’යැයි කියනු ඇත, ග්රින්ථයඃ බුහාරි 6408 මුස්ලිම් 2689-
දික්ර් සභාවන් පිළිබඳ මහිම බොහෝ ඇති නමුත් එය විස්තර කිරීමට මෙය අවස්ථාව නොවේ.යම් සභාවකට සහභාගි වුවහොත් අල්ලාහ් සිහි නොකර එයින් නැගිටීම නුසුදූසුය.අල්ලාහ්ව මෙනෙහි නොකරනු ලබන සභාවන්ට නින්දා කරන හදීස් දැන්වීම් බොහෝමයක් ඇත.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා මෙසේ දන්වයිඃයම් පිරිසක් අල්ලාහ්ව මෙනෙහි නොකරන සභාවකින් නැගිට යන්නේ නම් එය මැරුණු බූරුවෙකු වෙතින් නැගිටින්නන්ට සම වේ. තවද එය ඔවුන්ට පසුතැවිල්ලට හේතුවක් වනු ඇත.(ග්රන්ථඃඅහ්මද් 10680 අබූදාවුද් 4855 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.ග්‍රන්ථය තහ්රීජුල් කලිමිත් තය්යිබ් 166/1-
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අනුහු මෙසේ දන්වයිඃකවුරුන් සභාවත වාඩි වී එහි අනවශ්‍ය කථා අධික වී එම සභාවෙන් නැගිටීමට පෙර සුබහානකල්ලාහුම් වබිහම්දික අෂ්හදූ අන්ලා ඉලාහ ඉල්ලා අන්ත අසතග්ෆිරුක වඅතූබි ඉලෙයික යැයි පවසන්නේද සභාවේ සිදූ වුනු දේ ඔහුට සමා කරනු ලැබේ.(ග්රන්තයඃතිර්මිදි 3433 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.ග්‍රන්ථය සහීහුල් ජාමිං 1065/2)