languageIcon
search
search
brightness_1 වුදූ සමග දූආ කිරීම

අබූ මුසා රලියල්ලාහු අන්හු මෙසේ කියයිඃඅබු ආමිර් නමැති තැනැත්තා ඝාතණය කරනු ලැබුණු මරණාසන්නව සිටින විට තමාගේ සලාමය නබි තුමන්ට සැල කරන මෙන් හා තමා වෙනුවෙන් දූආ කරන මෙන් වසියත් කළේය.පසුව නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- වෙත පැමිණි අබූ මුසා රලියල්ලාහු අන්හු එය සැල කර සිටියේය.එවිට නබිතුමන් ජලය ඉල්ලා වුදූ කළහ.පසුව එතුමන්ගේ දෙඅත් අහසට ඔසවා ඕ අල්ලාහ් අබූ ආමිර්ට සමා වනු මැනවි යැයි ප්‍රර්ථනා කළහ.එවිත නබිතුමන්ගේ කිහිල්ලේ සුද දූටුවෙමි.පසුව නබිතුමන් ඕ අල්ලාහ් කියාමත් දිනයෙහි ඔබගේ මැවිලි බොහෝමයකට වඩා ඉහලින් මොහුව තබන්න යැයිද කීහ (ග්‍රන්ථයඃ බුහාරි 4323 මුස්ලිම් 2498).

brightness_1 කිබ්ලාව දෙසට හැරීම

උමර් රලියල්ලාහු අන්හු තමාට දැන්වූ බව ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු පවසයිඃබද්ර් දිනයෙහි නබිතුමන් මුෂ්රික්වරුන්ගේ සේනාව දෙස බැලුහ. ඔවුන් දහසක් පමණ සිටියහ.එනමුත් නබිතුමා නන්ගේ සහාබාවරුන් සිටියේ 319 දෙනෙකු පමණි.නබිතුමානන් කිබ්ලාව දෙසට හැරී සිය දෙඅත් අහසට ඔසවා සිය රබ් සමග කථා කරන්නට පටන් ගත්තේය.ඕ අල්ලාහ් මාහට ඔබ දූන් පොරොන්දූව පරිපූර්ණ කරන්න"ඕ අල්ලාහ් මාහට ඔබ දූන් පොරොන්දූව මට දෙනු මැන.ඕ අල්ලාහ් ඔබ ඉස්ලාමය අයත් මෙම පිරිස විනාශ කළේ නම් ඔබ නමදිනු ලබන්නේ නැත පසුව නබිතුමානන් කිබ්ලාව දෙසටම මුහුණලා දෙඅත් අහසට ඔසවා සිය රබ් සමග කථා නොකඩවා කථා කරමින්ම සිටියහ. අවසානයෙහි එතුමන්ගේ පිටේ තිබුනු සාලූව ගිලිහි බිම වැටුනේය.එවිට අබූබක්ර් රලියල්ලාහු අන්හු පැමිණ එය නැවතත් නබිතුමානන්ගේ පිටෙහි දැමුවේය.පසුව නබිතුමනි ඔබගේ රබ් සමග කථා කළා ඇතිය. නිශ්චය වශයෙන්ම ඔහු ඔබට දූන් පොරොන්දූව ඉෂ්ට කරනු ඇත.(ග්‍රන්ථය මුස්ලිම් 1763).

brightness_1 අල්ලාහ්ව ප්‍රශංසා කිරීම මගින් හා නබිතුමානන්ට සලවාත් කීම මගින් ආරම්භ කිරීම

ෆුලාලතු ඉබ්නු උබෙයිද් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃවරක් නබිතුමානන් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- අප අතර වාඩි වී සිටින විට කෙනෙකු පැමිණ ඕ අල්ලාහ් මට සමා වනු මැනවි මට දයාව දක්වනු මැනවි යැයි ප්‍රාර්ථනා කළේය එවිට නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ප්‍රාර්ථනා කරන්නෙනි ඔබ හදිසි වුයෙහිය.ඔබ ප්‍රාර්ථනා කරන්නට වාඩි වූ විට අල්ලාහ්ට සුදූසු ආකාරයෙන් ප්‍රශංසා කර මාහට සලවාත්ද පවසන්න.පසුව ඔබ දූආ කරන්න යැයි පැවසූහ"(ග්‍රන්ථයඃතිර්මිදී 3476- තවත් දැන්වීමක ඔබගෙන් කෙනෙකු ප්‍රාර්ථනා කළේ නම් අල්ලාහ්ව ප්‍රශංසා කිරීම මගින් ආරම්භ කර පසුව නබිතුමානන් වෙත සලවාත් පවසන්න.පසුව ඔහු කැමති දෙයක් ඉල්ලා සිටිය යුතුය.(ග්‍රන්ථයඃ තිර්මිදී 3477 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය සහීහුල් ජාමිඃ 172/1).

brightness_1 ප්‍රාර්ථනාව නැවත නැවත කිරීම හා එහි ස්ඨීරව සිටීම

බද්ර්  සටණට සංග්‍රාමයට පෙර මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් කෙසේ දූආ කළාද යන්න විස්තර කරන ඉබ්නු අබ්බාස්ගේ දැන්වීමඃඕ අල්ලාහ් මාහට ඔබ දූන් පොරොන්දූව පරිපූර්ණ කරන්න"ඕ අල්ලාහ් මාහට ඔබ දූන් පොරොන්දූව මට දෙනු මැන. ඕ අල්ලාහ් ඔබ ඉස්ලාමය අයත් මෙම පිරිස විනාශ කළේ නම් ඔබ නමදිනු ලබන්නේ නැත පසුව නබිතුමානන් කිබ්ලාව දෙසටම මුහුණලා දෙඅත් අහසට ඔසවා සිය රබ් සමග කථා නොකඩවා කථා කරමින්ම සිටියහ.අවසානයෙහි එතුමන්ගේ පිටේ තිබුනු සාලූව ගිලිහි බිම වැටුනේය. එවිට අබූබක්ර් පැමිණ එය නැවතත් නබිතුමානන්ගේ පිටෙහි දැමුවේය.පසුව නබිතුමානි ඔබගේ රබ් සමග කථා කළා ඇතිය.(ග්‍රන්ථය මුස්ලිම් 1763-

දවුස් නැමැති ගෝත්‍රය වෙනුවෙන් නබිතුමානන් ප්‍රාර්ථනා කරන විට ඕ අල්ලාහ් දවුස් පිරිසට යහමග පෙන්වා ඔවුන්ව  ඕ අල්ලාහ් දවුස් පිරිසට යහමග පෙන්වා ඔවුන්ව මා වෙත එවනු මැන මා වෙත එවනු මැන (ග්‍රන්ථයඃ බුහාරි 2937 මුස්ලිම් 2524 මෙය අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි-

තවත් දැන්වීමක එම පුද්ගලයා දීර්ඝ ගමනක යෙදී කෙස් අවුල් වී වස්ත්‍රයේ දූවිලි බැදී සිය දෑත් අහසට යොම යයා රබ් යා රබ් යැයි පාර්ථනා කරන්නේය.(මුස්ලිම්1015-.ප්‍රාර්ථනාව නැවත නැවත කිරීම හා එහි  ස්ඨීරව  සිටීම යනු මෙම හදීසයෙන් පැහැදිලි වේ.

යම් කරුණක් තෙවරක් ඉල්ලා සිටීම සුන්නත් වෙයි.ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃනබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ප්‍රාර්ථනා කරන විට තුන් වතාවක් ප්‍රාර්ථනා කරති.යමක් අල්ලාහ්ගෙන් අසන විට තෙවරක් ඉල්ලා සිටිති (ග්‍රන්ථයඃ බුහාරි 240 මුස්ලිම් 1794).

brightness_1 දූආවේ ශබ්දය අඩු කිරීම

මන්ද යත් අල්ලාහ් මෙසේ පවසයිඃඔබගේ රබ්ව බැගෑපත්ව හා රහසිගතව දූආ කරන්න.(අල් අඃරාෆ් 55-"මෙමගින් ඉහ්ලාස්ය ආරක්ෂා කළ හැකිය.සකරියා නබි තුමා කළ දූආව අල්ලාහ් වර්ණනා කරන්නේ මෙනිසාය.ඔහු තම රබ්ව රහසිගතව කැඳ වූ විට (සුරා මරියම් 3-" මෙමගින් ඉහ්ලාස්ය ආරCෂා කර ගැනීම සදහාය"

ඉබ්නු තය්මියා රහිමහුල්ලා මෙසේ පවසයිඃ මුස්ලිම්වරුන් දූආව සඳහා වෑයම් කරන විට ඔවුන් හා රබ් අතර රහසිගත  හැගීමක් පමණක් තිබුනි. මන්දයත් අල්ලාහ් ඔබගේ රබ්ව බැගෑපත්ව හා රහසිගතව දූආ කරන්න යැයි පවසයි.(ග්‍රන්ථයඃ මජ්මූ අල් ෆතාවා 15/15 තවද පහත් හඬින් දූආ කිරීම හා සම්බන්ධ තවත් බොහෝ ප්‍රයෝජන ගැනද තය්මිය්යා සඳහන් කර ඇත.

මෙම පරිච්ඡෙදයේ වළක්වනු ලැබු කරුණ  ප්‍රාර්ථාවෙහි සීමාව ඉක්මවීම. පිළිගනු ලැබිය යුතුය යැයි හදීස්සි වීම පාපයක් හෝ පවුලක් බෙදීමට හෝ හරාම් දෙයක් අනුභව කිරීමට උදව් ඉල්ලීම. හරාම් අනුභව කිරීම හා පිළිගැන්නෝදැයි සැකයෙන් ප්‍රාරථනා කිරීම දූආව පිළිගනු ලැබීම වළක්වනු ඇත.

brightness_1 එක් ප්‍රයොජනයක් ඇතැම් අය මා ප්‍රාර්ථනාවේ කුමක් අසන්නද යැයි ප්‍රශ්න කරති

එයට  අදාල පිළිතුරඃදූන්යා සහ ආකිරා සම්බන්ධව ඕනෑම දෙයක් ඔබ අල්ලාහ්ගෙන් අසන්න.එනමුත් අල් කුර්ආන් හා හදීස්වල සඳහන් වී ඇති හදීසයන් මගින් ප්‍රාර්ථනා කිරීමට වැඩි ආශාවක් දක්වන්න.  ඒවායින්හි  දූන්යා සහ ආකිරා සම්බන්ධව දැයෙහි  ශෙෂ්ඨ දෑ ඇත.එම දූආවන්ට ජාමිඋල් කලිම් හෙවත්  කෙටි වචන හා ගැඹුරු අර්ථයන් ඇති වදන් යැයි පවසනු ලැබේ.ඉන් එකක් අප පහත’ සඳහන් කල ඇත්තෙමු.එම දූආවෙහි ගැබ් වී ඇති අර්ථය ගැන ඔබ මදක් සිතා බලන්න

අබූ මූසා රලියල්ලාහු අන්හු පවසයිඃකෙනෙකු නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් වෙත පැමින ඕ රසූලූල්ලාහ්. මා මාගේ රබ්ගෙන් ප්‍රර්ථනා කරන විට කුමක් ඇයදිය යුතුද යැයි ඇසුවේය.එවිට නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඕ අල්ලාහ් මා සමා වනු මැන.මා හට ආශිර්වාධ කරනු මැන,මා හට ශරීර සුවය  දී මාගේ සියළු  අවශ්‍යතා පරිපූර්න කර දෙනු මැන, යැයි පවසන්න යැයි පැවසුවේය.පසුව නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් තම මහපට ඇගිල්ල හැර අන් සියල්ල නමා නියත වශයෙන්ම මේවා ඔබට ඔබගේ දූන්යා සහ ආකිරා කරුණු සියල්ල අඩංගු කරනු ඇත යැයිද පැවසුවේය.(ග්‍රන්ථය මුස්ලිම් 2697).

යම් පුද්ගලයෙකු ඉස්ලාමය වැළඳ ගත් විට නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඔහුට පහත සඳහන් දූආව උගන්වති.ඕ අල්ලාහ් මා සමා වනු මැන. මා හට ආශිර්වාධ කරනු මැන.මා හට යහමග පෙන්වනු මැන. මා හට ශරීර සුවය දී මාගේ සියළු  අවශ්‍ය තා පරිපූර්න කර දෙනු මැන (ග්‍රන්ථයඃ මුස්ලිම් 2697).

brightness_1 තවත් එක් ප්‍රයොජනයක් ඉදිරියෙහි නොසිටින සිය සොහොයුරා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සුන්නත් වේ.

තවත් එක් ප්‍රයොජනයක් ඉදිරියෙහි නොසිටින සිය සොහොයුරා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සුන්නත් වේ.මෙසේ ප්‍රාර්ථනා කරන්නා සඳහා ඉමහත් මහිමයක් ඇත.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූද්දර්දා රලියල්ලාහු අන්හු  මෙසේ දන්වයි.ඉදිරියෙහි නොසිටින සිය සොහොයුරා වෙනුවෙන් කරනු ලබන මුස්ලිම් වරයාගේ ප්‍රාර්ථනාව පිළිගනු ලැබූවකි.මෙම අවස්ථාවෙහි ඔහුගේ හිස අබියස පවරනු ලැබූ මලක් වරයෙකු සිටී.මොහු සිය සොහොයුරා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන සෑම විටම පවරනු ලැබූ මෙම මලක් වරයා අල්ලාහ් මෙය පිළිගනිත්වා.ඔබටද එසේම වේවා යැයි පවසති. (ග්‍රන්ථයඃ මුස්ලිම් 2733).