languageIcon
search
search
brightness_1 ලුහර්හි පළමු වන රකආතය දීර්ඝ කිරීමේ සුන්නතය

දෙවන කරුන ලූහර්හි පළමු වන රකආතය දීර්ඝ කිරීමේ සුන්නතය.

අබූ දර් රලියල්ලාහු අන්හු මෙසේ පවසයි.නබි(සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ලුහර් සලාතය ඉටු කරන්නට ආරම්භ කළ විට යම් කෙනෙකු බකීහ් නම් ස්ථානයට ගොස් තම අවශ්‍යතාවය පරිපූර්ණ කර පසුව  වුලූ කර නබි තුමානන් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- වෙත පැමිනෙන විටත් නබි තුමානන් පළමු රකආතයේම  දීර්ඝ  කරමින් සිටී.(ග්‍රන්ථය මුස්ලිම් 454-

එබැවින් ඉමාම්වරයා ලුහර් සලාතයේ ප්‍රථම රකආතය  දීර්ඝ කිරීම සුන්නත් වේ.එසේම තනියෙන් සලාත් කරන්නන්ට මෙන් නිවසෙහි සලාත් කරන්නා ස්ත්‍රීන්ටද මෙමය සුන්නතයක් වන බැවින් මෙය සැලකිල්ලට ගත යුතු කරුනකි.සුන්නතයන් පරිපූර්ණ ආකාරයට පිළිපන්නන් බවට අපව පත් කරන මෙන් අපි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.

brightness_1 දැඩි උෂ්ණ කාළයෙහි උෂ්ණත්වය අඩු වන තුරු ලූහර් සලාතය ප්‍රමාධ කිරීම

සිව් වනි කරුන දැඩි උෂ්ණ කාළයෙහි උෂ්ණත්වය අඩු වන තුරු ලූහර් සලාතය ප්‍රමාධ කිරීම.

පහත සඳහන් හදීස් මෙය සනාථ කරයි

අබූ හුරයිරා  රලියල්ලාහු අන්හු මෙසේ පවසයි.උෂ්ණත්වය දැඩි වුයේ නම් ඔබලා (ලූහර්- සලාතය ප්‍රමාද කරන්න.නියත වශයෙන්ම මෙම උශ්ණත්වය නිරයේ දැල්වීම නිසාය.(ග්‍රන්ථයඃ බුහාරි 534 සහ 533 මුස්ලිම් 615-

මෙම හදීසය අමල් කිරීම පිනිස ඇතැම් මිනිසුන් උෂ්ණ දවස්වල ලූහර් සලාතය පැය භාතයක් පමන ප්‍රමාධ කරති.එනමුත් මෙම වේලාවෙහි උශ්ණත්වය තවත් දැඩිව තිබෙනු ඇත.මෙම හදීසයේ පවසා ඇති ප්‍රමාද කිරීම කරන්නට නම් අසර් සලාතයට පැයකට මෙන් ආසන්න වන තුරු ප්‍රමාධ කළ යුතුයි යනුවෙන් බ්න් උසෙයිමින් රහුමතුල්ලා පවසයි.(අල් මුමිතිං 2/104-

අබූ හුරයිරා  රලියල්ලාහු අන්හුගේ හදීසය පරිදි.මෙසේ ප්‍රමාධ කිරීම ජමාත් වශයෙන් ඉටු කරන්නන්ට විශේෂ සුන්නතයක් වන අතර තනියෙන් සලාත් කරන්නාට හා ස්ත්‍රීන්ටද සුන්නත් වේ. ශයික් ඉබ්නු උසයිමීන්ගේ මතයද මෙයයි.