languageIcon
search
search
brightness_1 පාවහන් පළඳන විට දකුණෙන් ආරම්භ කිරීම සුන්නත්ය

මුස්ලිම්වරයෙකු පාවහන් පළඳින විට දකුණු පයට පැළඳිය යුතුය ගලවන විට වම් පාවහන පළමුවෙන් ගැලවිය යුතුය.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා මෙසේ දන්වයිඃ ඔබගෙන් පාවහන් පළඳින විට දකුණෙන් ආරම්භ කරත්වා. ගලවන විට වමෙන් ආරම්භ කරත්වා. (බුහාරි 5856-

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් පාවහන් පළඳන විට දකුණෙන් ආරම්භ කරත්වා.ගලවන විට වමෙන් ආරම්භ කරත්වා. පළ ඳි න විට පාවහන් දෙකම පළඳි න්න. ගලවන විට පාවහන් දෙකම ගලවන්න.(ග්‍රන්ථය මුස්ලිම් 2097-"තවත් දැන්වීමක ඔබගෙන් කෙනෙකු එක් පාවහනකින් නොඇවිදෙත්වා. තවද පළඳින විට පාවහන් දෙකම පළඳිත්වා. ගලවන විට පාවහන් දෙකම ගලවත්වා.(ග්‍රන්ථය මුස්ලිම් 2097-. තවත් දැන්වීමක ඔබගෙන් කෙනෙකුගේ එක් සෙරෙප්පුවක් කැඩුනහොත් එය මසා ගන්නා තුරු එක් සෙරෙප්පුවකින් නොඇවිදින්න(ග්‍රන්ථය මුස්ලිම් 2098-

ඉහත හදීස්වලින් සුන්නත් 3 ක් පැහැදිලි වෙයි

1.පාවහන් පළඳින විට දකුණෙන් ආරම්භ කිරීම. 

2.ගලවන විට වමෙන් ආරම්භ කිරීම.

3.පළඳින්නේ නම් පාවහන් දෙකම පැළඳිය යුතුය. ගලවන්නේ නම් පාවහන් දෙකම ගැලවිය යුතුය.එක් සෙරෙප්පුවකින් ඇවිදිය නොයුතුය

එක් සෙරෙප්පුවකින් ඇවිදීම තහනම් කිරීමෙහි නැණවත් බව කුමක්ද?

ඉමාම් නවවී රහිමහුල්ලා මෙසේ පවසයිඃඑක් සෙරෙප්පුවක් හෝ සපත්තුවකින් ඇවිදීම මක්රූහ් වේ.මෙයට විශේෂ හේතුවක් නොමැත.

වියතුන් මෙසේ පවසතිඃමෙය විනයට පටහැනිය. තේජස නැති කරයි.මෙහි ප්‍රධාන කාරනාව විනයයි.මෙයට වාඡිබ් හෝ හරාම් හෝ නොවේ. නමුත් මෙය මලින් යමෙකුට ආබාදයන්ද  ඇති විය හැක.යමෙකු මෙසේ එක් පාවහනක ගමන් ගන්නා විය අපහසුතාවයක්ද ඇති විය හැක.එම නිසා මෙවන් කිzයාවෙන් වැළකීය යුතුය.එක් පාවහන කින් ගමන් නොකර ගමන් ගනී එය නිම කරනතෙක්.හදීසයේ සදහන් පරිදි.(ග්‍රන්ථයඃ ෂරහුන්නවවි.හදීස් අංකය. 2097 පළඳින්නේ නම් පාවහන් දෙකම පැළඳිය යුතුය.ගලවන්නේ නම් පාවහන් දෙකම ගැලවිය යුතුය.එක් සෙරෙප්පුවකින් ඇවිඳිය නොයුතුය යනු මාතෘකාව තුල-

හදිස්වලින් තවත් කාරනාවක් පැහැදිලි වී ඇත.එනම් ෂයිතාන් ඇවිදින්නේ එක් සෙරෙප්පුව කිනි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනිශ්චය වශයෙන්ම ෂයිතාන් ඇවිදින්නේ එක් සෙරෙප්පුවකිනි.(ග්‍රන්ථය මුෂ්කි ලල් ආසාර් ග්‍රන්ථයඃඅස්සි ල්සිල්තුස් සහීහා 616/1 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.-

සෙරෙප්පුවක් සමග සලාතය ඉටු කිරීම සුන්නත්ය.නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- පාවහන් සමග සලාතය ඉටු කර තිබෙන්නේද යැයි අනස් රලියල්ලාහු අන්හුගෙන් විමස ලද කල ඔහු ඔව් යැයි පැවසුවේය.(ග්‍රන්ථයඃ බුහාරි 386 මුස්ලිම් 555).

තවද මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ෂද්දාද් බ්න් අව්ස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයි යුදෙව්වන් සමග එකග නොවන්න සෙරෙප්පුව සමග සලාතය ඉටු කිරන්න.ඔවුන්ද සෙරෙප්පුව  සමග සලාතය නොකන්නේය.(අබූ දාවුද් 652-

මෙම සුන්නතය කරන විට මෙය ගැන නොදන්නා අයගෙන් ප්‍රශ්නයක් ඇති වේ යැයි සැකයක් තිබුනොත් එය නොකර සිටීම හොඳය.යහපතක් කිරීමට වඩා අයහපතක් වැළැක්වීම අත්‍යවශයයි. එම නිසා මෙම සුන්නතය අදාල වාතාවරණය අනුව පමණක් කළ යුතුය.

කෙසේ වෙතත් ප්‍රශ්නයක් ඇති වන තත්වයක් නොතිබුනද පාවහන් අපවිත්‍ර නම් මෙම සුන්නතය කළ නොහැක.මස්ඡිදය අපවිත්‍ර විය හැකිය. පල්ලිය අපිරිසිදූ කිරීම යනාදියන් තිබුනොත් එය නොකළ යුතුය.මන්දයන් මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පල්ලිය හ එහි අවය පිරිසිදූව තබා ගැනීම පිණිස දිරි ගැන්වා ඇත.පල්ලියේ කෙළ ගැසීම යනාදීන්ද තහනම් කර ඇත.

ඉහත මා සඳහන් කළ කරුණු බලා මා සුන්නතයක් ගැන නොසලකා සිටින්නේය යැයි කවුරුවත් නොසිතිය යුතුය.මගේ පෑන මෙම පවිත්‍රවූ පිටුවල භාවිතා කර ඇත්තේ සුන්නත්යන් විස්තර කිරීමට හා එය සඳහා දිරි ගැන්වීමට පමණි.මුස්ලිම් මෙම සුන්නතය ක්‍රියාවට නැංවීම සඳහා බොහෝ අවස්ථා ඇත. තම නිවසේ සලාතය ඉටු කරන විට.සංචාරයක් ගොස් තිබෙන විට ගමනක යෙදී සිටින විට මෙන්ම මෙම සුන්නතය ක්‍රියාවට නංවන අය අතර මෙය ක්‍රියාවට නැංවිය හැකිය. 

සුන්නත්වලම අපව ජීවත් කර රහිම අපට මරණයද ඇති කරන මෙන්ද නවක ක්‍රියාවලින් හා අභ්‍යන්තර හා බාහිර කලබලවලින් අපව රැක ගන්නා මෙන්ද අප අල්ලාහ්ගෙන් අයැදී සිටිමු.නිශ්චය වශයෙන්ම ඔහු ප්‍රාර්ථනාවට සවන් දෙන්නාය හා එයට පිළිතුරු දීමට ශක්තිය ඇත්තාය.එබැවින් ඔහුගේ දායාදයෙන් අපටද අපගේ දෙමව්පියන්ට හා මුඵ උම්මතයටම දෙන මෙන් අයැද සිටිමු.

brightness_1 සුදූ වස්ත්‍ර පැළඳීම සුන්නත් වේ

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ඉබ්නු අබ්බාස් මෙසේ දන්වයිඃඔබලා සුදූ වස්ත්‍ර පළඳීන්න.නිශ්චය වශයෙන්ම වස්ත්‍රවලින් එය ඉතා උසස්යි.තවද ඔබගෙන් මරණයට පත්වුවන්වද එමගින්ම කෆන් කරන්න.(ග්‍රන්ථය අහ්මද් 2219 අබූදාවුද් 3878 තිර්මිදී 994 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.ග්‍රන්ථය සහීහුල් ජාමි පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි 267/1-

ඉහත නබිතුමානන්ගේ නිර්දේශය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම අදාලය.එය ස්ත්‍රී පුරුෂ පිරිසකට පමණක් සීමා කරන නිදසුනක් නොමෙති අවස්ථාවෙ.

මෙය ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයෙන් එකකට පමණක් යන්නට හදීස්වල සාධක නැත.කෙසේ වෙතත් ස්ත්‍රීන් සුදූ වස්ත්‍ර පැළඳීම සිරිතක් නොවන සමාජයක මෙම නිර්දේශය පුරුෂයින්ට පමණක් අදාල වෙයි.නමුත් වර්තමනයෙහි අපගේ සමාජයේ සිරිතද මෙයයි.නබිතුමානන්ගේ නිර්දේශය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම අදාලය.එය ස්ත්‍රී පුරුෂ පිරිසකට පමණක් සීමා කරන නිදසුනක් නොමෙති අවස්ථාවෙ.

ඉබ්නු හුසෙයිමීන් රහිමහුල්ලා මෙසේ පවසයිඃසුදූ වස්ත්‍රය යනු කමිස කලිසම් සරොම් ආදී සැමට අදාලය.තවද සුදූ නොවන වස්ත්‍රයක් නැති වුවද ස්ත්‍රින්ගේ වස්ත්‍රයට සමාන ඇඳූම් පැළඳීම නුසුදූසුය.(ග්‍රන්ථයඃෂරහු රියාලිස්සාලිහීන් 1087/2-

brightness_1 සුවඳ විලවුන් භාවිතා කිරීම සුන්නත් වේ

ඇතැම් ස්ථානවල සුවඳ විලවුන් භාවිතා කිරීම වැදගත් සුන්නතයකි.මෙහි විස්තර ඉදිරියට සඳහන් කරමි.සුවඳ විලවුන් භාවිතා කිරීම සුන්නතයක් යන කරුණ පහත හදීස් සනාථ කරයි

අ-මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ ලොවෙහි ස්ත්‍රීන් හා සුවඳ විලවුන් මට ප්‍රිය ජනක කරනු ලැබී ඇත.මාගේ නෙත්වල සිසිල සලාතයෙහි ඇත.(ග්‍රන්ථයඃ අහ්මද් 12293 නසාඊ 3940 ඉමාම් අල්බානි මෙය හසන් සහීහ් හදීසයක් යැයි පවසයි.

ඔබගේ ලොවෙන් මා හට කරුණු තුනක් ප්‍රියජනක කරනු ලැබ ඇත යනුු හදීසයේ වචන දූර්වලය

ආ-අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-ගේ අත්ලට වඩා සිනිඳූ පට රෙඳි කැබැල්ලක් හෝ මා ස්පර්ශ කර නොමැත. එමෙන්ම එතුමන්ගේ සුවඳට වඩා සුවඳැති කිසිවක් මා ආග්‍රහනය කර නොමැත.(ග්‍රන්ථයඃ බුහාරි 3561)

ඉහත හදීසයේ ඇති දීබාජ් යන වචනය එක් රෙඳි වර්ගයක නමකි"අල් අරෆ් යනු සුවඳ විලවුන් වර්ගයකි.

ඇ- නාෆිං පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි මෙසේ පවසයිඃ ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු කපුරු සහ පිරිසිදූ අවුද් යන සුවඳවිලවුන් තවරා ගනිති.පසුව නබිතුමානන්ද මේවා තවරා ගත් බව ඔහු පැවසීය.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2254). 

ඉමාම් නවවී රහ්මතුල්ලා මෙසේ පවසයිඃඉස්තිජ්මාර් යන වචනයේ අර්තය සුවඳවිලවුන් භාවිතා කිරීම යනු වේ.උලූව්වා යන වචනයේ අරුත අවුද් නම් සුවඳ විලවුන් වේ.ගයිරු මුත්රාත් යන්නෙහි අරුථ කලවම් නොරකන ලද යන්නයි. මෙය පුරුෂයන්ට සුන්නත් වන නමුත් නිවසින් පිටතට යන විට මෙය ස්ත්‍රීන්ට සුන්නත් නොවේ. සුවඳවිලවුන් භාවිතා කිරීම පුරුෂයන්ට වඩාත් වැදගත් වන්නේ ජුමුආ සිකුරාදා දිනයෙහි උත්සව දිනයෙහි දික්ර් හා දැනුමේ සභාවෙහි බිරිඳ සමග සිටින විට හා මෙවැනි විශේෂ අවස්ථාවලය.(ග්‍රන්ථයඃ ෂරහුන්නවවි 2254)

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් තමන් වෙතින් දූගඳක් පිටවීම අප්‍රිය කළහ.ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට එතුමන්ගෙන් දූගඳක් පිටවීම යනු දැවැන්ත කරුණක් විය. (ග්‍රන්ථයඃ බුහාරි 6972)

ඉතාම සුවඳැති විලවුන් වර්ගය මිස්ක් හෙවත් කස්තූරි නම් වේ.

අබු සෙය්යිදූල් හුද්රී රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃවරක් නබිතුමානන් බනී ඉස්රායීල්වරුවන් අතර සිටි තම මුද්දට කස්තූරි තවරන ස්ත්‍රියක් ගැන පවසා ඉතාම සුවඳැති විලවුන් වර්ගය මිස්ක් හෙවත් කස්තූරි නම් වේ යැයි පැවසූහ.(ග්‍රන්ථයඃමුස්ලිම් 2522- තවත් දැන්වීමක මිස්ක් හෙවත් කස්තූරි ඉතාමත්ම සුවඳැති විලවුන් වර්ගයයි යැයි කීහ.(ග්‍රන්ථයඃඅබූදාවුද් 3518 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.- (ග්‍රන්ථයඃ සහීහු අබී දාවුද් 200/3).

මුස්ලිම්වරයෙකුට ඉතා උචිත වන්නේ ඔහු වෙත තිබෙන අධිකම සුවඳ ඇති දෙයයි.ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃනබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඉහ්රාම් පළඳින විට තමාඟේ ඇති ඉතාම හොඳ සුවඳ විලවුන් වර්ගය තවරා ගනිති.(ග්‍රන්ථයඃ මුස්ලිම් 1190-

සුවඳ විලවුන් දෙනු ලබන විට එපා යැයි කීම මක්රූහ්ය.

පහත සඳහන් හදීසයන් මෙය සනාථ කරයි

අ-අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සුවඳ විලවුන් කිසි විටෙක ප්‍රිතික්ෂේප කළේ නැත.(ග්‍රන්ථයඃ බුහාරි 2582-

ආ- මුහම්මද් සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃයම් කෙනෙකුට සුවඳ විලවුන් දෙනු ලැබු විට එය ඔහු ප්‍රතික්ෂ්ප නොකළ යුතුය (ග්‍රන්ථයඃඅබුදාවුද් 4172 ඉමාම් අල්බානි මෙය සහීහ් හදිසයක් යැයි පවසයි.(ග්‍රන්ථය සහීහුල් ඡාමිං1092/2).

මුහම්මද් සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃකවුරුන්ට රයිහාන් දෙනු ලැබෙයිද එය ඔහු ප්‍රතික්ෂ්ප නොකත්වා.මන්ද යත් එය සැහැල්ලූ හා සුවඳවත් දෙයකි.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2253).රයිහාන් යනු සුවඳ විලවුන් වර්ගයකි.එනමුත් මෙම හදීසයේ ඇති නිර්දේශය සුවඳ විලවුන් සැමටම ගැලපේ.

අවුනුල් මංබූද් කතුවරයා පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි මෙසේ පවසයිඃමෙම දැන්වීම සුවඳ විලවුන් ප්‍රතික්ෙෂ්ප කිරීම සුන්නාවට පටහැනි යැයි පවසයි.තවද එය බෙදා ගැනීමත් එය පිළි ගැනීමත් ඉතැ සුඵ දෙයක්ය.එම නිසා එය ප්‍රතික්ෙෂ්ප කිරීමට සතු කරුණක් නොමෙත. (ග්‍රන්ථය අවුනුල් මංබූද් 4172-

 සුවඳ විලවුන් භාවිතා කිරීම පහත අවස්තාවල සුවිශේෂී සුන්නාහ්වකි.

1. ජුමුආ දිනයෙහි  මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-තුමානන් පැවසූ බව අබූ සඊද් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ ජුමුආ දිනයෙහි ස්නානය කිරීම මිස්වාක් කිරීම තමා ළඟ තිබුනේ නම් සුවඳ විලවුන් භාවිතා කිරීමට වැඩිහිටියන්ට අනිවාර්ය වේ.(ග්‍රන්ථයඃ බුහාරි 880 මුස්ලිම් 846-"මිස්වාක් භාවිතා කිරීම සුවිශේෂී සුන්නාහ්වක් වන පස් වෙනි අවස්ථාවද මෙයයි. තවත් දැන්වීමක නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තමන්ට හැකි තාක් සුවඳ විලවුන් භාවිතා කරති.(ග්‍රන්ථයඃමුස්ලිම් 846- තවත් දැන්වීමක නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  තම බිරිඳගේ සුවඳ විලවුන් හෝ තවරා ගනිති.(ග්‍රන්ථයඃ මුස්ලිම් 846- ජුමුආ දිනයෙහි මෙය සුන්නාවක් වන හෙයින් ඇතැම් ඉමාම්වරු මෙය උත්සව දෙකටක් සුන්නත් යැයි පවසති.  

2.ස්ත්‍රීයක් මාසික ඔසප්වලින් පිරිසිදූ වන විට.ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයිඃ ස්ත්‍රියක් නබිතුමානන්(සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- වෙත පැමිණ මාසික ඔසප් අවසන් වූවිට කෙසේ ස්නානය කළ යුතුදැයි ඇසුවාය.එවිට එතුමන් ඇයට මෙසේ කීහඃඔබ මිස්ක් කැබැල්ලක් ගෙන එමගින් පිරිසිදූ කර ගන්න.එවිට ඇය මා කෙසේ පිරිසිදූ කර ගන්නදැයි ඇසුවාය.එයට නබිතුමන් එමගින් පිරිසිදූ කර ගන්න යැයි පැවසූහ.ඇය නැවතත් කෙසේදැයි ඇසූවාය. එයට නබි තුමන් සුබහානල්ලාහ් ඔබ පිරිසිදූ කර ගන්න යැයි නැවතත් කීහ. එවිට මා ඇයව මා ඇද ඔබගේ රුදිරය ඇති තැන්වල එය තවරන්න යැයී කීවෙමි.(ග්‍රන්ථයඃ මුස්ලිම් 846- මෙම දැන්වීම් මාසික ඔසප් ස්ත්‍රීන් සුවඳ විලවුන් තැවරීම සුන්නත් යැයි සනාථ කරයි.දරු ප්‍රසුතියේ ඔසප් අවසන් වු පසුවද මෙය මුස්තහබ් වේ.මෙහි දී කස්රි භාවිතා කිරීම ඉතා උචිතය. 

සැයුඃඉහත සඳහන් හදීසයේ නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  සුබහානල්ලාහ් යැයි පැවසූහ. යමක් නිසා විහ්මයට පත් වුනු විට හා යමක් ප්‍රතික්ෂේප කරන විට සුබහානල්ලාහ් යැයි කීම නබිතුමන්ගේ (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  සිරිතකි.

අබූ හුරෙයිරා රලියල්ලාහුගේ දැන්වීමක මෙසේ සඳහන් වී ඇතඃවරක් අබූ හුරෙයිරා කිල්ල සහිත සිටින විට නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සමග සිටීමට පැකිලූනේය.එයට නබි තුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සුබානල්ලාහ් විශ්වාසිකයෙකු අපවිත්‍ර වන්නේ නැත යැයි කීහ.ග්‍රන්ථයඃ(බුහාරි 314 මුස්ලිම් 332-

නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ස්ත්‍රීයක් සමග සිටින විට දෙදෙනෙකු එතැනින් ගියහ.එවිට නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඔවුන් දෙදෙනාට ඔබ නවතින්න. නිශ්චය වශයෙන්ම මේ ෂෆියා බින්තු හුයෙයි වේ යැයි පැවසූහ.එයට ඔවුන් දෙදෙනා සුබහානල්ලාහ් අල්ලාහ්ගේ දූතයානෙනි (ඔබව අප සැක කරන්නෙමු? යැයි කීවෝය.(ග්‍රන්ථයඃමුස්ලිම් 371-

එමෙන්ම විශ්මයට පත් විට අල්ලාහු අක්බර් යැයිද කිව හැක. ඉබ්නු උමර් නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  දෙස බලා නබිතුමනි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  ඔබ ඔබගේ බිරියන් දික්කසාද කළේද යැයි ඇසුවේය.එයට නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- නැත යැයි කීහ.එයට මා අල්ලාහ් අක්බර් යැයි පැවසුවෙමි (ග්‍රන්ථයඃ බුහාරි 6218 මුස්ලිම් 1479-

(තිර්මිදී 2180 ග්‍රන්ථයේ සඳහන් වී ඇති පරිදි දවසක් සහාබාවරුන් ඔවුන්ට දාත් අන්වාත් සේ අපටත් දාත් අන්වාත් තබන්න යනුවෙන් ඇසූහ නබිතුමන්(සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  එම අවස්තාවෙ අල්ලාහු අක්බර් යැයි පැවසූහ. (ග්‍රන්ථය තිර්මිදී 2180)

විශ්මයට තස්බීහ් තක්බීර් කීම ෂරීආවේ ඇති දෙයකි.ඇතැම් විද්වතුන් විශ්මයට පත් වුනු විට තක්බීර් කීම පිළිකුල් කර ඇත.එනමුත් මෙය නිවැරදි මතයක් නොවේ.ඉමාම් බුහාරි පවා ‘විශ්මයට පත් වු විට තක්බීර් හා තස්බීහ් කීම’ මැයෙන් පාඩමක් ඇතුලත් කර ඇත.ඉමාම් නවීද මෙසේද කර ඇත.  

3. ඉහ්රාමයට ඇතුල් වන්නට පෙර ආයිෂා තුමිය මෛස් දන්වයිඃනබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඉහ්රාමයට ඇතුල් වන විටද ඉහ්රාමයෙන් ඉවත් වීම සඳහා වන තවාෆය කිරීමට පෙර මා නබිතුමන්ට (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- සුවඳ විලවුන් තවරා ඇත්තෙමි (ග්‍රන්ථයඃ බුහාරි 1539 මුස්ලිම් 1189-ඉහ්රාමය පැළ£ම හා තවාෆුල් ඉෆාළා කිරීමට පෙර සුවඳ විලවුන් තැවරීම මුස්තහබ් වේ. 

4. මරණයට පත් වුනු කෙනෙකුගේ දේහයට සුවඳ විලවුන් තැවරීම උම්මු අතීයා මෙසේ දන්වයිඃඅප නබිතුමන්ගේ (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්ගේ- දියණියක් මරණයට පත්ව ඇයගේ දේහය අප ස්නානය කරමින් සිටින විට නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- එතැනට පැමිණ ඔබ ඇයව වතුර සිද්ර් භාවිතා කර තුන් වතාවක් හෝ පස් වතාවක් අවශ්‍ය පරිදි සෝදන්න. අවසානයෙහි කපුරුවලින් මඳක් තවරන්න. ස්නානය කර අවසන් වු පසු මට දන්වන්න යැයි කීහ (ග්‍රන්ථයඃ බුහාරි 1253 මුස්ලිම් 939-

බිරිඳට හා ස්වාමි පුරුෂයාද ඔහුට ඇයද සුවඳ විලවුන් තැවරීම සුන්නත්යි. මන්දයත් මෙය අලංකාර අඹුසැමි හැසිරීමකි.එමෙන්ම සභාවලට පැමිණෙන විට උත්සව දෙක යන අවස්ථාවලදී සුවඳ විලවුන් තවරා ගැනීම උචිතය. 

සුවඳ විලවුන් භාවිතා නොකළ යුතු අවස්ථාවන්.

හජ් හා උම්රා ඉටු කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කෙතරම් දූරටදයත් ඔවුන් එසේම මරණයට පත් වුවද ඔවුන්ට සුවඳ විලවුන් තැවරිය නොයුතුය. මන්ද යත් මෙසේ මරණයට පත් වූවන්ට සුවඳ විලවුන් නොතවරන මෙන් නබිතුමන් (සල්ලල් ලාහු අලෙහි වසල්ලම්- උපදෙස් කළහ (ග්‍රන්ථයඃ බුහාරි 1267 මුස්ලිම් 1206- තවත් දැන්වීමද නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- කුංකුම හා වරස් තවරන ලද වස්ත්‍ර ඉහ්රාම් ලෙසින් නොපළ¢න්න යැයි නබිතුමන් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- කීහ.(ග්‍රන්ථයඃ බුහාරි 1838 මුස්ලිම් 1177- වරස් යනු එක්තරා සුවඳ විලවුන් වර්ගයකි

මෙයට අමතරව තවත් අවස්ථා දෙකකදී සුවඳ විලවුන් භාවිතා කිරීම තහනම් කර ඇත.

ප්‍රථම අවස්තාවඃ ඇය මරණයට පත් තම සැමියා වෙනුවෙන් ඉද්දා රකින විට මාස 4 ක් සහ දින 10 ක් සුවඳ විලවුන් භාවිතා නොකල යුතුය.

 උම්මු අතීයා රලියල්ලාහු අන්හා මෙසේ පවසයිඃ දින තුනකට වඩා මැරුනු කෙනෙකු වෙනුවෙන් ශෝක පළ කිරීම අපට තහනම් කර තිබුනි.එනමුත් සැමියා මරණයට පත් වූ විට මාස 4 ක් සහ දින 10 ක් ශෝකය පළ කිරීමට අනුමැතිය ඇත.මෙම වකවානුවෙහි අප සුරුමා සුවඳවිලවුන් භාවිතා කරන්නෙ නැත.සායම් දමන ලද වස්ත්‍ර නොඅඳිමු (ග්‍රන්ථයඃ බුහාරි 313 මුස්ලිම් 938-

දෙවන අවස්ථාවඃඇය අන්‍ය පුරුෂයන් සිටින ස්ථානයක් පසු කර යන විට.මෙම අවස්ථාවේ දී ඇයට සුවඳ විලවුන් භාවිතා කිරිම තහනම්ය.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ මුසා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃයම් ස්ත්‍රියක් සුවඳ විලවුන් තවරාගෙන පිරිසකි පසු කර තම සුවඳ ඔවුන්ට දැනෙන පරිදි ගියහොත් ඇය දූරාචාරයේ යෙදෙන්නියකි.(ග්‍රන්ථයන්ඃ අහ්මද් 19578 අබූ දාවුද් 4173  නසාඊ 5127 තිර්මිදී 2786  ඉමාම් අල්බානි මෙය හසන් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය සහීහුල් ජාමිං 525/1-

අබ්දූල්ලහ් ඉබනු මස්ඌද් රලියල්ලාහු අන්හුගේ බිරිය වන සෙයිනබ් රලියල්ලාහු අන්හා මෙසේ පවසයිඃනබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- අපට ඔබගෙන් කෙනෙකු මස්ඡිදයට පැමිණෙන්නේ නම් සුවඳ විලවුන් ස්පර්ශ නොකරන්න යැයි පැවසුවෝය.(ග්‍රන්ථයඃ මුස්ලිම් 443)

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා මෙසේ දන්වයිඃ බහූර් නම් සුවඳ විලවුන් භාවිතා කළ සුත්‍රීන් අවසාන සලාතය වන ඉෂා සඳහා අප සමග එක් නොවේවා (ග්‍රන්ථයඃ මුස්ලිම් 444)

brightness_1 හිස පීරන විට දකුණින් ආරම්භ කිරීම සුන්නතයන්

එනම් පනාව හිස මත තමන විට දකුණු පැත්තේ තබා ආරම්භ කළ යුතුය.

ම‌ෙම හදීසය ම‌ෙය සනාථ කරයි.ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය මෙසේ පවසයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට සෙරෙප්පු පැළඳීමේදී හිස් පීරීමේදී පවිත්‍ර වීම මෙවැනි සියලු ක්‍රියාවලදී  දකුණ පෙරටු කිරීම ප්‍රියජනකව තිබුනි.(ග්‍රන්ථය බුහාරි 168 මුස්ලිම් 268-

වුදූ කිරීමේදී දකුණෙන් ආරම්භ කිරීම සුන්නත් බව පෙර සඳහන් වූ අතර ස්නානය කරන විටද දකුණෙන් ආරම්භ කිරීමද සුන්නත් වේ.පාවහන් පැළඳීමේදීද දකුණෙන් ආරම්භ කිරීමද සුන්නත් වේ.මෙම දකුණ පෙරටු කිරීම ප්‍රියජනකවම තුන්වානි ස්ථානයද මෙයයි"එය හිස පීරීමේදී දකුණෙන් ආරම්භ කිරීමද සුන්නත් යන්නට හිසට තෙල් ගෑමද ඇතුලත් වේ.

මෙවැනි ක්‍රියාවලදී  දකුණ පෙරටු කළ යුතුය යන ඉහත ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පවසනඃ හදීසයේ මෙවැනි සියලු ක්‍රියාවලදී  දකුණ පෙරටු කිරීම ප්‍රියජනකව තිබුනි.අදහස නම් පවිත්‍ර හා ගරුකටයුතු සෑම දෙයක් සඳහාම දකුණ පෙරටු කළ යුතුය යන්නයි.

එක් දැන්වීමක නබිතුමානන්ට හැකි සෑම විටෙකම දකුණෙන් ආරම්භ කිරීම ප්‍රියජනකව තිබුනි. (ග්‍රන්ථය බුහාරි 5380- මෙයින් අදහස් වන්නේ දකුණෙන් ආරම්භ කරන්නට නබිතුමන් වැඩි අවධානයක් යොමු කළ බවයි.එබැවින් මස්ඡිදයට ඇතුල් වීම හිස කෙස් කැපීම ආහාර පාන අනුබවය වැනි සෑම කරුණකටම දකුණෙන් ආරම්භ කිරීම සුන්නත්ය.එනමුත් වැසිකිලියට යාම එහිදි පිරිසුදූ කර ගැනීම වැනි අපවිත්‍ර දේ සඳහා වමෙන් ආරම්භ කිරීම සුන්නත් වේ.

ඉබ්නු තයිමිය්යා  රහිමහුල්ලා මෙසේ පවසයිඃ හොඳ තැන්වල පෙරටු කිරිමට ඉතාම උචිත වන්නේ දකුණයි.එමෙන්ම කිළිටු ස්ථානය සඳහා පමා කිරීමටද දකුණ ඉතා උචිතය.(ග්‍රන්ථය ෂරහුල් උම්දා 139/1-

මේ අනුව දකුණ පෙරටු කිරීමේ තත්වයන් තුනක් ඇත.

පළමු තත්වයඃපිරිසිදූ දේ.ආහාර පාන,වුදූ,ස්නනාය වැනි කරුණු සදහා දකුණු අත හා පය පෙරටු කිරිම ඉතාම උචිත වන්නේය.ඉහත සඳහන් ආයිෂා රලියල්ලාහු අන්හා තුමියගේ දැන්වීම ම‌ෙය  සනාථ කරයි.

දෙවන තත්වය අපිරිසිදූ දේ. මෙහි වම අත හා පය පෙරටු කළ යුතුයි. වැසිකිලියට යාම මූත්‍රා කිරීම නහය සීරීම වැනි දේය.

ම‌ෙම  හදීසය ම‌ෙය සනාථ කරයි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ කතාදා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් කෙනෙකු මුත්‍රා කරන විට දකුණු අතින් ඔහුග් රහස් අවයවය ස්පර්ශ නොකරත්වා.තවද පිරිසිදූ කරන විටද දකුණෙන් නොකරන්න.

තුන්වෙනි තත්වයඃඉහත සඳහන් තත්වයන් දෙකින් කුමකට අයත් වනවාද යැයි සැක ඇති වන විට.මෙහිදී දකුණ පෙරටු කිරීම උචිතය ඉහත සඳහන් ආයිෂා රලියල්ලාහු අන්හා තුමියගේ දැන්වීම වන මෙවැනි සියලු ක්‍රියාවලදී  දකුණ පෙරටු කිරීම ප්‍රියජනකව තිබුනි.

ඉමාම් නවවී රහිමහුල්ලා ඉහත හදීසය විග්‍රහ කරන විට මෙසේ පවසයිඃමෙය පොදූ නීතියකි.පවිත්‍ර දේවලට දකුණද අපවිත්‍ර වැසිකිළියට ඇතුල් වීම"මල මූත්‍රා සේදීම"යනාදීන්වලට වමද පෙරටු කිරීම"තවද සෙරෙප්පු"ඇදූම් යනාදීන් පැළදීම"මස්ඡිදයට ඇතුල් වීම හිස කෙස් කැපීම ආහාර පාන අනුබවය"ම්ස්වාක් කිරීම"හිස් පීරීම"සලාමය දීම"වුලූ කිරීමෙ දී අවවයවන් සේදීම" වැසිකිලියෙන් පිට වීම"මුසාෆහා කිරීම"හඡරුල් අස්වදයට සංඥා කිරීම"නිය පොතු කැපීම"වුදූ වැනි යහපත් ගෙෘරව ක්‍රියාවන් කරන විට වමට වඩා දකුණ පෙරටු කිරීම සුන්නත්ය යන්නෙහි සියලූ විද්වතුන් ඒකමතික වෙති.එමනිසා මෙයට පටහැනි වන කෙනෙකුට එහි මහිමය අහිමි වුවද ඔහුගේ වුදූ වලංගු වීමෙහි ගැටළුවක් නැත. (ග්‍රන්ථයඃ ෂරහුන් නවී ලිමුස්ලිම් 267).

සැයුඃහිස කෙස් කපා ගන්නා විට දකුණෙන් ආරම්භ කිරීම සුන්නත්ය.අනස් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනබිතුමන් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- මිනාවට පැමිණ පසුව ජම්රාවෙහි ගල් කැට විසි කළේය. නැවතත් මිනාවෙහි එතුමන්ගේ ස්ථානයට පැමිණ ඔටුවෙකු ඝාතණය කළේය.පසුව හිස බා ගන්නාට මෙතැනින් කෙස් ඉවත් කරන්න යැයි දකුණද පසුව වමද පෙන්වා කීහ. (ග්‍රන්ථයඃ මුස්ලිම් 1305-