languageIcon
search
search
brightness_1 පත සඳහන් දූආවන් ඉහ්තිදාලයේ පාරායණය කිරීම සුන්නත් වේ

ඉහ්තිදාලයේ දූආවන් කිහිපයක් පහත සඳහන් වී ඇත

අ-රබ්බනා ලකල් හම්දූ මිල්උස්සමාවාති වල් අර්ලි වමිල්උ  මා ශිහ්ත ම්න් ශයිඉන් බහ්දූ.අහ්ලූස්සනාඉ වලි මජ්දි වකුල්ලූනා ලක අබ්දූන්. අහක්කු මා කාලල් අබ්දූ.  වකුල්ලූනා ලක අබ්දූන් අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අහ්තයිත වලා මුහ්තිය ලිමා මනහ්ත වලා යන්ෆඋ සල් ජද්දු මින්කල් ජද්දූ (ග්‍රන්ථය මුස්ලිම් 477 මෙය අබූ සඊද්ගේ දැන්වීමකි-

ආ-අල්හම්දූලිල්ලාහ් හම්දන් කසීරන් තය්යිබන් මුබාරකන් ෆීහි මෙහි මහිමය ගැන මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙසේ පැවසූහඃ මෙම අමලය තමන් අතුරින් රැගෙන යන්නේ කවුරුන්දැයි මලාඉකාවරුන් 12 දෙනෙක් තරඟ කරනු මා දූටුවෙමි (ග්‍රන්ථය බුහාරි 799 මුස්ලිම් 600-

මෙම හදීසයම අනස් රලියල්ලාහු අන්හුගේ දැන්වීමක් ලෙසින් මුස්ලිම් ග්‍රන්ථයේද රිෆාඅ රලියල්ලාහු අන්හුගේ දැන්වීමක් ලෙසින් බුහාරියේද සඳහන්ව ඇත.  

ඇ-අල්ලාහුම් තහ්හිර්නී බිස්සල්ඡි වල් බර්දි වල් මාඉල් බාරිද්.අල්ලාහුම්ම තහ්හිර්නී මිනස්සුනූබි  කමා යුනක්කස් සව්බුල් අබ්යලූ මිනල් වසහ් (ග්‍රන්ථය මුස්ලිම් 476-.මෙවන් විස්තර අබ්දල්ලාහ් බ්න් අබ් අව්ෆා රලියල්ලාහු අන්හුගේ හදීසයේ සදහන්ය.

මේ සියලූ දික්රයන් පාරායණය කිරීම මගින් රුක්නය දීර්ඝ කළ හැකිය