languageIcon
search
search
brightness_1 මස්ඡිදයට කලින්ම යාම

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ කලින්ම මස්ඡිදයට යාමෙහි මහිමය ඔවුන් දැන ගත්තේ නම් එයට ඔවුන් තරඟ කරනු ඇත. (ග්‍රන්ථය බුහාරි 615 මුස්ලිම් 437-

කලින්ම යන්නට අරාබියෙන් තහ්ජීර් යනුු විශේෂ පදයක් භාවිතා කර ඇත

පෙර විද්වතුන් සලාතයට කලින්ම යාමට දැඩි උනන්දූවක් දැක්වූහ.සඊද් ඉබ්නු මුසය්යිබ් මෙසේ පවසයිඃ මා  මස්ඡිදයේ සිටින විට මිස වසර තිහක් මුඅද්දින් අදාන් පවසා නැත.(ග්‍රන්ථය ඉබ්නු අබී ෂයිබා 3522 තවත් දැන්වීමක වසර 30 පුරා මා මගේ නිවසියන් සමග එකට ඉඳ අදාන් ශ්‍රවනය කර නොමැත.(ග්‍රන්ථය ඉබ්නු සඅද් ෆිත්තබකාත් 131/5-

brightness_1 වුදූ සමග නිවසින් පිටවීමඃ මෙසේ කරන්නෙකුගේ පාසටහන් සියල්ල කුසල් බවට පත් කරනු ලැබේ

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්-තුමානන් පැවසූ බව අබූ හුරයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයි. කෙනෙකු තම නිවසේ හෝ වෙළඳසැලෙහි ඉටු කරන සලාතයට වඩා ජමාතය සමග ඉටු කරන සමූහ සලාතය විස්සකටත් වැඩි ගුණයක් තනතුරු ලබයි. මන්ද යත් ඔබගෙන් කෙනෙකු පූර්ණ ලෙස වුලූ කර සලාතය ඉටු කිරීමේ චේථනාවෙන් පමණක් මස්ඡිදයට පැමිණෙන විට මස්ඡිදය දක්වා වන ඔහුගේ සෑම පයසටහනක් වෙනුවෙන්ම තනතුරක් උසස් කරනු ලැබේ. තවද එමගින් ඔහුගේ එක් පාපය බැගින් සමා කරනු ලැබේ. ඔහුව මස්ඡිදයේ රඳවා තබන හේතුව සලාතය වනතාක් කල් ඔහු සලාතය ඉටු කරමින් සිටින්නෙකු ලෙසින්ම ගැනේ.තවද ඔහු සලාතයේ ස්ථානයේ වාඩි වී සිටින තාක්කල් ඒ අල්ලාහ් මොහුට ආශීර්වාද කරනු මැන  ඔහුව සමා කරනු මැන.ඔහුගේ පසුකතැවිල්ල පිළිගනු මැන යැයි මලාඉකාවරුන් ඔහුවෙන් ප්‍රාර්ථනා කරමින් සිටිනු ඇත.ඔහුගේ අදිනට පටහැනි යමක් කරන තෙක් හෝ ඔහුගේ වුලූ නැති වන තෙක් මෙසේ සිදූවෙමින් පවති. (ග්‍රන්ථය මුස්ලිම් 649-

brightness_1 මස්ඡිදයට ඇතුල් වන විට දකුණු පයද පිට වන විට වම් පයද තැබීම සුන්නත්ය.

අනස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ මස්ඡිදයට ඇතුල් වන විට දකුණු පයද පිට වන විට වම් පයද පෙරටු කිරීම සුන්නත් වෙයි ගන්ථය අල් හාකිම් 338/1- මෙය සදහන් කර ඉබ්නු උමර රලියල්ලාහු රන්හු තුමා දන්වා ඇති අතර එතුමාද මස්ඡිදයට ඇතුල් වන විට දකුණු පයද පිට වන විට වම් පයද පෙරටු කිරීම පිළිපෙදියේය.ආයිෂා රලියල්ලාහු අන්හා මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට සෑම දෙයකදම දකුණ පෙරටු කිරීම ප්‍රියජනකව තිබුනි. (ග්‍රන්ථය බුහාරි 168 මුස්ලිම් 268-

පොදූ රීතිය ගරුකටයුතු දේ සියල්ල දකුණෙන්ද එයට පටහැනි දේ වමෙන්ද කළ යුතුය යන්නයි. මෙම දෙකට යටතේ නොවන කරුණක් නම් එයටද දකුණ පෙරටු කිරීම උචිතය.

brightness_1 පිරිමින් පළමු පේලියට ඉක්මන් වීම ඔවුන්ට සුන්නත් වෙයි

පිරිමින් පළමු පේලියට ඉක්මන් වීම ඔවුන්ට සුන්නත් වෙයි.තවද ස්ත්‍රීන්ට අවසාන පේලිය සුන්නත් වේ.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරයිරා මෙසේ දන්වයිඃපිරිමින්ගේ උසස්තම පේලිය පළමු පේලියයි. ඔවුන්ට ඉතාම නරකම පේලිය අවසාන ඒවාය ස්ත්‍රීන්ට උසස්ම පේලිය අවසාන පේලිය වන අතර නරකම පේලිය ඉදිරි පේලිය. (ග්‍රන්ථය මුස්ලිම් 440- 

උසස්තම පේලිය යනු කුසලින් අධික වන ඒවා අතර නරකම පේලි කුසලින් අඩු ඒවාය.මෙම හදීසය සැලකිල්ලට ගත යුත්තේ ස්ත්‍රී පුරුෂ පාර්ශව දෙකම එකම ශාලාවක සලාතය ඉටු කරන විට පමණි. එය හැර මෙම පාර්ශව දෙක අතර තිරයක් තිබේ නම් ස්ත්‍රීන්ටත් උසස්තම පේලිය වන්නේ ඉදිරි පේලිය. මන්දයත් පොදූවේ පළමු පේලිවලට හදිස්වල කුසල් වැඩියෙන් පවසා ඇත. 

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූ හුරයිරා රලියල්ලාහු අන්හා මෙසේ දන්වයිඃ අදාන් පැවසීමේ හා මුල් පේලියේ අගය කුලිය මිනිසුන් දැන සිට එය සඳහා අවස්ථාව ලද හැක්කේ  කුසපත් ඇදීමෙන් පමණක් යැයි තිබුනහොත් කුසපත් ඇදීමට වුවද ඔවුන් ඉදීරිපත් වනු ඇත.කලින්ම මස්ඡිදයට පැමිණීමේ කුලිය මිනිසුන් දන්නේ නම් එය සඳහා තරඟ කරනු ඇත. තවද ඉෂා සහ ෆජ්ර් සලාතය සඳහා වන කුලිය මිනිසුන් දන්නේ නම් බඩගාගෙන හෝ ඔවුන් මස්ඡිදයට පැමිණෙනු ඇත. (ග්‍රන්ථය බුහාරි 615 මුස්ලිම් 437- 

ජාබිර් ඉබ්නු සමුරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃවරක් නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- අප වෙත පැමිණ මලාඉකාවරුන් ඔවුන්ගේ රබ් ඉදිරියේ පේලි සාදා ගන්නාක් මෙන් ඔබත් පේලි සාදා නොගන්නේද? යැයි ඇසුවේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයානනි මලාඉකාවරුන් ඔවුන්ගේ රබ් ඉදිරියේ කෙසේ පේලි සකසා ගන්නේද?යැයි ඇසුවෙමු.එයට නබිතුමන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- ඔවුන් පළමු පේලිය පරිපූර්ණ කරන්නෝය. තවද ඔවුන් පේලියේ උරෙනුර ගැටී සිටිති (ග්‍රන්ථය මුස්ලිම් 430-මෙයින් පේලියේ පේලියේ උරෙනුර ගැටී සිටිමද සුන්නතය වන්නේය.

ඉමාම් නවවී රහුමතුල්ලා මෛස් පවසයිඃකුලියෙන් අධික වන්නේ පළමු පේලියයි.එයින් පසුව ඊළඟ පේලියයි ආදී වශයෙන් කූලීය අඩු වනු ඇත. තවද ස්ත්‍රීන්ද තනියෙන් සලාතය ඉටු කරන විට ඔවුන්ගේ පේලිවලටත් මෙය අදාල වෙයි.නමුත් ස්ත්‍රී පුරුෂ පාර්ශව දෙකම තිරයක් නොමැතිව එකම ශාලාවේ සලාතය ඉටු කරන විට ස්ත්‍රීන්ට උසස් වන්නේ අවසාන පේලිය.ඃ පිරිමින්ගේ උසස්තම පේලිය පළමු පේලියයි.ඔවුන්ට ඉතාම නරක පේලිය අවසාන ඒවායත ස්ත්‍රීන්ට උසස්ම පේලිය අවසාන පේලි වන අතර නරකම පේලි ඉදිරි පේලිය.(ග්‍රන්ථය මුස්ලිම් 440-.පෙහැදිලිවට බ්න්බාස් රහ්මතුල්ලා තුමාගේ මඡ්මූං ෆතාවා බලන්න.(4"192-193- මඡ්මූං ෆතාවා බ්න් උසයමීන්(13"36-  

brightness_1 මංමූන් ඉමාම්ට සමීපව සිටිය යුතුය.

ඉහත සඳහන් හදීස් මෙය සනාථ කරනවා සේම මංමුන්ට පළමු පේලිය උසස් වන අතර එය ඉමාම්ට දකුණු වම් පැත්තට යනුවෙන් පේලිය සකසා ගත යුතු අතර ඔහුට වඩා සමීප වන තරමට කුසල් වැඩි වන්නේය.

පහත සඳහන් හදීසය මෙය සනාථ කරයි

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මසූද් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ දැනුම සහ ඥාණය තිබෙනවුන් මට සමීප වෙත්වා (ග්‍රන්ථය අබූදාවුද් 674 තිර්මිදී 228- ඔහුට වඩා සමීපව සට්න ලෙස පවසා ඇත.මෙයින් සනාඵ වන්නේ දිසාව කෙසේ වූවත් ඉමාම්ට සමීපව සිට්මය.  

ඉබ්නු මුෆ්ලිහ් රහ්මතුල්ලා මෙසේ පවසයිඃ දකුණ පසෙහි ඉමාම්ට ඈත්ව සිට්න්නා වම් පසෙහි ඉමාම්ට සමීපව සිටින්නාට වඩා උසස් කුසලින් නොවේ.(ග්‍රන්ථය ෆුරූහ් 407"1 (මෙහි අරුත වන්නේ වමට වඩා දකුණට වැදගත් කමක් පේලි විෂයයෙහි නොසලකන බවයි- 

කුර්ආනය සහ සුන්නාව පිළිපැද නරක නූතණ දේවලින් ඈත් වන්නන් බවට අල්ලාහ් අපව පත් කරත්වා ආමීන්.