languageIcon
search
search
brightness_1 ආහාර අනුභවයට ආරම්භයේ බිස්මිල්ලා කීම

අම්ර් ඉබ්නු අබූ සලමා රලියල්ලාහු අන්හු  මෙසේ පවසයිඃමා මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ දයාවෙහි කුඩා ළමයෙකුව සිටි විට මගේ අත ආහාර බඳූනේ සෑම තැනටම යන්නට විය.එවිට මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙසේ පැවසූහඃකුඩා දරුවනි අල්ලාහ්ගේ නාමය පවසන්න.ඔබගේ දකුණු අතින් අනුභව කරන්න.ඔබට අසලින් තිබෙන දෙයින් ඔබට පzමාණත්ව අනුභව කරන්න. (ග්‍රන්ථයඃ ග්‍රන්ථයඃ බුහාරි 5376 මුස්ලිම් 2022-

ඉතා උචිත වන්නේ බිස්මිල්ලාහ් පමණක් කීමයි.ඉබ්නු හජර් රහිමහුල්ලා මෙසේ පවසයිඃ බිස්මිල්ලාහ් පැවසීම විෂයයෙහි හදීස්වල සඳහන් ඉතා පැහැදිලි දැන්වීම නම් අබූ දාවුද් ග්‍රන්ථයේ සඳහන් වන ආයිෂාතුමියගේ දැන්වීමයි.එනම් ඔබගෙන් කෙනෙකු ආහාර අනුභව කරන්නට යන විට අල්ලාහ්ගේ නාමය පවසන්න.ආරම්භයේ දී අල්ලාහ්ගේ පැවසීමට අමතක වුවහොත් බිස්මිල්ලාහ් අව්වලහු ආහිරහු යැයි පැවසිය යුතුය.(ග්‍රන්ථය අබූදාවුද් 3767 තිර්මිදී 1858 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය සහීහුල් ජාමියා 282/1 මෙම අරුතම ඇති තවත් දැන්වීමක් අබූදාවුද් සහ නසාඊ ග්‍රන්ථවල සඳහන් වී ඇත-. තවද  එතුමන් මෙසේ පවසයි"බිස්මිල්ලාහ් යනු පැවසීම තුලින් මෙය සුන්නතය ඉටු වේවි. බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම් යැයි කීම වඩා උචිතය යැයි ප්‍රකාශයට පැහැදිලි සාධක මා නුදූටුවෙමි"(ෆත්හුල් බාරි හදීස් අංකය 5376-

බිස්මිල්ලා කීමේ රීතියෙහි මත බේදයන් ඇත.

එය සුන්නාත් යැයිද වාඡිබ් යැයිද විවිධාකාර මතයන් ඇත.වැඩි සිල්වත් බව නම් මෙය කිසිවිටෙක අත් නොමගහැරීමයි.එසේම එය අමතක වුවහොත් බිස්මිල්ලාහි අව්වලහු ආහිරහු යැයි පැවසීමයි.මන්ද යත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ආයිෂා රලියල්ලාහු අන්හා මෙසේ දන්වා ඇතඃඔබගෙන් කෙනෙකු ආහාර අනුභව කරන්නට යන විට අල්ලාහ්ගේ නාමය පවසන්න.ආරම්භයේදී අල්ලාහ්ගේ පැවසීමට අමතක වුවහොත් බිස්මිල්ලාහ් අව්වලහු ආහිරහු යැයි පැවසිය යුතුය.(අබූදාවුද් 3767 තිර්මිදී 1858 ඉමාම් අල්බානි මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය සහීහුල් ජාමියා 282/1-

එමෙන්ම හදීස්වලින් පැහැදි ලි වන තවත් කරුණක් නම් මුස්ලිම්වරයෙකු දකුණු අතින් අනුභව කළ යුතුය යන්නයි.නිශ්චය වශයෙන්ම බිස්මිල් නොකියා අනුභව කරන්නාගේ සහ වමතින් අනුභව කරන්නාගේ ආහාරයේ ෂයිතාන් හවුල් වනු ඇත.තවද වමතින් අනුභව කරන්නේද ඔහු ෂයිතාන්ට සමාන වන්නේය  ෂයිතාන් වමතින්  ආහාර පානයන් අනුභව කරන්නේය.

පහත සඳහන් හදීසය මෙය සනාථ කරයි

හුදෙයිෆා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඅපි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් සමග සිටින ආහාර කිසිවක් පැමිණියහොත් එතුමන් ආරම්භ කරන තෙක් අප අපගේ අත් එහි නොතබන්නෙමු.මෙසේ වරක් ආහාර පැමිණි විට අපි  මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-  තුමානන් සමග සිටියෙමු.එවිට එක් වහල් ස්ත්‍රීයක් ආහාරයෙහි ඇයගේ අත තබන්නට තැත් කළ අතර නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඇයගේ අත ඇල්ලූවෝය. පසුව එක් ගැමි අරාබියෙකු පැමිණ මෙසේම කළ විට එවිට නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඔහුගේ අත අල්ලා මෙසේ පැවසූහඃනිශ්චය වශයෙන්ම ආහාර මත අල්ලාහ්ගේ නාමය කීම වැළ්කවීම මගින් එහි කොටසක් තමාට හිමි කර ගැනීමට තැත් කරන්නේය.ෂයිතාන් මෙම වහලිය මගින් මෙයින් කොටසක් ලබා ගැනීමට පැමිණියේය.මම ඇයගේ අත ඇල්ලූවෙමි.එසේම ගැමි අරාබි මිනිසා මගින්ද මෙයින් කොටසක් ලබා ගැනීමට පැමිණියේය.මම ඔහුගේ අත ඇල්ලූවෙමි.මාගේ ප්‍රාණය කවුරුන් වෙත තිබේද ඔහු මත දිවුරා කියමි නිශ්චය වශයෙන්ම මා ඇයගේ අත අල්ලන මොහොතෙහි ෂයිතාන්ගේ අත මගේ අතේ තිබුනි (ග්‍රන්ථයඃ මුස්ලිම් 2017- 

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් කිසිවෙකු හො වම් අතින් ආහාර හෝ පාන නොගන්න.නිශ්චය වශයෙන්ම ෂයිතාන් ආහාර පාන අනුභව කරන්නේ වමතිනි.තවද මෙම දැන්වීමෙහි නාෆිහ් නමැත්තෙකු තවත් අමතර කරුණක් දන්වා ඇත.එනම් වමතින් කිසිවක් නොදෙන්න හා නොගන්න යනු එයයි. (ග්‍රන්ථයඃ මුස්ලිම් 2020-

ඉතා නිවැරදි මතය නම් ෂයිතාන් ඇත්තෙන්ම ආහාර අනුභව කරන්නේය යන්නයි.

අත්තීබීය්යි මෙසේ පැවසූ බව ඉබ්නු හජර් රහිමහුල්ලා පවසයිඃ ඉහත හදීසයේ විග්‍රහය නම් වම් අතින් ආහාර අනුභව නොකළ යුතුයි.එසේ ඔබ කළේ නම් ඔබ ෂයිතාන්ගේ මිතුරෙකු බවට පත් වන්නේය.මෙහි ෂයිතාන් යැයි සඳහන් කර තිබීමේ සැබෑ අරුත ෂයිතාන්ගේ මිතුරන් යන්නයි. කෙසේ වෙතත් අත්තීබීගේ ඉහත විග්‍රහය යතාර්ථයෙන්ම ඇති හදීස් වැකිවලට වඩා වැඩි වන අතර මෙය අනවශ්‍ය ක්‍රියාවකි යනු මගේ මතයයි.(ෆතුහුල් බාරී හදීස් අංකය 5376-

ෂයිතාන් නිවෙස්වලට ඇතුල් වී නිවැසියන්ගේ ආහාර පානවලට හවුල් වීමට කෑදරකමින් සිටින්නේය.මේ බව හදීසයක මෙසේ සඳහන් වී ඇත.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසනු තමා ඇසු බව ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ කෙනෙකු සිය නිවසට ඇතුල් වන විට අල්ලාහ්ව සිහිකර තම ආහාරයෙහිද අල්ලාහ්ව සිහි කළ විට ‘අද දින ඔබලාට නැවතීමට නිවසක් හෝ අනුභවයට ආහාර නැත යැයි ෂයිතාත් තම සගයන්ට පවසන්නේය.එසේ නිවසට ඇතුලූවන විට අල්ලාහ්ව සිහි කරන්නට කෙනෙකුට අමතක වුවහොත් ‘අද දින ඔබලාට නැවතීමට නිවසක් සහ අනුභවයට ආහාර ලැබී ඇත යැයි ෂයිතාත් තම සගයන්ට පවසන්නේය.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2018-

brightness_1 බිම වැටුනු ආහාර ඇහිඳ එහි අපවිත්‍ර කිසිවක් තැවරී තිබුනොත් එය ඉවත් කර අනුභව කිරීම

මෙම සුන්නතය කිරීම තුලින් අපගේ ආහාර වේල සමග හවුල් වන්ට තැත් කරන ෂයිතාන් පහරක් වදියි.එනම් බිම වැටුනු ආහාර ස්වල්පය හෝ ෂයිතාන්ට ලබා නොදීම මෙහි අරමුණයි.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසනු තමා ඇසු බව ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃනිශ්චය වශයෙන්ම ඔබගේ සියලූම කටයුතුවලට ෂයිතාන් අවතීර්ණ වෙයි.ඔබගේ ආහාරයට ඔහු එක් වෙයි ඔබගෙන් කෙනෙකුගේ ආහාරයන් මඳක් බිම වැටුනේ නම් එහි ඇති අපවිත්‍ර ඉවත් කර අනුභව කරන්න.එය ෂයිතාන්ට අත් නොහරින්න.ආහාර අනුභව කර අවසානයෙහි ඇඟිලි සූප්පු කරන්න.නියතවශයෙන්ම ආහාරයේ බරකතය ඇත්තේ කුමක දැයි ඔහු නොදන්නේය (ග්‍රන්ථයඃ මුස්ලිම් 2033-

මෙම හදීසය ඉතා විමසිල්ලෙන් බලන කල අපට වැටහෙන දෙයක් නම් ෂයිතාන් මිනිසාගේ සෑම කටයුත්තකටම හවුල් වන්නට තැත් කරන්නේ කෙනෙකුගේ ජීවිතයේ බරකතය ඉවත් කර ඔහුගේ කාරියන්ට හවුල් කර ගැනීමටය.මෙතෙක් අප බැලු හදීස්වලට අනුව ආහාර පානය සහ නිදා ගැනීම යන කටයුතුවල ෂයිතාන් හවුල් වන්නට තැක් කරන බව පැහැදිලි විය.තවත් ෂයිතාන් එසේ හවුල් වන්නට වෑයම් කරන අනෙකුත් කටයුතු ගැන ඉන්ෂා අල්ලාහ් අප ඉදිරියට බලමු. 

brightness_1 ඇඟිලි සූප්පු කිරීම

එනම් දිව අගින් ඇඟිලි ලෙව කෑ යුතුය.මෙම සුන්නතය අප කළ යුතුය හෝ බිරිය වැනි කෙනෙකු ලවා කළ යුතුය.කෙසේ හෝ අතේ හා ඇඟිලිවල තැවරී ඇති ආහාර පීදා නොයැවීම මෙහි අරමුණයි.

මේ බව ඉහත ජාබිර්ගේ දැන්වීමෙහි සඳහන් වී තිබුනි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් කෙනෙකු ආහාර අනුභව කර අවසන් වූවහොත් තම අත සූප්පු කරන තෙක් හෝ හෝ තවත් කෙනෙකුට එය කරන්නට දෙන තෙක් එය පිසින්නට එපා (ග්‍රන්ථයඃ බුහාරි 5456 මුස්ලිම් 2033-.

ජාබිර් රලියල්ලාහු අන්හුගේ තවත් දැන්වීමක මෙසේ සඳහන් වී ඇත.තම අත සූප්පු කරන තෙක් අත ලේන්සුවෙන් පිස නොදමන්න. නිශ්චය වශයෙන්ම තම ආහාරයේ කුමක බරකතය තිබෙන්නේදැයි කෙනෙකු දන්නේ නැත.(ග්‍රන්ථය මුස්ලිම් 2033-.

brightness_1 භාජනය ඇඟිලිවලින් හොදින් පිස දමා අනුභව කළ යුතුයි.

අනුභව කරන්නා සිය තැටියේ කිසිවක් ඉතුරු නොකර එය හොදින් පිසදැමිය යුතුයි.මන්ද එයත් ආහාර වේලෙහි බරකතය එහිද තිබෙන්නට ඉඩ ඇති බැවිනි.

පහත සඳහන් හදිසය මෙය සනාථ කරයි.ආහාර ගත් තැටිය හොදින් පිස දැමිය යුතු යැයි බිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- අපට අණ කර ඇත.යැයි අනස් රලියල්ලාහු අන්හු පවසයි.(ග්‍රන්ථය මුස්ලිම් 2034- තවත් දැන්වීමක මුහම්මද්(සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබුහුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබලා තැටිය හොදින් පිස අනුභව කරන්න (ග්‍රන්ථයඃ මුස්ලිම් 2035-.

ඉබ්නු හුසෙයිමින්  රහිමහුල්ලා මෙසේ දන්වයිඃපිස දැමීම යනු තැටියෙහි තැවරී ඇති ආහාර කැබලි තම ඇඟිලි මගින් තදින් පිස දමා එයත් අනුභව කිරීමය. මෙම සුන්නතය ගැන බොහෝ අය අනවධානයෙන් සිටිති.කණගාටු විය යුතු කරුණ නම් ආගමික දැනුම් හදාරන්නන් පවා මෙය නොසලකා හරිති.මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානනගේ මග පෙන්වීමට පටහැනි ක්‍රියාවකි.(ග්‍රන්ථයඃ ෂරහු රියාලිස් සාලිහීන් 892/1-

brightness_1 ඇඟිලි තුනෙන් ආහාර අනුභව කිරීම

ඇඟිලි තුනෙන් ආහාර අනුභව කිරීම සුන්නතයකි.  මෙම සුන්නතය කළ යුත්තේ රටදි රොටී වැනි ආහාර ගන්නා විටය.

පහත සඳහන් හදිස් මෙය සනාථ කරයි කඅබ් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃ නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ආහාර අනුභව කරන්නේ ඇඟිලි තුනෙන්ය.තවද එතුමන් තම අත පිස දැමීම පෙර හොදින් සූප්පු කරන්නේය.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2032-

ඉබ්නු හුසෙයිමින් රහිමහුල්ලා මෙසේ දන්වයිඃආහාර අනුභව කරන විට දබරැඟිල්ල මහපට ඇඟිල්ල සහ මැදැඟිල්ල යන ඇඟිලි තුන භාවිතා කළ යුතුයි. එනමුත් ඇඟිලි තුන පමණක් භාවිතා කර අනුභව කළ නොහැකි ආහාරවලට අනෙකුත් ඇඟලිද භාවිතා කිරීමෙහි වරදක් නැත.(ග්‍රන්ථයඃ ෂරහු රියාලිස්සාලිහීන් 1069/2-

ඉමාම් නවවී රහිමහුල්ලා මෙසේ පවසයි.නිශ්චය වශයෙන්ම තම ආහාරයේ කුමක බරකතය තිබෙන්නේ දැයි කෙනෙකු දන්නේ නැත යන්නෙහි අදහස කෙනෙකුගේ ආහාර වේලවක අනිවාර්්‍යයෙන් බරකතයක් තිබෙන්නේමය. එබැවින් බරකතය ඇත්තේ තමා අනුභව කර අවසන් වූ කොටසෙහිද නැත්නම් තැටියේ තැවරී තිබෙන තෙතමනයෙහිද ඇඟිගිවල තැවරී තිබෙක දෙයෙහිද එසේත් නැත්නම් බිම වැටුනු කැබලිවලට යන කරුණ කෙනෙකු නොදනී. එහෙයින් මේ සියල්ල ආරක්ෂා කර ගත යුතුය යැයි උපදෙස් කර ඇත.පොදූවේ බරකත් යනු අභිවෘධිය නොහොත් යහපත් ලබා ගැනීම යන්නයි.ආහාරයේ බරකතය යනු එය මගින් සිරුර පෝෂණය අල්ලාහ්ට අවනත වීමට අවශ්‍ය ශක්තිය ලෙසින් එය පරිවරථනය වීමයි.(ග්‍රන්ථයඃ ෂරහුන්නවී ලිමුස්ලිම් 2033-

brightness_1 භාජනයෙන් පිටත තුන් වරක් හුස්ම පිට කිරීම

යමක් පානය කරන විට එක හුස්මට පානය නොර එය කොටස් තුනකට බෙදා සෑම වරකටම හුස්මක් පිට කිරීම සුන්නත් වෙයි.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් යමක් පානය කරන විට එය එක හුස්මට පානය නොකර එය කොටස් තුනකට බෙදා සෑම වරකටම හුස්මක් පිට කරමින් පානය කරති.තවද මෙසේද පැවසූහඃමෙසේ කිරීමෙන් පිපාසය හොදින් සන්සිඳවන අතර පිපාසයේ අපහසුතාවයද එය අඩු කරයි.මා ද යමක් පානය කරන විට මෙය අනුගමනය කරමි යයි තවත් දැන්වීමක අනස් රලියල්ලාහු අන්හු වැඩි දූරටත් පවසයි.(ග්‍රන්ථයඃබුහාරි 5631 මුස්ලිම් 2028-

මෙසේ නවත නවතා පානය කරන මෙන් උපදෙස් කර ඇත්තේ බීමෙහි හුස්ම පිට කිරීම මක්රූහ් හෙයිනි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ කතාදා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් කෙනෙකු යමක් පානය කරන විට භාජනයට හුස්ම පිට නොකරන්න (ග්‍රන්ථයඃ බුහාරි 5630 මුස්ලිම් 267-

ඉහත හදීසයේ ඇතැම් වචනවල විග්‍රහය ලබා ගන්නා ලද්දේ ඉමාම් නවවීගේ පැහැදිලි කිරීම්වලින්ය.

brightness_1 ආහාර අනුභව කිරීමෙන් පසු අල්ලාහ්ට ප්‍රශංසා කිරීම

පහත හදීසය මෙම සුන්නය වඩාත් හොදින් පැහැදිලි කරයි

මුහම්මද්(සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අනස් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃගැත්තෙකු ආහාරය අනුභව කර එය වෙනුවෙන් අල්ලාහ්ට ප්‍රශංසා කිරීමද යමක් පානය කර එය වෙනුවෙන් අල්ලාහ්ට ප්‍රශංසා කිරීමද නිශ්චය වශයෙන්ම ගැත්තාගෙන් ප්‍රිය කරයි.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2743-

මඳක් සිතා බලන්න.ආහාර පාන අනුභවයෙන් පසු ඔබ කරන ප්‍රශංසාව මගින් අහස් හතකට ඉහළින් සිටින අල්ලාහ් සතුටට පත් වන්නේය.-මාගේ ගැත්තන් අතුරින් තුති පුද කරන්නන් ඉතා ස්වල්ප දෙනෙකිය- යැයි අල්ලාහ් පවසන අතර එම ස්වල්ප දෙනා අතරට පත් වීමේ භාග්‍යය අත් කර ගැනීමට අප මෙම පහසු සුන්නතය පිළිපදින්නට අදියන් කර ගනිමු.

ප්‍රශංසා කිරීමට බොහෝ වචන ඇත.

අ- අල්හම්දූලිල්ලාහ් කසීරන් තය්යිබන් මුබාරකන් ෆිහි ගයිර මක්ෆීයින් වලා මුවද්දඉන් වලා මුස්තග්නන් අන්හු රබ්බනා (ග්‍රන්ථයඃ බුහාරි 5458 මෙය අබූ උමාමා රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි-

ආ- අල්හම්දූලිල්ලාහිල්ලදි කෆානා වඅර්වානා ගයිර මක්ෆීයින් වලා මක්ෆූරින් (ග්‍රන්ථයඃ බුහාරි 5459 මෙය අබූ උමාමා රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි-

ගයිර මක්ෆීයින් යනු තවත් කෙනෙකු මත ආධීන නොවීමයි.වලා මුවද්දඉන් යනු අල්ලාහ් විසින් අත්නොහිරන ලද පුද්ගලයා යනුය.වලා මග්ෆූර් යනු අල්ලාහ්ගේ ආශීරවාදයෙන් හා භාග්‍යවලින් ඈත් නොවුනු පුද්ගලයා යනුය.

brightness_1 ආහාර අනුභවක කරන විට කිහිප දෙනෙකු එක් වී කෑම

ආහාර අනුභවක කරන විට වෙන් නොවී කිහිප දෙනෙකු එක් වී කෑම සුන්නත්ය

පහත සඳහන් හදිස් මෙය සනාථ කරයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පවසනු තමා ඇසූ බව ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඑක් කෙනෙකුගේ ආහාරය දෙනෙකුට ප්‍රමාණවත්ය.දෙදෙනෙකුගේ ආහාරය සිව් දෙනෙකුට ප්‍රමාණවත්ය.සිව් දෙනෙකුගේ ආහාරය අට දෙනෙකුට ප්‍රමාණවත්ය.(ග්‍රන්ථයඃමුස්ලිම් 2059-

ඉමාම් තබරානී රහ්මතුල්ලාගේ දැන්වීමක් ඉබ්නු හජර් රහිමහුල්ලා සිය ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කරයිඃඑක්ව අනුභව කරන්න.වෙන් වී නොයන්න. නිශ්චය වශයෙන්ම එක් කෙනෙකුගේ ආහාරය දෙනෙකුට ප්‍රමාණවත්ය.(ග්‍රන්ථය තබරානි 7444/ 259/7 ආහාරය ප්‍රමාණවත් වන්නේ එක් වීමේ බරකතයෙහිය.මිනිසුන් වැඩිවන තරමට බරක තයද වැඩි වෙයි.ග්‍රන්ථය ෆතහ් 5392-

ඉමාම් ඉබ්නුල් කය්යීම් රහිමහුල්ලා මෙසේ පවසයි.ආහර අනුභව කරන්නට හෝ යමක් පානය කරන්නට ආරම්භ කරන විට අල්ලාහ්ට ස්තූති කිරීමෙහි විශ්ම ජනක බලපෑමක් ඇති වේ.මෙය එම ආහාරය ජීරණය වීම එම ආහාරවලින් නපුරු සිදූ වීම වැලැක්වීම ආදියෙහි මෙය පිළිබිඹු වනු ඇත.ඉමාම් අහ්මද් රහිමහුල්ලා මෙසේ පවසයිඃඑක් ආහාර වේලක කරුණු හතරක් එක් වුවහොත් එය පරිපූර්ණ වනු ඇත.ආරම්භයෙහි අල්ලාහ්ගේ නාමය සිහි කිරීම. අවසානයෙහි අල්ලාහ්ට ප්‍රශංසා කිරීම.එහි අත් අධික වීම සහ එය හලාල් ආහාරයක් වීම.(ග්‍රන්ථය සාදූල් මආද් 232/4-

brightness_1 ආහාර රසවත්ව ප්‍රියතමව තිබුනේ නම් ප්‍රශංසා කිරීම

ආහාර තෘප්තිමත්ව තිබුනොත් එය සැපයූ හෝ පිසූ අය ප්‍රශංසා කිරීම සුන්නාහ්වකි  

පහත සඳහන් හදිස් මෙය සනාථ කරයි ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃවරක් මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් එතුමන්ගේ නිවැසියන්ගෙන් හොදි ගෙනෙන මෙන් කීහ.එවිට නිවැසියන් නිවසේ තිබෙන්නේ විනාකිරි පමණක් යැයි කීහ. එය ගෙනෙන්නට කී මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-තුමානන් එය සමග අනුභව කරන්නට පටන් ගත්හ.පසුව විනාකිරි ඉතා හොඳ හොද්දකි යැයි පැවසූහ.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2052- 

ඉමාම් නවවී රහිමහුල්ලා රියාලූස් සාලිහීන් සිය ග්‍රන්ථයෙහි ‘ආහාරවලට දොස් නොකීම හා එය ප්‍රශංසා කිරීම’යනුවෙන් පාඩමක් ඇතුලත් කර තිබේ.

ඉබ්නු හුසෙයිමීන් රහිමහුල්ලා මෙසේ පවසයිඃ අනුභව කළ ආහාර තෘප්තිමත්ව තිබුනේ නම් එයට ප්‍රශංසා කිරීම මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ මගපෙන්වීමකි.උදාහර ණයකට කෙනෙකු දූන් රොටි හොඳ නම් අහවලාගේ රොටි හොඳයි යැයි කීම සුන්නත්ය.(ග්‍රන්ථයඃ ෂරහු රියාලිස්සාලිහීන් 1057/2-  

වත්මන බොහෝ නබි චර්යාවට පටහැනිවම ක්‍රියා කරති.ඔවුන් නබිතුමාගේ (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- සුන්නතය අත් හැරීමෙන් පමණක් නොනැවතී එයට ප්‍රතිවිරුද්දවද කටයුතු කරති.ආහාරයට දොස් කීම එහි අඩුපාඩු කීම ආදිය නබිතුමාගේ (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- මගපෙන්වීමට විරුද්ධය.අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් කිසිවිටෙක ආහාර පානවලට දොස් කීවේ නැත’එතුමන් කැමති නම් එය අනුභව කරනු ඇත.නැත්නම් නිහඩව එය අත්හරිනු ඇත.(ග්‍රන්ථයඃබුහාරි 3563 මුස්ලිම් 2064-

brightness_1 ආහාර හිමියාට හෙවත් සංග්‍රහ කළ පුද්ගලයාට දූආ කිරීම.

පහත සඳහන් හදීසය මෙය සනාථ කරයි අබ්දූල්ලාහ් ඉබ්නු බුස්ර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මාගේ නිවසට වරක් පැමිණියේය.එවිට අපි එතුමන්ට ආහාර පිරිනැමුවෙමු.එය අනුභව කරන විට රට ඉදි දෙන ලදී.රට ඉදි අනුභව කළ නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඇට කටින් පිට කරන විට දබරැඟිල්ල සහ මැදැඟිල්ල පිටින් තබා විසි කළෝය.පසුව එතුමන්ට පානයක් දෙන ලදී.පසුව මාගේ පියා අපට දූආ කරන්න යැයි ඉල්ලා සිටියේය.පසුව මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙසේ දූආ කළහඃඅල්ලාහුම්ම බාරිලක් ලහුම් ෆී මා රසක්ත හුම් වග්ෆිර්ලහුම් වර්හමහුම්.(ග්‍රන්ථයඃමුස්ලිම් 2042-

රට ඉදි ඇට කෙළ ගසන සුන්නත් ක්‍රමයක් දන්වා ඇත.එනම් ඇට කටින් පිට  කරන දබරැඟිල්ල සහ මැදැඟිල්ල පිටින් තබා විසි කිරීමයි.

උපවාසය රකින්නෙකු පවා ආහාර සත්කාරයකට ආරාධනා කරනු ලැබු විට ඔහු එයට ප්‍රතිචාර දැක්විය යුතුය.ඔහු එහි ගොස් අනුභව නොකළද ආරාධනා කළ තැනැත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සුන්නත්ය.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබගෙන් කෙනෙකු සංග්‍රහයකට අරයුම් කරනු ලැබුවහොත් ඔහු එයට යා යුතුයි. ඔහු එවිට උපවාසය රකින්නෙක් නම් එහි ගොස් ආරධනා කළ තැනැත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු අතර එවිට උපවාසය නොරකින්නෙකිනම් එහි ගොස් ආහර අනුභව කර ආරධනා කළ තැනැත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුය (ග්‍රන්ථය මුස්ලිම් 1431-

brightness_1 යම් ආහාරයක් බෙදන විට දකුණේ සිටින තැනැත්තාගෙන් ආරම්භ කළ යුතුය.

වම් පැත්තෙන් ආරම්භ නොකළ යුතුය.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් වරක් අපගේ නිවසට පැමිණ පානය කරන්නට යමක් ඉල්ලූවේය.අප එතුමන්ට එළ කිරි දොවා දූන්නෙමු.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් එය පානය කළේය.එසමයෙහි අබූබක්ර් රලියල්ලාහු අන්හුගේ වම් පැත්තේද උමර් රලියල්ලාහු අන්හු ඉදිරියෙන්ද දකුණෙන් ගැමි අරාබියෙකුද සිටියේය.නබි තුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- පානය කර අවසන් වූ විට උමර් රලියලලාහු අන්හු මේ අබුබක්ර්  යැයි අබුබක්ර් රලියල්ලාහු අන්හු දෙස පෙන්වුයේය.එනමුත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් අබුබක්ර් සහ උමර් අත්හැර අරාබි ගැමියාට පානය කරන්නට දී දකුණේ සිටින්නන්ය දකුණේ සිටින්නන්ය දකුණේ සිටින්නන්ය යැයි තෙවරක්ම පැවසූහ.පසුව අනස් මෙම දැන්වීමෙන් පසු මෙය සුන්නතයකි මෙය සුන්නතයකි මෙය සුන්නතයකි යැයි තෙවරක් කීවේය. (ග්‍රන්ථයඃ බුහාරි 2571  මුස්ලිම් 2029-

සහ්ල් ඉබ්නු සඅද් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃවරක් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට පානයක් දෙන ලදී. එවිට එතුමන් එය පානය කළෝය.එසමයෙහි දකුණෙහි කුඩා ළමයෙක් සහ වමෙහි වැඩිහිටියන් කිහිප දෙනෙකු සිටියෝය.එවිට නබිතුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ‘මොවුන්ට දෙන්නට ඔබලා මට අනුමැතිය දෙන්නේදැයි’ කුඩා ළමයාගෙන් ඇසුවේය.එවිට එම ළමයා ‘නැත අල්ලාහ් මත දිවුරා ඔබගෙන් ලැබෙන කිසිවක් මා අන් අය වෙනුවෙන් අත් නොහරිමි’යැයි කීවේය. එවිට මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් එම දරුවා අතින් ඔසවා තැබූහ. (ග්‍රන්ථයඃ බුහාරි 2605 මුස්ලිම්-

ඉමාම් නවවී රහිමහුල්ලා මෙසේ පවසයිඃඉහත හදිස්වලින් එක් සුන්නාවක් පැහැදිලි වන්නේය. එනම් සෑම හොඳ ක්‍රියාවකදීම දකුණ පෙරට කළ යුතුය යන්නයි.එය ආහාර පාන දීමටද අදාලය.පෙරටු කරනු ලබන්නා කුඩා දරුවෙකු වුවද තත්වයෙන් අඩු කෙනෙකු වුවද කම් නැත.මන්දයත් නබි තුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- අබූ බක්ර් රලියල්ලාහු අන්හුටත් වඩා අරාබි ගැමියෙකුට ප්‍රමූඛ ස්ථානය දූන්හ.(ග්‍රන්ථයඃ ෂරහුන්නවවී ලිමුස්ලිම්-

brightness_1 පානයක් පිරිනමන පුද්‍ගලයා එය පානය කළ යුත්තේ අවසානයටය

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි එක් දීර්ඝ හදීසයක අබූ කතාතා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃදිනක් නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- යම් පානයක් බඳූනකට වත් කර දූන් අතර මා එය මිනිසුන් අතර බෙදා දූන්නෙමි. අවසානයට ඉතිරිව සිටියේ එතුමන් සහ මා පමණි. පසුව නැවතත් එම පානය බඳූනකට වත් කර මෙය පානය කරන්න යැයි නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- පැවසූහ.එයට මා ‘ඔබ පානය කරන තෙක් මා පානය නොකරමි අල්ලාහ්ගේ දූතයානෙනි’ යැයි මා යටහත්ව පැවසුවෙමි.එයට නබිතුමන් නිශ්චය වශයෙන්ම පිරිසකට පානයෙන් සත්කාර කරන්නා එය පානය කළ යුත්තේ අවසානයෙහිය යැයි කී අතර මා එය පානය කළෙමි.පසුව එතුමන්ද පානය කළහ.(ග්‍රන්ථය මුස්ලිම් 681-

සැයුඃකිරි පානය කළ පසු මුඛයේ තිබෙන තෙල ඉවත් කිරීමට කට සේදීම සුන්නත්ය පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි ඉබ්නු අබ්බාස් මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් කිරි පානය කර පසුව ජලය ඉල්ලා මුඛය සේදූවෝය.පසුව නිශ්චය වශයෙන්ම එහි තෙල ඇත යැයි කීහ.(ග්‍රන්ථයඃ බුහාරි 211 මුස්ලිම් 358-

brightness_1 රාත්‍රි කාලයෙහි විවෘතව වූ භාජන වසා,ල්ලාහ්ගේ නාමය සිහි කිරීම.

රාත්‍රි කාලයෙහි විවෘතව ඇත භාජන වසා,වසා ඇති බඳූන් තදින් වැසිය යුතු අතර එවිට අල්ලාහ්ගේ නාමය සිහි කළ  යුතුය. 

පහත සඳහන් හදිසය මෙය සනාථ කරයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසනු තමා ඇසූ බව ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃභාජන වසා තබන්න.වතුර තිබෙන භාජනයට මූඩියක් දමන්න. නිශ්චය වශයෙන්ම වසරෙහි එක් රැයක් ඇත අතර එවිට රෝගයක් පහළ වේ.එම රෝගය වසා නොමැති භාජනයක් අසලින් හෝ මූඩියක් නොමැති වතුර භාජනයක් අසලින් ගියහොත් එම රෝගය එයට ඇතුල් වනු ඇත.(ග්‍රන්ථයඃ මුස්ලිම් 2014 තවත් දැන්වීමක ඔහු මෙසේද දන්වයි-ඃ ඔබගේ වතුර භාජනය මූඩි දමන්න. තවද අල්ලාහ්තේ නාමයද පවසන්න. තවද ඔබගේ බඳූන් වසා තබන්න. අල්ලාහ්තේ නාමයද පවසන්න. ඔබ වසන විට කුඩා යමක් හෝ භාජනය මත හරහා තබන්න. (ග්‍රන්ථයඃ බුහාරි 5623-

මෙසේ මූඩියක් දැමිය යුතුය යැයි නිර්දේශ කිරීමට හේතුව නිශ්චය වශයෙන්ම වසරෙහි එක් රැයක් ඇති අතර ඒ රැයෙහි රෝගයක් පහළ වේ.එම රෝගය වසා නොමැති භාජනයක් අසලින් හෝ මූඩියක් නොමැති වගුර භාජනයක් අසලින් ගියහොත් එය එම භාජනයට ඇතුල් වනු ඇත යන්නයි.මෙසේ වසා නොතබන ලද භාජනයෙන් ජලය පානය කිරීම නිසා කෙරතම් සංඛ්‍යාවකට රෝග ඇති වන්නට ඇතිද?එසේ ඔවුන් ලෙඩ වුයේ සුන්නතයක් අත් හැරීම නිසාය යනු කරුණ ඔවුන් නොදන්නවා විය හැක.ඕ අල්ලාහ් අපගේ ෂරීආව කෙතරම් උසස්ද?එය ගැත්තෙකුගේ සෞඛ්‍යයද ආරක්ෂා කිරීමට මග පෙන්වයි.

එහෙත් අපගෙන් බොහෝ දෙනෙකු නොසැලකි ල්ලෙන් සිටින නිසා අපගේ ධර්මයේ විශිෂ්ඨ බව නොදැන සිටින්නෙමු

මෙම සුන්නතය කෙරතම් දූරට ආරක්ෂා කළ යුතුය යන්නට ගසක ඉන්නක් මගින් හෝ එය හරහස් කරන්න යන කීමෙන් පැහැදිලි වේ.මේ බව එක් දැන්වීමක මෙසේ සඳහන් වී ඇත.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ජාබිර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබ නිදා ගන්නා විට පහන් නිවා ගන්න.දොරවල් වසන්න. භාජනවලට මූඩි දමන්න. ආහාර පාන තිබෙන භාජන ඉන්නකින් හරස් කිරීම පමණකින් හෝ වසා තබන්න ග්‍රන්ථයඃ බුහාරි 5624  

භාජනය වසා තැබීමට තවත් හේතුවක් හදීසයක් සඳහන් වෙයි.එනම් ආහාර පාන නාස්ති කිරීමට හා එය තමාට හිමි කර ගැනීමට ෂයිතාන් කෑදරයෙන් බලා සිටියි. මෙ ගැන නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- මෙසේ පවසා ඇතඃභාජනය වසන්න.භාජනවලට මූඩි දමන්න. දොරවල් වසන්න.පහන් නිවා ගන්න.නිහ්චය වශයෙන්ම ෂයිතාන් මූඩා දමා ඇති බඳූන්ව විවෘත කරන්නේ නැත.තවද වසා ඇති දොරවල් විවෘත කරන්නේ නැත.මූඩිය අරින්නේද නැත.  භාජනයක් වැසීමට ඔබට මූඩියක් ලැබුනේ නැත්නම් එය ඉනි කැබැල්ලකින් හෝ හරස් කරන්න හා අල්ලාහ්ව සිහි කරන්න (ග්‍රන්ථයඃ මුස්ලිම් 2012- 

මෙම හදීසය මගින් තවත් සුන්නයක් ගැන පැහැදිලි වන කරුණක් නම භාජනය වසන විට බිස්මිල්ලාහ් යැයි අල්ලාහ්ව සිහ කළ යුතුයි. මෙසේ කීම මගින් ෂයිතාන් පළවා හැරීමට හැකි වේ යන්නට කිසිදූ සැකයක් නැත.