languageIcon
search
search
brightness_1 මෙම වේලාවෙහි ලූහා සලාතය ඉටු කිරීම සුන්නත් වේ

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

අ- අබූ හුරයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමාගේ මිත්‍රයා උපදෙස් තුනක් ලබා දූන්නේය.එය සෑම මසකම දින තුනක් උපවාසය රැකීම.ලූහා රකඅත් දෙක්ක ඉටු කිරීම සහ නිදා ගැනීමට පෙර විත්ර් සලාතය ඉටු කිරීම.මෙම කරුණුයන් කරන මෙන් අබූ දර්දාටද නබිතුමන් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- උපදෙස් කර ඇත.(ග්‍රන්ථයඃ මුස්ලිම් 722 තවද මෙම කරුණුම කරන මෙන් අබූ දර්දා රලියල්ලාහු අන්හුටත් නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- උපදෙස් කර ඇත.(නසාඊ සුනනුල් කුබ්රා 2712 අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. (ග්‍රන්ථය අස්සහීහා 2166)-

ආ- මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ දර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබ උදෑසන ලබන විට ඔබගේ පුරුක් වෙනුවෙන් ඔබට සදකාවක් අනිවාර්ය වේ. සුබහානල්ලාහ් යැයි වරක් කීම සදකාවකි.අල්හම්දූල්ලාහ් යැයි වරක් කීම සදකාවකි.ලාඉලාහා ඉල්ලල්ලාහ් යැයි වරක් කීම සදකාවකි.අල්ලාහු අක්බර් යැයි වරක් කීම සදකාවකි.යහපත අණ කිරීමද සදකාවකි.අයහපත වැළකීමද සදකාවකි. ලූහා වේලාවේ රකඅත් දෙකක් ඉටු කිරීම මේ සියල්ලට සමාන වේ. (ග්‍රන්ථයඃ මුස්ලිම් 720-        

පුරුක් සඳහා භාවිතා කර ඇති වචනය සුලාමා වේ.

සෑම මිනිසෙකුවම පුරුක් 360 සහිතව මවා ඇත.මෙම සංඛ්‍යාවක් කවුරුන් සදකා කරන්නේද ඔහු එදින තමන්ව නිරයෙන් ඈත් කළ කෙනෙකු වන්නේය යැයි ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පවසයි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ආයිෂා රලියල්ලාහු අන්හා මෙසේ දන්වයිඃආදම්ගේ දරුවන්ගෙන් සෑම කෙනෙකුවම පුරුක් 360 සහිතව මවා ඇත.කවුරුන් අල්ලාහ්ව තක්බීර් කර ප්‍රශංසා කර ලාඉලාහා ඉල්ලල්ලාහ් යැයි පවසා තස්බීහ්ද කර අල්ලාහ්ගෙන් සමාව අයැද මිනිසුන්ගේ මාර්ගයේ බාධාවක් ලෙසින් තිබෙන ගලක් ඉවත් කර හෝ ඇනෙන කටුවක් හෝ අස්ථීයක් ඉවත් කරන්නේද සහ යහපත අණ කර. අයහපත වළක්වන්නේද ඔහු එම පුරුක් 360 ම සදකාව මගික් ගණන් කර ඇත.තවද ඔහු එදින තමන්ව නිරයෙන් ඈත් කළ කෙනෙකු වන්නේය.(ග්‍රන්ථය මුස්ලිම් 1007-

ලූහා සලාතයේ මහිමයන්.

1. ලූහා සලාතය අබූ බක්ර් අබූ සර් හා අබුද් දර්රදා රලියල්ලාහු අන්හුම් වැනි ඇතැම් සහාබාවරුන්ට නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- විසින් කරන ලද උපසේසයකි. නබි තුමානන් යම් කෙනෙකුට උපදෙසක් කළහොත් එය මුඵ උම්මතයටම අදාල වේ.එබැවින් මෙය නබි තුමානන් අපටම කළ උපදේසක් යැයි සිතා ගත යුතුයි.

2. අබූ දර් රලියල්ලාහු අන්හුගේ ඉහත දැන්වීමෙහි සඳහන් වී ඇති අහයුරින් මෙය සදකා 360ට සමාන වේ.

3. සයිද් බින් අර්කම් රලියල්ලාහු අන්හුගේ ඉහත දැන්වීමෙහි සඳහන් වී ඇති අයුරින් මෙ සලාතය ඉටු කරන්නා අල්ලාහ්ගේ සමීපය වෙත හැරෙන්නෙකු බවට සැලකේ.

4. අම්ර් බින් අබසා රලියල්ලාහු අන්හුගේ ඉහත දැන්වීමෙහි සඳහන් වී ඇති අයුරින් මෙම සලාතය සාක්ෂි දෙනු ලබන්නෙකි. මෙම වෙලාවෙ මලාඉකාවරුන් හා අල්ලාහගේ දායාදයන් පහළ වී එම සලාතයන් පිළියනු ලැෙබි.

මෙම සලාතය සලාතය සාක්ෂි දෙනු ලබන්නෙකි යනු මලාඉකාවරුන් මෙයට සාක්ෂි දරති යන්නය යැයි ඉමාම් නවවී පවසා ඇත.තවද මේ හේතුවෙන් මෙම සලාතය අල්ලාහ් විසින් පිළි ගනු ලැබීමටද ඉතා සමීප වනු ඇත යැයිද ඔහු පවසා ඇත. (ග්‍රන්ථයඃ ෂරහු මුස්ලිම් ලින්නවවී.832.බාබු ඉස්ලාමු අම්ර් බින් අබසා රලියල්ලාහු අන්හු- 

 

brightness_1 ඉතා උචිත වේලාව එහි අවසාන මොහොතයි ඔටු පැටවුන් හිරු රශ්මිය දරා ගත නොහැකව වැල්ලේ සිට නැගිටින වේලාවයි

ඉතා උචිත වේලාව එහි අවසාන මොහොතයි එය ඔටු පැටවුන් හිරු රශ්මිය දරා ගත නොහැකව වැල්ලේ සිට නැගිටින වේලාවයි.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ජෙයිද් ඉබ්නු අර්කම් මෙසේ දන්වයිඃ සලාතුල් අව්වාබීන් (සලාතුල් ලූහා- එහි වේලාව ඔටු පැටවුන් හිරු රශ්මිය දරා ගත නොහැකව වැල්ලේ සිට නැගිටින වේලාවයි.(ග්‍රන්ථයඃ මුස්ලිම් 748-  

මෙය මගින් අදහස් කරන්නනේ ඉර මුදූන් වී තිබෙන් වේලාවයි.ඉතා උචිත වේලාව එහි අවසාන මොහොතයි(ෆතාවා ඉස්ලාම්ය්යා1/515-

එනම් ලූහර් සලාතයට විනාඩි දහයකට පෙර කාළයයි. (මුම්තිං 4/88)-

brightness_1 මෙහි රකආත් ගණන

ලූහා සලාතයේ අවම රකආත් ගණන දෙකකි. අබූ හුරයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමාගේ මිත්‍රයා උපදෙස් තුනක් ලබා දූන්නේය.සෑම මසකම දින තුනක් උපවාසය රැකීම.ලූහා රකඅත් දෙක්ක ඉටු කිරීම සහ නිදා ගැනීමට පෙර විත්ර් සලාතය ඉටු කිරීම. (ග්‍රන්ථයඃ බුහාරි 1981 මුස්ලිම් 721-

මෙහි උපරීම රකආත් ගනන 8ක යැයි  ඇතැම් විද්වතුන් සීමාවාක් පත් කර තිබුනද ඉතාමක් නිවැරදි මතය මෙයට කිසිම සීමාවක් නොමැත යන්නයි. ආයිෂා මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් ලූහා සලාතය රකආත් 4ක් ලෙස ඇතැම් අවස්ථාවලදී ඉටු තරයි.තවත් අවස්ථාවන්වලදී ඔහු සිතන මෙන් අධික කරති.(ග්‍රන්ථයඃ මුස්ලිම් 719-