languageIcon
search
search
brightness_1 වැසිකිලයට යන විට හා එයින් පිට වන විට ඒ සඳහා ඇති දූආව පාරායනය කිරීම

එය කුමන දූආව යන්න බුහාරි මුස්ලිම් හි දැන්වීමක සඳහන් වී ඇත.

අනස් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃ නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- වැසිකිලියට ඇතුලූ වන විට  අල්ලාහුම්ම ඉන්නී අඌසු බික මිනල් කුබ්සි වල් කබාඉසි යැයි පවසයි. (ග්‍රන්ථයඃ බුහාරි 6322 මුස්ලිම් 375-

කුබ්සි යනු පුරුෂ සයිතාන් වන අතර කබාඉස් ස්ත්‍රී ෂයිතාන් වේ. එබැවින් මෙම දූආව පැවසීම මගින් ස්ත්‍රී හා පුරුෂ දෙවර්ගයේ ෂයිතාන්ගෙන් ආරක් ෂාවද ඇත.

තවත් අර්ථයක් නම් කුබ්ස් අයහපතයි.කබාඉස් යනු අහයපත් ක්‍රියා කරන්නා වේ.මේ අනුව මෙම දූආවේ අර්ථය අයහපත හා අහයපත් දෑහි අයවලූන් යන්නයි.කුබ්ස් යන වචනයෙහි බා අකුර සුකූන් සමග කියවිය යුතුයි.කාළී ඉයාළ් කත්තාබී වැනි බොහෝ විද්වතුන්ගේ මතය මෙයයි.

වැසිකිළියෙන් පිටවන විට පහත දූආව පැවසිය යුතුය.ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ පවසයිඃ වැසිකිලියෙන් පිටවන විට නබිතුමානන් ගුෆ්රානක යැයි පවසති (ග්‍රන්ථය අහ්මද් 25220 අබූදාවුද් 30 තිර්මිදී  7  ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය තහ්කීකුල් මිෂ්කාත් 116/1-

ගුෆ්රානක යැයි පැවසීමේ හේතුව සිරුරෙහි තිබෙන කිළිට අපට පිට කළ හැකි නමුත් සිතේ ඇති කිළිට පිට කිරීමට මෙසේ කියනු ලැබේ යැයි ඉබ්නුල් කය්යීම් රහුමහුල්ලා පවසයි (ග්‍රන්ථයඃ ඉගාසතුල් ලහ්ෆාන් 58/1) 

මෙයට පවසනු ලබන තවත් හේතුවක් නම් වැසිකිළියෙහි සිටින අවස්ථාවෙහි අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් වැළකී සිටි නිසා මෙය එය සඳහා වන සමාව අයැදීමකි"

brightness_1 අවසාන කැමැත්ත ලියා තැබීම සුන්නත්ය

මෙය මරණාසන්නව නොමැති හා නීරෝගීව සිටින විට වුවද එය සුන්නත් වෙයි.මෙය ගැන මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙසේ පැවසූහඃමුස්ලිම්වරයෙකු රාත්‍රි දෙකක් ගත කර මෙසේ අවසන් කැමැත්ත ලෙසින් යමක් කියන්නට තිබුනොත් එම උපදෙස ඔහු වෙත ලිඛිතව තබා ගැනීම වගකීමකි (ග්‍රන්ථයඃ බුහාරි 2783 මුස්ලිම් 1626-"මෙහි රාත්‍රි දෙකක් යනු සීමාවක් නොවේ. එනම් එය හැකි පමණ කඩිනමින් කර ගත යුතුය යනු මෙහි අදහසයි.මන්ද යත් කෙනෙකු මරණයට පත් වන්නේදැයි කියන්නට නොහැකි හෙයිනි.එනිසා මෙය සියල්ලන්ටම සුන්නත්ය.

එනමුත් සකාත් හජ් වන්ධි වැනි අල්ලාහ්ට කළ යුතු වගකීම් සහ ණය අමානතය බාරදීම වැනි මිනිසුන්ට අදාල වගකීම් සම්බන්ධ වගකීම් ලියා තැබීම අනිවාර්ය වෙයි.මන්ද යත් මෙම කරුණු අනිවාර්්‍ය වන අතර විශේෂයෙන් එය ගැන කවුරුන්වත් නොදන්නේ නම් ලියා තබා ගත යුතුමය.වාඡීබය කුමකින් පරිපූර්ණ වන්නේද එයත් වාඡීබ්ම වෙයි

brightness_1 ගනුදෙනුවෙහි සමාව දීම සහ ලිහිල්ව සිටීම

ගනුදෙනුවක් කරන අවස්තාවෙහි සමාව දෙමින් හා ලිහිල්ව කටයුකු කළ යුතු අතර ඔවුන් අතර දැඩි නොවිය යුතුය.මිල දී ගන්නා අලෙවි කරන්නාට බල කර ඔහු වෙත තිබෙන දේවල මිල ඔහුට කළ නොහැකි තරමට අඩු කර මෙන් බල නොකළ යුතුය.එසේම අලෙවි කරන්නා තමාගේ බඩුවලට අසාධාරණ මිල නොකිය යුතුයි.

පහත සදහන් හදීසය සනාථ කරයි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමිල දී ගන්නා විට සහ අලෙවි කරන විට මෙන්ම තමාට හිමි දෙය ඉල්ලා සිටින විට සමාවේ ආකල්පයෙන් කටයුතු කරන්නාට අල්ලාහ් ආශීර්වාද කරත්වා(ග්‍රන්ථයඃ බුහාරි 2076-

තමාට ලැබෙන්නට ඇති දෙයක් අසන විටද ලිහිල් ආකල්පයෙන් කටයුතු කළ යුතුයි’ මන්ද යත් පහත හදීසයෙහි තමාට හිමි දෙය ඉල්ලා සිටින විට යැයි නබිතුමන් පවසා ඇත.

ඉබ්නු හජර් රහිමහුල්ලා මෙසේ පවසයිඃ තමාට හිමි දෙය ඉල්ලා සිටින විට යන්නෙහි අදහස තමාගේ හිමිකමක් වුවද ඉල්ලා සිටින විට දැඩි ආකල්යක් අනුගමනය නොකිරීමය.ඉබ්නුත් තීන්ගේ එක් දැන්වීමක වඉදා කළා යැයි භාවිතා කර ඇත.එනම් අන් අයට අප දෙන්නට දෙයද නිසි කලට දිය යුතුය.තවත් දැන්වීමක නිශ්චය වශයෙන්ම මිල දී ගන්නා විට හා අලෙවි කරන විට සමාවේ ආකල්පයෙන් කටයුතු කිරීම අල්ලාහ් ප්‍රිය කරයි (ග්‍රන්ථයඃ තිර්මිදී 1319- තවත් දැන්වීමක.

යමක් මිල දී ගන්නා විට අලෙවි කරන විට වගකීමක් ඉටු කරන විට අයිතිවාසිකමක් ඉල්ලා සිටින විට සැහැල්ලූ ආකාරයෙන් කටයුතු කරන්නාව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරත්වා (ග්‍රන්ථයඃ නසාඊ 4670- අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියලලාහු අන්හුගේ එක් දැන්වීමක ගනුදෙනු වෙහි සමාව දීම අලංකාර වචන භාවිතා කිරීම දිරි ගන්වමින්ද මිනිසුන්ට අසීරුතා ඇති කිරීමෙන් වළකින්න යැයි හා ඔවුන්ට සමාව දෙන මෙන් උනන්දූ කරන හදීසයක් අහ්මද්හි සඳහන් වී ඇත. (ග්‍රන්ථයඃ අල් ෆත්හ් 2076).

brightness_1 සලාතය සඳහා බලාපොරොත්තුව සිටීම

මෙම දෛනික සුන්නාහ්ව සඳහාද ඉමහත් මහිමයන් ඇත.ම‌ෙය  පහත සදහන් හදීසය සනාථ කරයි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ ඔබගෙන් කෙනෙකුව සලාතය විසින් නවතා බලාපොරොත්තුව සිටින කාලය  තෙක් සහ ඔහුව ඔහුගේ නිවසට යාමේන් වළකා සිටින්නෙ සලාතය පමණක්ය නම් ඔහු සලාතයේ යෙදී සිටින්නෙකු වේ (ග්‍රන්ථයඃ බුහාරි 659 මුස්ලිම් 649- මොහු සලාතය අපේක්ෂා කරමින් සිටින කාලයෙහි ඔහුට සලාතයේ යෙදූනු කුලිය ලැබෙමින් පවතියි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ආයිෂා අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් කෙනෙකු වුදූ නොබිඳ සලාත් කරන ස්ථානයේ සිටින කාලය තෙක් මලාඉකාරුන් ‘ඕ අල්ලාහ් මොහු සමා කරන්න හා මොහුට කරුණාව දක්වන්න’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටිති.තවඃ ඔබගෙන් කනෙකුව සලාතය විසින් නවතා සිටින කාලය  තෙක් සහ ඔහුව ඔහුගේ නිවසට යාමේන් වළකා සිටින්නෙ සලාතය පමණක්ය නම් ඔහු සලාතයේ යෙදී සිටින්නෙකු වේ (ග්‍රන්ථයඃ බුහාරි 659 මුස්ලිම් 649-

මුස්ලිම්හි තවත් දැන්වීමක (649-  වුදූ නොබිඳ හා නපුරක් නොකර සිටින තාක්කල් යැයි සඳහන් වී ඇත.එනම් ඉහත පවසුන ලැබූ කුසල් ලැබීමට වන කොන්දේසි නම් වුදූ සහිතව සිටීම හා නපුරක් නොකර සිටීමයි.

අනස්  රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃවරක් නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- රාත්‍රීයෙහි අඩක් ගෙවෙන තුරු ඉෂා සලාතය ප්‍රමාද කළහ.පසුව ඉටු කිරීමෙන් පසුව අප වෙත හැරී ඇතැම් මිනිසුන් සලාතය ඉටු කර නිදා ගත්හ. එනමුත් ඔබලා සලාතය අපේක්ෂා කරමින් සිටි වේලාව සිට මේ වන තෙක් සලාතයේම සිටින් නෙහුය යැයි පැවසූහ. (ග්‍රන්ථයඃ බුහාරි 661- 

ඉබ්නු හුසෙයිමීන් රහිමහුල්ලා මෙසේ පවසයිඃමෙම මහිමය ලබා ගැනීමට අපේක්ෂා කිරීම කෙසේ සිදූ කළද නම් නැත.එනම් සලාතයකට පසුව  ඊළඟ සලාතය අපේක්ෂා කිරීම හෝ මස්ඡිදයට කලින්ම පැමිණ සලාතයක් අපේක්ෂා කිරීම.(ග්‍රන්ථය ෂරහු රියාලූස් සාලිහීන් 1296/2).

අබූහුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඅල්ලාහ් ඔබගේ පාප මකා දමා ඔබගේ තනතුරු උසස් කරන ක්‍රියාවක් මා ඔබට දන්වන්නද? යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඇසූ විට දන්වන්න නබිතුමනි යැයි සහාබාවරුන් ඉල්ලා සිටිහය.අසීරු අවස්ථාවල වුලූ පරිපූර්ණ කිරීම වැඩියෙන් අඩි තබා මස්ඡිදයට යාම එක් සලාතයකට පසු තවත් සලාතයක් බලාපොරොත්තුවෙන් සිටීම.සත්‍ය වෑයම් කිරීම මෙයයි. (ග්‍රන්ථය මුස්ලිම් 251).

brightness_1 මිස්වාක් කිරීම

මිස්වාක් කිරීම සෑම අවස්ථාවකම කළ හැකි පොදූ සුන්නතයකි.මෙය නබි තුමන් බොහෝ අවස්ථාවල දිරි ගන්වා ඇත.වරක් නබිතුමන් මෙසේ පැවසූහඃමා මිස්වාක් පිළිබඳ ඔබට අධිකව පවසා ඇත්තෙමි.(ග්‍රන්ථයඃ බුහාරි 888- මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ආයිෂා රලියල්ලාහු අන්හා මෙසේ දන්වයිඃ මිස්වාක් කිරීම මුව පිරිසිදූ කිරීට හා රබ්ගේ තෘප්තියට හේතුවකි (ග්‍රන්ථයඃ අහ්මද් 7 නසාඊ 5 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථයඃ අල් ඉර්වා 105/1).

මිස්වාක් කිරීම ඉතැම් වැදගත් වන ස්ථානයන් ඉහත විස්තර කරන ලදී. නින්දෙන් නැගිටි විට වුදූ කරන විට සලාතය ඉටු කරන්නට යන විට නිවසට ඇතුල් වන විට.

brightness_1 සෑම සලාතයක් සඳහාම අළුතින් වුදූ කිරීම

සෑම සලාතයක් සඳහාම අළුතින් වුදූ කිරීම සුන්නත්ය. කෙනෙකු මග්රිබ් සඳහා වුදූ කර සලාතය කළ කෙනෙකුට එව වුදූව නොබිඳ තිබුනද ඉෂා සඳහා නැවතත් වුදූ කිරීම සුන්නත් වේ.පහත සදහන් හදීසය සනාථ කරයි. නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සෑම සලාතයකදීම වුදූ කරති. (ග්‍රන්ථයඃ බුහාරි 214).

තවද සෑම අවාථාවකම වුදූ සහිතව සිටීම සුන්නත් වෙයි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව සව්බාන් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ වුදූ ආරක්ෂා කරන්නේ මුඃමින්වරයෙකු පමණි(ග්‍රන්තයඃ අහ්මද් 22434 ඉබ්නු මාජා 277 දාරමි 655  ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය සහීහුල් ජාමිඃ 225/1).