languageIcon
search
search
brightness_1 ඈණුම් එන විට එය යටපත් කර ගැනීම හෝ අතින් වළක්වා ගැනීම සුන්නත්වේ

පහත සදහන් හදීසය ම‌ෙය  සනාථ කරයි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අනහු මෙසේ දන්වයිඃනිශ්චය වශයෙන්ම අල්ලාහ් කිවිසුම ප්‍රිය කරයි. ඈනුම අප්‍රිය කරයි  ඔහු කිවිසුම් ඇර අල්හම්දූලිල්ලාහ් කීවේ නම් මෙය ශ්‍රවනය කරන සියලූම මුස්ලිම්වරුන්ට යර්හමුකල්ලාහ් යැයි පැවසීම වගකීමකි.ඈනුම් ඇරීම ෂයිතාන් ගෙන් වන දෙයකි.එබැවින් මෙය හැකි පමණ යටපත් කර ගත යුතුයි. එසේ ඔහු හා හා යැයි පැවසුවහොත් ෂයිතාන් සිනාසෙන්නේය (ග්‍රන්ථයඃ බුහාරි 2663-

ඔබගෙන් කෙනෙකු ඈනුම් අරින ව්ට තම අත කටෙහි තබා එය වලක්වා ගත යුතුයි යැයි නබි තුමානන් පැවසූ බව අබූ සඊද් රලියල්ලාහු අන්හු දන්වයි.(ග්‍රන්ථයඃමුස්ලිම් 2995- එබැවින් ඈනුම් අරින විට එය නොයවා යටපත් කිරීමට උත්සහ කළ යුතුයි. එසේ එය වලක්වා ගත නොහැකි වූ විට තම අත භාවිතා කර එය වසා ගත යුතුයි.

ඊමාම් ඉබ්නු හජර් රහිමහුල්ලා මෙසේ පවසයිඃ ඈනුම් ඇරීම ෂයිතාන්ගෙන් ඇති වන දෙයකි යන්නෙහි අදහස මිනිසා ඈනුම් අරින විට ෂයිතාන් එමගින් ප්‍රීතියට පත් වන බවයි.මෙය ෂයිතා න්ගෙන් මවනු ලැබූ ක්‍රියාව යන අදසහ නොවේ.

ඉබ්නුල් අරබී මෙසේ පවසයිඃපොදූවේ සෑම පිළිකුල් ක්‍රියාවක්ම ෂයිතාන්ට සම්බන්ධ කර ඇත්තේ එය උගේ උපක්‍රමයෙන් වන නිසාය. උදාහරනයක් වශයෙවන් ඈනුම ඇරීම බොහෝ දූරට ඇති වන්නේ අධික ආහාර ගැනීමෙන් ඇති වන කම්මැලි බව නිසාය. මෙය ෂයිතාන්ගේ ක්‍රියාවේ ප්‍රතිපලයයි.

ඉමාම් නවවී රහිමහුල්ලා මෙසේ පවසයිඃඈනුම් ඇරීම ෂයිතාන්ට සම්බන්ධ කර ඇත්තේ එමගින් ඉබාදත් කිරීමට මහන්සි ගතියක් දැනී පාපය කිරීමට පොළඹ වන්නට හැකි නිසාය.එබැවින් ඈනුම ඇති කරන දැයින් අප ආරක්ෂා වී සිටිය යුතුයි.අවශයතාවයට වඩා ආහාරයයි මෙයට හේතුව වන්නේ.(ග්‍රන්ථය අල් ෆත්හ් 2662-

brightness_1 ඈනුම් අරින විට හා යැයි ශබ්ද නොකිරීමද ඉතා උචිතයි.

 ඈනුම් අරින විට හා යැයි ශබ්ද නොකිරීමද ඉතා උචිතයි. මන්දයත් මෙසේ ශබ්ද කිරීමද ෂයිතාන් සිනා සීමට හේතුවක් වන්නේය.පහත සදහන් හදීසය සනාථ කරයි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඈනුම් ඇරීම ෂයිතාන්ගෙන් වන දෙයකි. එබැවින් මෙය හැකි පමණ යටපත් කර ගත යුතුයි.එසේ ඔහු හා හා යැයි පැවසුවහොත් ෂයිතාන් සිනාසෙන්නේය (ග්‍රන්ථයඃ ග්‍රන්ථයඃ බුහාරි3298  මුස්ලිම් 2994-"

අහ්මද් හදීස් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වී ඇත ඔබගෙන් කෙනෙකු ඈනුම් අරින ව්ට එය හැකි තරම් වලක්වා ගත යුතුයි.ආහ් ආහ් යැයි පැවසිය නොයුතුයි. මන්දයත් එම අවස්ථාවෙහි ඔහු කට විවෘත කළහොත් ෂයිතාන් එයින් ඇතුලූ වන්නේය.(ග්‍රන්ථය අහ්මද් 9530 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.ග්‍රන්ථය අස්සහීහා 2420-