languageIcon
search
search
brightness_1 මිස්වාක් කිරීම

මෙය වුලු කිරීමට පෙර කළ යුතුයි.වුලු කිරීම සුන්නත් වන දෙවන ස්ථානය මෙයයි.ප්‍රථම ස්ථානය නින්දෙන් අවඳී වූ විගස යැයි ඉහත සඳහන් විය.නබි තුමානන් පැවසූ බව අබූ හුරයිරා (රලියල්ලාහු අන්හු- පවසයි.මාගේ සමූයහාට අපහසු තාවයක් නොවන්නේ නම් වුලු කරන සෑම විටම මිස්වාක් කිරීම මා අනිවාර්‍ය කරන්නෙමි. (ග්‍රන්ථය,අහ්මද් 9928 අල් හාකිම් 245/1"බින් කුසෙයාමා.1/73/140"හාකිමි.1/245-

තවත් දැන්වීමක ආයිෂා තුමිය මෙසේ පවසයි අපි නබි තුමාට මිස්වාකය සහ වුලු කිරීමට ජලය සූදානම් කර තබන්නෙමු.අල්ලාහ් ඔහුව රාත්‍රියෙහි අවඳී වීමට පතන කාලයක් ඔහු අවඳී වේ.ඔහු මිස්වාක් කර පසුව වුලු කර සලාතය ඉටු කරයි .( ග්‍රන්ථය මුස්ලිම් 746-

brightness_1 මැණික කටු දක්වා දෙඅත් තුන් වර බැගින් සේදීම

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් වුලූ කළ ආකාරය පැහැදිලි කරමින් උස්මාන්  රලියල්ලාහු අන්හු මෙසේ කර පෙන් වුයේයඃඔහු වුලූ සඳහා වන ජලය රැගෙන එන මෙන් පැවසුවේය.පසුව වුලූ කිරීමට ආරම්භ කළ විට මැණික් කටුව දක්වා දෙඅත් තෙවර බැගින් සේදූවේය.අවසානයෙහි මෙසේ පැවසුවේයඃ මා කළ සේම මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ද වුලූ කරනු මා දූටුවෙමි.  ග්‍රන්ථය බුහාරි 164 මුස්ලිම් 226

එසේ වුවද මැණික් කටුව දක්වා සේදීම අනිවාර්ය යැයි ගත නොහැක.මන්ද යත් අල්ලාහ් ශුද්ධ කුර්ආනයේ මෙසේ පවසයි.විශ්වාසිකයිනි ඔබ සලාතයට සූදානම් වුවහොත් (එයට පෙර- ඔබගේ මුහුණුද" වැළමිට දක්වා ඔබගේ අත්ද සෝදා ගන්න -සූරා මාඉදා 6 මහි මැණික් කටුව දක්වා සේ§මක් ගැන සඳහන් වන්නේ නැත. 

brightness_1 අත් දෙක සහ පාද දෙක සෝදන විට දකූණ පෙරටු කළ යුතුය.

ආයිෂා රලියල්ලා අන්හා තුමිය මෙසේ පවසයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට සෙරෙප්පු පැළඳී මේ දී හිස් පීරීමේ දී පවිත්‍ර වීම මෙවැනි සෑම ක්‍රියාවල දී  දකුණ පෙරටු කිරීම ප්‍රියජනකව තිබුනි.(ග්‍රන්ථය බුහාරි 168 මුස්ලිම් 268-  

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූහුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃඔබ වුලූ කරන විට දකුණෙන් ආරම්භ කරන්න,ග්‍රන්තය අබූදාවුද් 4141 ඉබ්නු හුසෙයිමා මෙය සහීහ් හදීස් දැන්වීමක් යැයි පවසයි. 90/1. ඉමාම් නවවී මෙය හසන් හදීස් දැන්වීමක් යැයි පවසයි.ග්‍රන්ථය අල් මජ්මු 382/1   

ඉබ්නු කුදාමා  රහ්මතුල්ලා මෙසේ පවසයිඃදකුනින් ආරම්භ කිරීම මුස්තහබ් යන්නෙහි විද්වතුන් අතර මතභේදයක් නැත.(ග්‍රන්ථය අල් මුග්නි 120/1-

brightness_1 උපවාසය රකින්නෙකු නොවේ නම් මුඛය හා නාසයට හොදින් ජලය යවා සේදිය යුතුය.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව ලකීත් ඉබ්නු සබ්රා මෙසේ දන්වා සිටියිඃ වුලූ පූර්ණ ලෙසින් කරන්න.ඇඟිලි අතරට ඇඟිලි යවා හොඳීන් සෝදන්න. උපවාසය රකින්නෙකු නොවේ නම් නාසය හොඳීන් සෝදන්න ග්‍රන්ථය අහ්මද් 17846 අබූදාවුද් 142 ඉබ්නු හජර් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි ග්‍රන්ථය අල් හිසාබා 15/9 මුඛය සේදීම හොඳීන් කළ යුතුයි යන්න වුලූ පරිපූර්ණ කරන්න යන්නෙහි ගැබ්ව ඇත.  

ඉබ්නු හුසෙයිමීන් රහ්මතුල්ලාහ් මෙසේ පවසයිඃ මුඛය සේ දීමේ දී මුඛය ඇතුලත පුරාම ජලයෙන් තෙමිය යුතුය.නාසය සේ දීම යනු ජලය නාස්පුඩු අසලට ගෙන එය ඇතුලට ඉරීමයි.එනමුත් උපවාස රකින්නෙක් නම් මෙය තඳීන් කිරීම හොඳ නැත.ඇයිද යත් එනිසා ජලය ශරීරගත වී ඔහුගේ උපවාසය අවලංගු වීමේ අවදානම ඇත. (ග්‍රන්ථය මුම්තිහ් 171/1-වුලූ පරිපූර්ණ කරන්න යන්නෙහි අදහස අනිවාර්යෙන් සේදිය යුතු අවයවන් නිසි ලෙස සෝදා පසුව සියඵම සුන්නත් ක්‍රියාව ඉටු කිරීමයි.අසීරු වේලාවල වුලූ පරිපූර්ණ කිරීමට උසස් කුලියක් ඇත. උදාහරනයක් හැටියට අදික ශීතල කාලවල උනු ජලය භාවිතා නොකර වුලූ කිරීම සඳහන් කළ හැකිය.තවත් උදාහරනයක් නම් උෂ්ණ කාලවල උණු ජලයෙන් වුලු කිරීමයි.මේ අවස්ථාවල වුලූ පරිපූර්ණයෙන් කළහොත් ඔහුට තම තනතුරු වැඩි කර ගත හැකි අතර ඔහුගේ පාප නැති කර ගත හැකිය

පහත සඳහන් හදීසය මෙය සනාථ කරයි

අබූහුරෙයිරා  රලියල්ලාහ් අන්හු මෙසේ දන්වයිඃඅල්ලාහ් ඔබගේ පාප මකා දමා ඔබගේ තනතුරු උසස් කරන කාරණයක් මා ඔබට දන්වන්නද? යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ඇසූ විට දන්වන්න නබිතුමනි යැයි සහාබාවරුන් ඉල්ලා සිටිහය. අසීරු අවස්ථාවල වුලූ පරිපූර්ණව කිරීම වැඩියෙන් අඩි තබා මස්ðදයට යාම එක් සලාතයකට පසු තවත් සලාතයක් බලාපොරොත්තුවෙන් සිටීම. සත්‍ය වෑයම් කිරීම මෙයයි.(ග්‍රන්ථය මුස්ලිම් 251-

brightness_1 පරිපූර්ණ සුන්නත් පිළිවෙත අනුව හිස ජලයෙන් තෙත් වූ අත්ලෙන් පිරිමැදිය යුතුය.

එම පිළවෙත නම් -මසහ්- හෙවත් තෙත් කර ගත් අත්ල දෙක නළලට ඉහලින් කෙස් වැඩීම ආරම්භ වන රේඛාවේ සිට හිස පිටුපස දක්වා ගෙනයාම සහ ආරම්භ කළ ස්ථානයට එම අත් දෙක නැවත ගෙන ඒමයි.ස්ත්‍රීන්ට මෙය සම්බන්ධ සුන්නතයද මේ ආකාරයටම වන නමුත් පිටුපස ඇති ඔවුන්ගේ වරලස පුරාම තෙමීම අවශ්‍ය නොවේ.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන්ගේ වුලූ ආකාරය පැහැදිලි කරන විට අබ්දූල්ලාහ් ඉබ්නු සයිද් රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃමසහ් කිරීමේදී හිසෙහි ඉදිරියෙන් ආරම්භ කර හිස පසුපස දක්වා ගෙන ගොස් නැවත ආරම්භ කළ ස්ථානයට එම අත් දෙක නැවත ගෙන එති. (ග්‍රන්ථය බුහාරි 185 මුස්ලිම් 235-

brightness_1 අවයව සේදීමේදී තුන් වර බැගින් සේදීම

පළමු වතාවට සේදීම අනිවාර්ය වෙයි. දෙවෙනි සහ තුන්වෙනි වතාවන් සුන්නත් වන අතර තුන් වරකට වඩා නොකළ යුතුය

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃමුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් වුලූ කරන විට අවයව සේදූවේ එක් වර බැගිනි.(ග්‍රන්ථය බුහාරි 157- තවත් දැන්වීමක මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් අවයව දෙවතාවක් සේදූවේය යැයි සඳහන් වී ඇත.(ග්‍රන්ථය බුහාරි 158-. තවත් දැන්වීමක අවයව තුන් වර බැගින් සේදූවේය යැයි සඳහන් වී ඇත.(ග්‍රන්ථය බුහාරි 159-.මෙසේ වෙනස් දැන්වීම් කිහිපයක්ම තිබෙන හෙයින් මෙම දැන්වීම් සියල්ලම අනුව කටයුතු කිරීම උචිතය.තවත් අවස්ථාවල එක් අවයවයක් වරක්ද තවත් අවයවයක් දෙවරක් සහ තෙවරක් බැගින්ද මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් සෝදා ඇත.එසේ වුවද උපරිම වාර ගනන තෙවර එතුමන් කිසිවිටෙක ඉක්මවූයේ නැත.එම හේතුකොට මෙවන් අවයයන් සේදීමෙදී එහි සං්‍යාව මාරුවෙන් මාරුවට  ක්‍රියා කිරීම ඉතා උචිතය. සමහර අවස්ථාවල එක්වරක්. සමහර අවස්ථාවල දෙවරක්.සමහර අවස්ථාවල තුන්වරක්. සමහර අවස්ථාවල සං්‍යා වෙනස් කිරීම උදාහර ණයට මුහුන තුන්වරක්" දෙඅත් දෙවරක්" කකුල එක් වතාවක් මෙන් ක්‍රියා කිරීම තවත් අබ්දූල්ලාහ් ඉබ්නු සයිද් රලියල්ලාහු අන්හු තුමාගේ හදීසයේ සදහන් ඇති පරිදිය.(ග්‍රන්ඵය. සාදල් මආද්192/1- නමුත් තුන් තුන් වතාවක් ඵය පරිපූර්ණ කිරීම තමා ඉතා උසස්  පිළාපැදීමක් හා මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ සුන්නතයක්ද වන්නේ.

brightness_1 හදීස්වල සඳහන්ව ඇති සුන්නත් දූආව පාරායණය කිරීම.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව උමර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ ඔබගෙන් කෙනෙකු පරිපූර්ණ ලෙස වුලූ කර පසුව අෂ්හදූ අන්ලාඉලාහ ඉල්ලල්ලාහ් වඅන්න මුහම්මදන් අබ්දූල්ලාහි වරසූලූහු යැයි පැවසුවහොත් ස්වර්ගයේ දොරවල් අටම ඔහු වෙනුවෙන් විවෘත වන අතර ඔහු කැමති ද්වාරයකින් ස්වර්ගයට ඇතුල් විය හැකිය (ග්‍රන්ථය මුස්ලිම් 234-

තවත් හදීස් දැන්වීමක අබූ සයීද් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයිඃ කෙනෙකු වුලූ කර අවසන් වූ පසු සුබහානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදූ අන්ලා ඉලාහ ඉල්ලා අන්ත වඅතූබූ ඉලෙයික්.යැයි පැවසුවහොත් ඔහුගේ යහක්‍රියා මුද්‍රා තබනු ලැබ අර්ෂයටත් වඩා ඉහළින් ඔසවා තබනු ලැබේ. එම මුද්‍රාව කියාමත් දිනය දක්වා කඩනු නොලැබේ (ග්‍රන්ථය නසාඊ අමලූල් යව්මි වල්ලෙයිලා 147 අල්හාකිම් 752/1 ඉබ්නු හජර් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි. ග්‍රන්ථය අල් අෆ්කාර් 246/1- මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් දක්වා නිසි ආකාරව නොතිබුනට මෙසේ දැනුමක් මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් හැර වෙන කිසිවෙකුට කිව නොහැකිය. එම නිසා මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගෙන් දන්වා ළද අංගයකි.  

වුලූ කරන සෑම මුස්ලිම්වරයෙකුම තමා ඉතා අගනා මහිම තුනක් ඇති ඉබාදතයක් කරන්නට යන බව සිතා ගත යුතුය.පළමුවැන්න එය අල්ලාහ්ගේ සෙනෙහයට හේතු වේ. දෙවැන්න එය ඔහුගේ පාප සමා කරන්නට හේතු වේ.තුන් වැන්න කියාමත් දිනයෙහි වුලූ කළ අවයවවලට ආභරණ පළඳවනු ලැබීම. අල්ලාහ් මෙසේ පවසයිඃ නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව අයදින්නන්  ප්‍රිය කරන්නේය. තවද පවිත්‍රවන්තයන්වද (ඔහු-  ප්‍රිය කරන්නේ ය.(අල් බකරා 222 - මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසු බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු මෙසේ පවසයිඃ එක් විශ්වාසිකයෙකු වුලූ කරන විට මුහුණ සෝදන අවස්ථාවෙහි ඔහු දසුනෙන් කළ සෑම පවක්ම ජලය සමග හෝ එහි අවසාන බින්දූව සමග නැති වී යනු ඇත. ඔහු අත සෝදන විට අතින් කළ සෑම පවක්ම ජලය සමග හෝ එහි අවසාන බින්දූව සමග නැති වී යනු ඇත. තවද ඔහු පය සෝදන විට පයින් ගමන් කිරීමෙන් ඔහු කළ සෑම පවක්ම ජලය සමග හෝ එහි අවසාන බින්දූව සමග නැති වී යනු ඇත.(ග්‍රන්ථය මුස්ලිම් 244 අබූහුරෙයිරා මෙසේ පවසයිඃ- මාගේ සෙනෙහව න්තයා මෙසේ පැවසුවේයඃ විශ්වාසකයාගේ වුලූ යන සෑම තැනකටම ආභරණ ආලෙ`ක එනු ඇත (ග්‍රන්ථය මුස්ලිම් 250-