languageIcon
search
search
brightness_1 කිවිසුම් අරින්නා අල්හම්දූලිල්ලාහ් යැයි කීම සුන්නත් වේ

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා මෙසේ දන්වයිඃ ඔබගෙන් කෙනෙකු කිවිසුම් ඇරින විට ඔහු අල්හම්දූලිල්ලාහ් යැයි කිය යුතුය.එවිට අසල සිටින සොහොයුරෙක් යර්හම්කල්ලාහ් යැයි පැවසිය යුතුය.එසේ ඔහු යර්හම්කල්ලාහ් යැයි පැවසුවහොත් එයට යහ් දී කුමුල්ලාහු වයුස්ලිහු බාලකුම් යැයි පිළිතුරු දිය යුතුය (ග්‍රන්ථයඃ බුහාරි 6224- 

කිවිසුම් අරින විට කිව හැකි තවත් දූආවක් ඇත.එය අල්හම්දූලිල්ලාහි අලා කුල්ලි හාල් වෙයි.නබි තුමානන් මෙසේ පැවසූහඃඔබගෙන් කෙනෙකු කිවිසුම් ඇරින විට ඔහු අල්හම්දූ ලිල්ලාහි අලා කුල්ලි හාල් යැයි කිව යුතුය.(ග්‍රන්ථයඃ අබූදාවුද් 5031,ඉමාම් ඉබ්නුල් කය්යීම් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. (ග්‍රන්ථය සාදූල් මආද් 436/2).

මෙයට පිළිතුරු දෙන්නා යර්හම්කල්ලාහ් යැයි පැවසීම සුන්නත්ය.මෙයට කිවිසුම් ඇරි පුද්ගලයා යහ් දී කුමුල්ලාහු වයුස්ලිහු බාලකුම් යැයි පිළිතුරු දීමද සුන්නත්ය.ඉහත අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හුගේ දන්වීමෙන් මෙය සනාථ වේ.

සැයුඃ කිවිසුම් අරින කෙනාට පිළිතුරු දී ම ෆර්ලූ කිෆායා වගකීමක් යයි බහුතර විද්වතුන් ප්‍රකාශ කරති.එනමුත් අසල සිටින සියලූ දෙනාම එසේ කීම පි්‍රය ජනකය.තවද වියතුන් සුළු පිරිසක් මෙය ෆර්ල් අයින් යැයිද කියා ඇත. මොවුන්ගේ මෙම මතයටද එක් සාධාරන සාධකයක් ඔවුන් ඉදිරිපත් කර ඇත. එනම් අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් කිවිසුම් ඇර අල්හම්දූ ලිල්ලාහ් කීවේ නම් මෙය ශ්‍රවනය කරන සියලූම මුස්ලිම්වරුන්ට යර්හම්කල්ලාහ් යැයි පැවසීම වගකීමකි.(ග්‍රන්ථයඃ බුහාරි 6226).

brightness_1 අල්හම්දූලිල්ලාහි යැයි නොකීවේ නම් එයට පළිතුරු §ම සුන්නත් නොවේ

එවන් අවස්ථාවල පිළිතුරු නොදීමද සුන්නත් වෙයි.අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ වරක් පුද්ගලයන් දෙදෙනෙකු කිවිසුම් ඇරියෝය.එවිට නබි තුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- එයින් එක් කෙනෙකු වෙනුවෙන් යර්හමකල්ලාහ් යැයි කී අතර අනෙකාට නොකීවෝය.එවිට එම පුද්ගලයා නබිතුමනි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඔබ මොහුට යර්හමකල්ලාහ් යයි පැවසූ නමුත් මට නොපැවසුවෙහිය යයි මැසිවිලි නැගුවේය.එයට නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ නමුත් ඔබ එසේ නොකළේය යැයි කීහ.(ග්‍රන්ථයඃ බුහාරි 6225- මෙය නබිතුමානන්ගේ ක්‍රියාවෙන්ම සනාථ වුනු හදීසයකි.තවද නබිතුමන්ගේ (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ප්‍රකාශයෙන් සනාථ වුදූ හදීසයක් මුස්ලිම්හි සඳහන් වී ඇත.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ මූසා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ ඔබගෙන් කෙනෙකු කිවිසුම් ඇර අල්ලාහ්ට ප්‍රශංසා කළේ නම් ඔහුට යර්හමකල්ලාහ් යැයි පවසන්න.ඔහු අල්ලාහ්ට ප්‍රශංසා නොකළේ නම් ඔහුට යර්හමකල්ලාහ් යැයි නොපවසන්න.( මුස්ලිම් 2992-"

එනමුත් මෙසේ අල්ලාහ්ට ප්‍රශංසා නොකරන අවස්ථාවක මෙම සුන්නතය ඉගැන්වීම අරමුණ නම් එවිට අල්හම්දූලිල්ලාහ් යැයි පවසන්න යැයි ඔහුට පැවසිය හැකිය

හෙම්පිරිස්සාව තිබෙන කෙනෙකු කිවිසුම් අරින විට තුන් වතාවක් පමණ ඔහුට පිලිතුරු මෙන් පසුව නැවත නැවතත් පිළිතුරු දීම අවශ්‍ය නොවේ.

පහත සදහන් හදීසය සනාථ කරයි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගේ සොහොයුරාට තුන් වතාවක් යර්හමුකල්ලාහ් යැයි පවසන්න.එයට වඩා ඔහු කවිසුම් ඇරියේ නම් එය හෙම්බිරිස්සාව හේතුවෙනි.(ග්‍රන්ථයඃ අබූදාවුද් 5034 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය සහීහු අබී දාවුද් 308/4-

සලමත් ඉබ්නු අක්වා රලියල්ලාහු අන්හු මෙසේ පවසයිිඃඑක් පුද්ගලයෙකු මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් අභියස කිවිසුම් ඇරින විට එතුමන් යර්හමකල්ලාහ් යැයී කීහ.ඔහු නැවතත් කිවිසුම් ඇරි විට මෙම පුද්ගලයාට හෙම්බිරිස්සාව හැදී ඇත යැයි කීහ.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2993-

එබැවින් අවස්ථා දෙකකදී යර්හමුකල්ලාහ් යැයි නොපැවසිය යුතුය

1. අල්ලාහ්ව ප්‍රශංසා නොකළ විට

2. තුන් වතාවකට වඩා වැඩියෙන් කිවිසුම් ඇරිය විට